ආණ්ඩුව කරන දේ ආණ්ඩුවත් දන්නෙ නෑ.. පිස්සන් උන්මන්තකයන් වගේ..
January 23, 2017 at 3:00 pm | lanka C news
බලය වැඩි වන විට පාලකයන් උන්මනතකයින් පිස්සන් වන බව කැප්පෙටියාගොඩ සිරිවිමල ගැටඹේ රාජෝපවනාරාමාධිපති හිමියෝ පවසති.
උන් වහන්සේ මේ අදහස් පල කලේ තිස්ස අත්තනායක හිටපු ඇමති උන් වහන්සේ බැහැ දැකීමට එහි ගිය අවස්ථාවේදීය.
මේ රජයට නිසි නායකත්වයක් නැතැයිද කී එහිමියෝ තමන් කරන්නේ කුමක්ද කියා ඔවුන්වත් නොදන්නේ යයිද කීය. කිසියම් පනතක් ගෙන ආ විට ‘මා ඉන්න තුරු කරන්න දෙන්නෙ නෑ’ කියා ජනපති කිවුවත් අනික් පැත්තෙන් එය සම්මත කර ගන්නා බත් කියා සිටියහ.