ආණ්ඩුව කැන්දු කසකරුවන්ම ආණ්ඩුවට විරුද්දව පැමිණිලි ගොනු කරති…

October 8, 2021 at 2:10 pm | lanka C news
ආණ්ඩුව කැන්දු කසකරුවන්ම ආණ්ඩුවට විරුද්දව පැමිණිලි ගොනු කරති…

යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමේ ගිවිසුම අත්සන් කිරීමේදී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් බරපතළ වගන්ති හතරක් උල්ලංඝනය කර ඇති බව ජාතික සංවිධාන එකමුතුව සඳහන් කරයි.

මෙම ගිවිසුම විශාල දූෂණයක් බවත් ටෙන්ඩර් කැඳවීමකින් තොරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමකින් තොරව කැබිනට් අනුමැතියකින් තොරව එය සිදුකළ නොහැකි බව ඔවුන් කියා සිටිති.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස එම සංවිධානය විසින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ගොනු කර තිබේ.

එම සංවිධානය වෙනුවෙන් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, ආචාර්ය ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර යන පිරිස් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

පැමිණිල්ල ගොනු කිරීමෙන් පසු අල්ලස් කොමිසම ඉදිරියේ දී ඔවුන් විසින් මාධ්‍ය වෙත පල කරන ලද අදහස් මෙසේය.

ජාතික සංවිධාන එකමුතුව වශයෙන් අපි මේ පෙත්සම අල්ලස් කොමිසමට ඉදිරිපත් කරළා තියෙන්නේ. අපි දකින්නේ මේක විශාල දූෂණයක් හැටියට. මේ LNG ගිවිසුම ටෙන්ඩර් කැඳවන්නේ නැතුව, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැතුව, කැබිනට් අනුමැතියකින් තොරව සම්පූර්ණයෙන්ම බලහත්කාරයෙන්ම වගේ ඉදිරිපත් කරපු ගිවිසුමක්. ඒ වගේම මේක ඇත්ත වශයෙන්ම දූෂණයක්. මේකෙන් දූෂණයට අමතරව අපගේ ස්වෛරීභාවයට විශාල හානියක් සිදුවෙනවා. මොකද මේ ගිවිසුම මගින් ඇමරිකාව අපේ විදුලිබල ශක්තිය අතට අරගෙන එයාලට ඕන වෙලාවක එවා නිෂ්ක්රීකය කරල අපිව දන ගස්සන්න පුළුවන්. ඒ වගේ භයානක දෙයක් මේ ගිවිසුම මගින් සිදු වෙනවා.

එම නිසා මෙම ගිවිසුම අවලංගු කළ යුතුයි. එමෙන්ම මේ වගේ දේවල් කරන්න ඉඩ දුන්නොත් අපේ සම්පූර්ණ ස්වාධීපත්‍ය නැති වෙනවා. අනිත් එක මේක කරන්න හදන්නේ භයානක අවස්ථාවක. මොකද අපි දැන් ඉන්නේ ගිනි කන්දක් උඩ. අපේ රට දැන් තියෙන්න තුන්කොන් බලවේගයකට මැදි වෙලා. එහෙම තියන වෙලාවක මේ වගේ දෙයක් ඇමරිකාවට දීම මහා භයානක දෙයක්. මේක තුන්වැනි ලෝක යුද්ධයක් කරා යන්න මුල් වෙන්න පුළුවන්. එම නිසා අපි කියනවා ආණ්ඩුවට මේක වහාම අකුල ගන්න කියලා. යැයි ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පැවසීය.

වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා

අපි අද භාණ්ඩාගාරයේ ලේකම් ට විරුද්ධව අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ පැමිණිල්ලට පදනම වන්නේ ඔහු මූලිකත්වය ගෙන කැබිනට් එක නොමඟ යවා කැබිනට් එකට අත්සන් කරපු ගිවිසුම පවා ඉදිරිපත් නොකර මේ LNG බලාගාරයේ කොටස් විකිණීම සහ ගෑස් සැපයීමේ කොන්ත්‍රාත් සහ යටිතල පහසුකම් කොන්ත්‍රාත් විදේශීය සමාගමට සම්බන්ධයෙන් තමයි. අද මේ අල්ලස් කොමිසමට පැමිණිලි කරන්නේ එතැනදී ඔහු වැරදි හතරක් කරලා තියෙනවා අල්ලස් දූෂණ පනත 70 වගන්තිය යටතේ රජයට පාඩු සිදුවන ආකාරයට පළවෙනි වරද තමයි. මෙය යුගදනවි බලාගාරයට අදාල කොටස් විකිණීමේදී මේ රටේ බලශක්ති ප්‍රතිපත්තියට අනුව ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමකින් තමයි එහෙම කරනවා නම් කරන්න පුළුවන්. ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමකින් නොකර එහෙම කොටස් විකිණීම නිසා රජයට පාඩු සිදු වෙනවා.

