ආණ්ඩුව ගැන අප්‍රසාදය එන්න එන්නම වැඩිවෙනවා.. කල නොකිරුණු කෙනෙක් නෑ.. මේක දේව ශාපයක්ද..
March 10, 2021 at 3:26 am | lanka C news
වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතා අප්‍රසාදය එන්න එන්නම වැඩි වෙමින් ඇතැයි නාරාහේන්පිට අභයාරාම අධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.
ආණ්ඩුව ගැන කලකිරීමකින් නැති කෙනෙත් සොයා ගැනීමටවත් නොහැකි වී ඇතැයිද උන් වහන්සේ කියති.
මේ ආකාරයෙන් මෙම ආණ්ඩුව පවත්වාගෙන යා නොහැකි බවද උන්වහන්සේ පෙන්වා දෙති.
මේක දේව ශාපයක්ද දේව කෝපයක් දැයි නොදන්නා බවත් ඉන් රට බේරගන්න බෝධිපූජාවක් ලෑස්ති කර ඇතැයි කියා සිටියහ.
තම විහාරස්ථානයේදී මාධ්‍ය වෙත උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.