ආණ්ඩුව අමු අමුවේ සිර මැදිරි තුළ සිරකරුවන් මරා දැම්මා..- වජිර

December 4, 2020 at 6:32 am | lanka C news
ආණ්ඩුව අමු අමුවේ සිර මැදිරි තුළ සිරකරුවන් මරා දැම්මා..- වජිර

‘වත්මණ් ආණ්ඩුව අමු අමුවේ සිර මැදිරි තුළ සිරිකරුවන් මරා දැම්ම හමුවේ ජාත්‍යන්තර මානව හිමිකම් දක්වා මේ රැගෙන යන්නට හැකි කටයුත්තක් වශයෙන් තමයි අපි දකින්නේ.ජනතාව වැරදි කරනවා.ඒ අය පුනරුත්තාපනය කරන්නට ආණ්ඩුව බැදි සිටිනවා’ යැයි,ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා එසේ ප්‍රකාශ කළේ ගාල්ලේ දී පැවැති මාධ්‍ය හමුවක දීය.

ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මෙසේ ද කීය.

ආණ්ඩුවට ගහන්න හැකි අවි ආණ්ඩුව විසින්ම විපක්ෂයට සකස් කර දී තිබෙනවා.මේ අනුව,ඉඩ ලද අවස්ථාවක දී ඒවා උපයෝගි කරගෙන ආණ්ඩුව විසින්ම සකස් කර දී ඇති අවි වලින්ම ආණ්ඩුවට ගහන්නට අපි පියවර ගත යුතුයි.ඒ සඳහා අවස්ථාවක් ලද ප්‍රථම අවස්ථාවේදීම එය අප විසින් සිදුකරන්නට කටයුතු කරමින් සිටිනවා.

එජාප ඉදිරි දැක්ම සඳහා තව දුරටත් අපගේ පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා සිටිය යුතු බව අපේ හැගීමයි.රටට වාගේම එජාපට ද නායකත්වයක් දියහැකි නායකයා වන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා බව කියන්නට කැමැතියි.රනිල් වික්‍රමසිංහ මහතා පස් වතාවක් මේ රටේ අගමැති වුනා. ඒ නිසා එතුමා කිසි විටක බංකොලොත් වු එජාප මතු පරපුරට දෙන්නට සුදානම් නෑ එ.ජා.ප නිසි පරිදි සකස් කර එය ජනතාවට ලබා දෙන්නට එතුමා කටයුතු කරනවා.අනාගත පරපුරට ශක්තිමත් දේශපාලන පක්ෂයක් උරුමකරන්නට අප නායක තුමා හා අප පක්ෂයේ සියලුම දෙනා කටයුතු කරමින් සිටිනවා.

මේ ආණ්ඩුව, ජනතාවට සහන ලබාදෙන්නේ නැ.අඅවැය තලින්ද සහනයක් ලබාදෙන්නට හැකියාවක් ලැබුනේ නෑ. ජනතාව අන්ත අසරණතාවයක්ට පත්ව සිටිනවා.මේ ආණ්ඩුව ජනතාවට කන්න දෙන්නේ නෑ මේ ආකාරයට ගිය හොත් ඉදිරියේ දී ලංකාවම දැඩි අපහසුතාවයක්ට පත්ව ජනතාව නැත්තටම නැති වෙනවා.ජනතාවට ඉදිරියේ දි පස් කන්න තමයි සිදු වන්නේ.රට ඉතාම නරක තැනකට මේ ආණ්ඩුව රැගෙන ගොස් තිබෙනවා.

ආණ්ඩුත් විපක්ෂයත් නියමාකාරයෙන් කටයුතු කරන්නේ නැ විපක්ෂයේ කාර්යභාරය නිසි පරිදි විපක්ෂය සිදු කරන්නේ ද නෑ.විපක්ෂයේ කාර්ය බාරය සිදු කරන්නේ නෑ වාගේම ඒ අය රටට කළ ඇති බරපතල තත්වයක්ද ඇති කර තිබෙනවා.