දෙවැනි කාරණය ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුව සහ ගෑස් යටිතල පහසුකම් කොන්ත්‍රාත්තුව එකට ගැට ගසා එක සමාගමකට දීම නිසා රජයට අනාගතයේදී තරගකාරී මිලට වෙනත් ප්‍රභවයන්ගෙන් ගෑස් ලබා ගන්න බැරි වෙනවා. ඒ නිසා රජයට පාඩු සිදු වෙනවා. තුන්වැනි කාරණය මේ ගෑස් ගබඩාව පොළවේ පාවෙන ගබඩාවට අතිරික්ත ධාරිතා ගාස්තුවක් ගෙවන්න අවුරුදු පහකට එකඟ වෙනවා ඩොලර් මිලියන 250 කට වැඩි ප්‍රමාණයක්. හැබැයි එහෙම ගබඩාවක් මිළදී ගන්න පුළුවන් ඩොලර් දෙසීයකට. විශේෂඥ මතය අනුව එතකොට මේ විදිහට අතිරික්ත ධාරිතාව යකට ගෙවන්න එකඟ වීමෙන් රජයට පාඩු සිදු කරලා තියනවා. හතරවෙනි කාරණාව තමයි අපට අවශ්‍ය ගෑස් ප්‍රමාණයට වඩා ගෑස් ප්‍රමාණයක් මිලදී ගැනීමට එකඟ වීම නිසා අපි භාවිතයට නොගන්නා ගෑස් වලටත් අපට මුදල් ගෙවන්න සිදුවෙලා තියෙනවා. ඒ නිසා රජයට පාඩු වෙනවා ඒ නිසා මේ ආකාරයට මේ ගිවිසුම් අත්සන් කිරීම මගින් භාණ්ඩාගාර ලේකම්වරයා රජයට පාඩු සිදු කළකරලා තියෙනවා. ඒ නිසා ඔහු අල්ලස් අල්ලස් හා දූෂණ පනතේ 70 වගන්තිය උල්ලංගනය කරලා තියෙනවා.

නිතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා

අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කළේ අපි දන්නවා මේ රටේ ආර්ථික මරමස්ථාන බවට පත්වෙලා තියෙන බලශක්ති සම්බන්ධයෙන් වැදගත් ප්‍රභවයක් වන මේ යුගදනවි බලාගාරය. මේ ක්‍රියාවලිය අමාත්‍ය මණ්ඩලයට හංගලා කැබිනට් මණ්ඩලයට හංගලා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා භාණ්ඩ ලේකම්වරයා වශයෙන් ගෙන ගිය ක්‍රියාවලිය ඉතාම සැකසහිතයි. කැබිනට් මණ්ඩල කිසිවක් මේ සම්බන්ධයෙන් දන්නෑ. කැබිනට් මණ්ඩලය න්‍යාය පත්‍ර වල මේ සම්බන්ධයෙන් කිසිවක් අතුලත් වෙලා තිබුණේ නෑ. මේ ක්‍රියාවලිය තුළ අපි දැකපු ලොකුම ප්‍රශ්නය තමයි ජාත්‍යන්තරය ටෙන්ඩර් කැඳවීමකින් තොරව තමයි මේ කාරණාව සිද්ධවෙන්නේ සිද්ධ වෙන්නේ. අපි දන්නවා අපේ රටේ ගමේ ස්කෝලෙක අඩු තරමින් කැන්ටිමක්වත් ටෙන්ඩර් කැඳවීමකින් තොරව දෙන්නෙ නෑ. බලාගාරයේ ඉදිකිරීම ඒකෙ නල පද්ධතිය ඇතිරීම ඒ වගේම ගෑස් සැපයුම මේ කියන කාරණා තුනම භාර දීල තියෙන්නෙ එකම සමාගමකට. මේ ඒකාධිකාරිය බාර දුන්නට පස්සේ අපට සිද්ධ වෙන දේ තමයි ඒ අදාල අදාළ සමාගම කියන විදියට නැත්තං ඇමරිකානු සමාගම කියන විදියට නටන්න සිද්ධ වෙන එක.

