ආණ්ඩුව උතුරේ දෙමල බහුතරය වෙනස් කරනවා.. සිංහලයන් පදිංචි කරවනවා.. දෙමල ඉඩම් කොල්ලකමින් ඔවුනට දෙනවා..

March 26, 2021 at 1:20 pm | lanka C news
ආණ්ඩුව උතුරේ දෙමල බහුතරය වෙනස් කරනවා.. සිංහලයන් පදිංචි කරවනවා.. දෙමල ඉඩම් කොල්ලකමින් ඔවුනට දෙනවා..

උතුරු පළාතේ ඉඩම් වෙනත් පළාත්වල සිංහල ජනතාවට බෙදා දෙමින් ආණ්ඩුව උතුරු පළාත තුළ දෙමළ ජන සංයුතිය වෙනස් කිරීමේ උත්සාහයක සිටින බව දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා සඳහන් කරයි.

එහි පියවරක් ලෙස මේ දිනවල උතුරු පළාතට පැමිණීමට කැමැත්තෙන් සිටින පොලිස් නිලධාරීන් හා රජයේ සේවකයන්ට එම පළාතෙන් ඉඩම් ලබා දෙමින් ඇතැයිද ඔහු පැවසීය.

උතුරු පළාතේ සිංහල ජනගහනය වැඩි කර ඔවුන් අතරින් පිරිසක් පාර්ලිමේන්තුවට යවා උතුරේ පිරිහී ඇති සිංහල බෞද්ධ දේශපාලන ශක්තිය වර්ධනය කිරීම ආණ්ඩුවේ උත්සාහය බවටද ඔහු චෝදනා කරයි.

පසුගිය මැතිවරණයේදී සිංහල පුද්ගලයෙකු උතුරෙන් පාර්ලිමේන්තුවට එවීමට ආණ්ඩුව ප්‍රබල උත්සාහයක් ගත්තද එය අසාර්ථක වූ බවද පවසන ඔහු ඊළඟ මහ මැතිවරණයේදී එය ඉටුකර ගැනීමට ආණ්ඩුව සිංහල ජනපද උතුරේ බලහත්කාරයෙන් පිහිටුවමින් ඇතැයිද සඳහන් කළේය.

එසේ පැමිණෙන ජනතාවට ඉඩම් ලබාදීම සඳහා උතුරේ දෙමළ ජනයා සතු ඉඩම් ආණ්ඩුව කොල්ල කමින් සිටින බවත් ඔහු චෝදනා කළේය.

24,183 views

26 Comments to “ආණ්ඩුව උතුරේ දෙමල බහුතරය වෙනස් කරනවා.. සිංහලයන් පදිංචි කරවනවා.. දෙමල ඉඩම් කොල්ලකමින් ඔවුනට දෙනවා..”

  1. Naresh says:

    These nasty people needs to be arrested for spreading separatist ideas. More and more Sinhalese and Muslims should be settled in North to avoid possible future events of LTTE like terrorism. When North had all communities is was quite peaceful.

  2. ජනජය says:

    හොඳ වැඩේ…ඒයි යාළු මේ..ඔයැයිල ලංකාව පුරා කඩ සාප්පු හෙම දාගෙන ඉන්නෙ අපිල ඒකට මුකුත් කිව්වැයි..??

  3. kahawitage don nimal chandrasiri says:

    Ehenam thopi colombo wala padinchiya ath arala yapanayata palayallako, MU thani kotiya Prabakarangen Rankasi thegi gattu ekek koti inna kale, den kohomath Diasporawa ekka ekathuwela karanne Lankawatama kelawana eka.

  4. MD says:

    ඔය පනින්නෙ බළල්ලු මල්ලෙන් එලියටම.යටි අරමුණ ඊලමම තමා.ඵ්වා වානා හොඳේ.පරදේශක්කාරයන්ගේ යහපාලනේ දැන් ඉවරයි.ඵක රටයි ඵක නීතියයි.