නමුත් එජාප මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිනවා.මේවාට විසදුම් සොයන්නට හැකියාවක් ඇත්තේ අප එ.ජා.ප ට පමණයි කියා කියන්නට කැමැතියි.

රට ඉතාම අවාසනාවන්ත තැනකට පත්ව තිබෙනවා. සිරිකරුවන්ට සිදුකළ කටයුත්තට ආණ්ඩුව වගකිව යුතුයි. ආණ්ඩුව සිදුකළ සියලුම දේ තුලින් ද ආණ්ඩුවේ අසාර්ථකත්වය පෙන්වාදිය හැකියි. මේය ජනතාව හොඳින් දැනගෙනයි සිටිනේ.

සිරකරුවන් මරා දැම්ම හමුවේ ජාත්‍යන්තර මානව හිමිකම් දක්වා මේ රැගෙන යන්නට හැකි කටයුත්තක් වශයෙන් තමයි අපි දකින්නේ.ජනතාව වැරදි කරනවා.ඒ අය පුනරුත්තාපනය කරන්නට ආණ්ඩුව බැදි සිටිනවා. නමුත්, ආණ්ඩුවට වැරදි කරන්නට බෑ.එය වැරදියි.එහෙම කරන්නට ජනතාව ඒ අයට බලයක් දුන්නේ නෑ.මේ සිරකරුවන් මරා දැම්ම නිසා ලංකාව කොන් වෙනවා.ජාත්‍යන්තරයේ අප රට අප කිර්තියට පත් වෙනවා. මේවා හොඳ වැඩ නොවෙයි. මෙය ඉතා බරපතල කාරණාවක් වශයෙන් සඳහන් කරන්නට හැකියි.මේ ප්‍රශ්ණය සම්බන්ධයෙන් ආණ්ඩුව විහිළු සපයනවා.ඒ විහිළු කතා කියා සිරකරුවන් මරා දැම්මේ මේ වගකිමෙන් ආණ්ඩුවට නිදහස් වෙන්න බෑ. වගකිව යුතු ආණ්ඩුවක් වශයෙන් ජනතාවට රටට, ලෝකයට, විහිළු සපයන්න හැකියාවක් නෑ.

– ඒ.ඩබ්ලිව්. ඒ නිමල්

14,482 views

16 Comments to “ආණ්ඩුව අමු අමුවේ සිර මැදිරි තුළ සිරකරුවන් මරා දැම්මා..- වජිර”

  1. media says:

    බොලාගේ යහපාලනය හොද කම නිසා හිරේට ගිය උන් එතන ඇති. රටක් පාලනය කරන්න රනියට පුථවන්ද ? තමන්ගේ පක්ෂය පාලනය කරගන්න බැරි පක්ෂය දිනවන්න බැරි උන්ගේ හරක් වැඩ නිසයි හිර ගෙවල් පිරිලා තියෙන්නේ .

  2. Sam Fernando says:

    This liar must be prosecuted. We clearly witnessed how the two parties attack each other. These third class politicians are trying to fish in troubled waters. If they carry on such mud slinging rhetoric, people will not give them the seats that they have today.

  3. තොපේ u.n. p. ආණ්ඩුව කොල්ලෝ 60000ක්‍ මැරුවේ වේල වේල වෙන්නැති. අපි දැක්ක වීඩියෝ වල කාලකන්නි 2×2 පොලුවලින් කෙළගෙන මරාගත්ත හැටි, පාලනය වෙන්නේ නැත්නම් පාලනය කරන්න තමයි නිලධාරීන්ට උනිෆෝම් අන්දවලා ආයුධ අතට දීල තියෙන්නේ

  4. John the baptice says:

    මුට බටලන්ද ගැන අමතවෙලා වගේ

  5. Dikman Aiyya says:

    ….Mun set ekam inne PATTA DUKEN,….GU and PEE no more in the parliament,…gan adalaaa wadak naha machoooo

  6. Lawlord says:

    This potical extremist who was voted out by the people spreading lies and utter lies to please his international human rights vendors and separatist diaspora elements. This man must be questioned and prosecuted under all possible laws

Main News