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි අදහස් පළකළේ (07) LNG ගිවිසුම අත්සන් කිරීම මගින් දූෂණයක් සිදුව ඇති බවත් එබැවින් භාණ්ඩාගාර ලේකම්වරයාට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව වෙත පැමිණිල්ලක් බාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

වර්තමාන ජනාධිපතිතුමත් ඒ වගේම වර්තමාන පාර්ලිමේන්තුවත් පත්වුණේ සෞභාග්‍යයෙ දැක්ම ඒ ප්‍රකාශනයට අනුව. දේශීය සම්පත් සුරකින බවට අපේ රටේ ජනතාවට පොරොන්දු දීලා. ඒ නිසාම මහජනතාව විශ්වාසය තබලා 60නම ලක්ෂයක් ඡන්දය දුන්නා. ජනාධිපතිතුමාට තුනෙන් දෙකේ බලය ඇති පාර්ලිමේන්තුවක් පත් පත්කර ගැනීමට අවශ්‍ය ඡන්දය දුන්නා. හැබැයි සමහර අවස්ථාවලදී අපට බොහෝම පැහැදිලිව පේනවා ඒ දේශීය සම්පත් සුරකීම වෙනුවට දේශීය සම්පත් විදේශ වලට බදු දීම එහෙම නැත්නම් විකිණීම වගේ දේවල් සිද්ධ වෙනවා.

එයින් බරපතළ එකක් තමයි මේ යුගදනවි බලාගාරය ඇමරිකාවට බදු දීම අවුරුදු පහකට. අවුරුදු පහකට නෙමෙයි මාස කිහිපයකට බදු දුන්නත් ඇමරිකාව ඒ අය ගොල්ලන්ට අවශ්‍ය ප්‍රයෝජනය ගන්නවා. කවදාවත් ඇමෙරිකාව ආසියාතික රට වලට හිතවත්ව කටයුතු කරන්නේ නෑ. ඉතින් එහෙම එකේ ඒ මේ බදුදීම රහසිගතව ඇයි සිද්ධ කළේ. අපට බරපතළ ප්‍රශ්නයක් ඡන්ද දායකයො දන්නෙත් නෑ. ඡන්දෙ දීලා පත් කරපු මන්ත්‍රීවරු දන්නෙත් නෑ. ඒ විදිහට මහජනතාව හා මහජන නියෝජිතයන් දැනුවත් නැතුවයි මේ ගිවිසුම අත්සන් කරල තියෙන්නෙ.

ඉතින් ඒ නිසා අපි බොහොම තදින්ම ඉල්ලා හිටිනවා මේ ගිවිසුම ක්‍රියාත්මක කරන්න යන්න එපා. අපි දැන් අල්ලස් කොමිසමටත් බාර දුන්නා ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවකුත් ගොනු කරනවා මේකට එරෙහිව අපට කොහොමවත් බලන් ඉන්න බෑ. මේ දේශීය සම්පත් විජාතික විදේශික බලවේග වලට බදු දෙනකොට ඉන්දියාව ඇමරිකාව වගේ රටවල් අපට හිතවත්ව කටයුතු කරපු බවක් පේන්න නෑ අපට. ඉතින් ඒ නිසා අපි බොහොම කරුණාවෙන් බොහොම තදින් ඉල්ලා සිටිනවා වර්තමාන රජයෙන් ජනාධිපති තුමාගෙන් අගමැතිතුමාගෙන් ඒ වගේම පාර්ලිමේන්තුවෙන් මේ වගේ දේවල් කරන්න එපා. මේ දේශීය සම්පත් විකුණන්න වත් බදු දෙන්නවත් බෑ දැන් සමහර වෙලාවට මේගොල්ලෝ කියනවා අපි විකිණුවේ නෑ. විකුණුවත් එකයි බදු බදු දුන්නත් එකයි.

35,894 views

12 Comments to “ආණ්ඩුව කැන්දු කසකරුවන්ම ආණ්ඩුවට විරුද්දව පැමිණිලි ගොනු කරති…”

  1. Comrade says:

    Don’t complain now my friends. When you raised everything and approved 20A you should have known what was on the way…

    • දේශා says:

      නොදන්නා මගුල් කටමැත දොඩවා ජාතියක් නොමග යවා විනාශ මුඛයට තල්ලුකල මේ උද්දච්ච කහකඩයින් සහ හොරිකඩයින්, සියල්ලටම පලමුව ජාතිය ඉදිරියේ දණගසා මේ කල ආනන්තරීය පාපකර්මයට සමස්ත ශ්‍රීලංකාවාසීන්ගෙන් හා ලක්මාතාවගෙන් සමාව ඇයද සිටිය යුතුයි.

  2. dev says:

    ane pala yanna. tender danna ona naa

  3. SL says:

    මේ තරම් දේශ මාමක පිරිසක් ලංකාවෙ ඉන්දැද්දි මෙ රට නය බරින් හොරකමින් පගා ගැහිලි වලින් උද්ගොශණ වලින් පිරිල ඉතිරිලා තියෙන්නෙ මොකද මයෙ අම්මා
    හිතා ගන්න බැහැ…..

  4. දේශා says:

    නොදන්නා මගුල් කටමැත දොඩවා ජාතියක් නොමග යවා විනාශ මුඛයට තල්ලුකල මේ උද්දච්ච කහකඩයින් සහ හොරිකඩයින්, සියල්ලටම පලමුව ජාතිය ඉදිරියේ දණගසා මේ කල ආනන්තරීය පාපකර්මයට සමස්ත ශ්‍රීලංකාවාසීන්ගෙන් හා ලක්මාතාවගෙන් සමාව ඇයද සිටිය යුතුයි.

  5. Ravana Parapura says:

    මේ මෝඩ ගන හැතිකරේ ජනාදිපතිතුමාට රට කරන්න දෙන්නෙ නෑ.

  6. කළු තර says:

    අපි තමය් හොඳටම දුන්නෙ.
    රිදෙනව තමය් ..කරන්න දෙයක් නෑ.

  7. LalithM says:

    මේ සොරමුලට බලය ලබාදෙන්න මුල්වුනේ මේ ජඩයින් රෑන ප්‍රමුඛ හොර චීවරධාරී රෑනක්. දෑන් උන්ට සැලකිලි අඩුවෙච්ච නිසා විරිත්තනවා. මුන් ඔක්කොම ගහල පන්නන දවස වැඩිය ඈත නෑ.

  8. Karunarathna says:

    ආර්තික විද්‍යාව ගැන අබමල් රේණුවක් නොදන්න ජාතිකවාදීන් ආරක්ශනවාදීන් තමා රටට හෙනේ.. පුද්ගලික ආයෝජන, විදේශ ආයෝජන උන්ට අරහං.. උන්ට ඕන හැමදේම රජය මැදිහත් වෙලා කරන්න. රජයේ ආයතනේකට වැඩක් කරගන්න ගියාම, සේවා හරි නෑ කියලා බනින්නෙත් උන්ම තමා.. හැමදේම රජය මැදිහත් වෙන්න ඕන කියලා විස්වාස කලේ කාල් මාක්ස්, ෆෙඩ්‍රික් එංගල්ස්, ලෙනින්, මාවෝ සේතුං.. කොටින්ම කියනවා නම් ලංකාවෙ ජාතිකවාදියො කියල හිතං ඉන්න උන් ඇත්තටම කොමියුනිස්ට්කාරයො

    • පැන්ඩෝරා පේපර්ස් says:

      මුන්ට ජාතිකවාදීන් කියලා , මේ රටේ ඉන්න සත්‍ය ජාතීකවාදීන්ට අපහාස කරන්නෙපා , මුන් තනිකර මැදමුලනේ සුරතල්ලු , මුන්ගේ “වාදය” හා දෘශ්ඨිය මැදමුලනේ පැණ්ඩලාට කඩේ යන එක විතරයි . ඉදලා හිටලා බොරු විරොධයක් දාන එක මුන්ගේ සිරිතක් . නැත්තං ඉතින් මුන් නඩු දාන්න ඔනේ නිව් ෆොට්‍රස් එකට ගෙඩි පිටින් යුගදනවි බලාගාරය දිපූ එකාටනේ , කොහෙවත් ඉන්න හාල් කෑල්ලකට විරුද්ධව පැමිනිලි කරන්නේ අහවල් ලබ්බකටද ?

  9. Helaya123 says:

    මෙතන ඉන්න එකෙන් මොනවත් වැඩිය කලේ නෑ ආන්ඩුව ගේන්න …යන කෝච්චියක එල්ලිලා හෙතන රට කනවා…..මුං ලිං මැඩියෝ……කාලකන්නි

  10. On The Spot says:

    මේ ආණ්ඩුව කැන්දෙව්වෙ මේ කස කාරයො කියල කවුරු හරි කියනව නම් හිතනව නම් ඒක තරම් මුලාවක් තවත් නැහැ. මහ බැංකුව කොල්ල කාල රටේ සම්පත් විකුණල​,රන්ජන්ල වගේ මන්ත්‍රීවරු අධිකරණයට පවා ඇඟිලි ගහල යහපාලන ආණ්ඩුව කුජීත වෙලා උන්නු මොහොතක මිනිස්සුන්ට අවශ්‍ය උනේ විකල්පයක්.අන්න ඒ විකල්පෙට මිනිස්සු පෙල ගැහුන.ඒ අතරෙ අමරසේකර මහත්තය, බෙංගමුවෙ හාමුදුරුවො ,වසන්ත මහත්තයලත් උන්න.හැබැයි ආණ්ඩුව ගෙනාවෙ ඒ ගොල්ලො කියල තනිවම ජයග්‍රහණය භුක්ති විඳින්න යනව නම් ඒක කුහකකමක්.ජයග්‍රහණය නොකර පරාජය උනා නම් මේ ජයග්‍රහණයේ පියවරු හොයා ගන්නවත් නැතිවේවි.

Main News