ආණ්ඩුව ගැන සතුටක් නෑ.. ජනතාව අප‍්‍රසාදයෙන්.. නිසැකවම වීදි බසීවි..

November 23, 2021 at 2:10 pm | lanka C news
ආණ්ඩුව ගැන සතුටක් නෑ.. ජනතාව අප‍්‍රසාදයෙන්.. නිසැකවම වීදි බසීවි..

දිගින් දිගටම රටේ ආර්ථිකය බිඳ වැටීමට ලක් වුවහොත් ආණ්ඩුවට එරෙහිව ජනතාව ඉදිරියට පැමිණීමට නිශ්චිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා සඳහන් කරයි.

ආණ්ඩුව පිළිබඳ ජනතාව සතුටක් නැතත් පක්ෂයක් ලෙස ඉදිරියට යා යුතු බැවින් සියල්ල දෙස නිහඬව හොඳින් බලා සිටින බවද මන්ත්‍රීවරයා පැවසීය.

පක්ෂයේ නායකයන් රටේ අර්බුදයට ප‍්‍රතිචාර සෙවීමට සෙසු මන්ත්‍රීවරුන් සමඟ කිසිවක් සාකච්ඡා නොකළද රටට හොඳක් සිදු වනවා නම් තමන්ට එය ගැටළුවක් නැති බව ද ඔහු සදහන් කරයි.

අද වන විට ආණ්ඩුව පිළිබඳව විශාල අප්‍රසාදයකින් ජනතාව සිටින නමුත් ආණ්ඩුවට ඇති අප්‍රසාදය හේතුවෙන් සමගි ජන බලවේගය කිසිවිටෙක ජනතාවට අතරට යාමට නොහැකි බව ද ඔහු පෙන්වා දෙයි.

වත්මන් ආණ්ඩුව එළවා දමා බලයට පත්වීමට සජිත් ප්‍රේමදාස මහතා දකින සිහිනය සිහිනයක්ම පමණක් වන බවද ඔහු තවදුරටත් පැවසීය.

30,625 views

9 Comments to “ආණ්ඩුව ගැන සතුටක් නෑ.. ජනතාව අප‍්‍රසාදයෙන්.. නිසැකවම වීදි බසීවි..”

  1. saman says:

    එහෙම දෙයක් නෑ මිනිස්සු සතුටින් ඉන්නේ. දැනට පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තිබුනට ඉන්න රටක් තියන්වනේ කියල හිත හදා ගන්නවා.

  2. dev says:

    weedi bahala monawa karannada uncle

  3. Rat Trap says:

    දසදහස් ගණනකට මරු කැදවන, ලක්ෂ ගනන් ජනයා අගතියට පත්කරන, අසරණ භාවයට පත් කරන දෙයක් ලබන ජනවාරියේ සිදුවීමට නියමිතයි.
    ඒ,ආණ්ඩුව ජනතාවගේ ඊරි මාංශය හූරා ජනවාරි මාසයේ ඩොලර් බිලියන 7ක ණය ගෙවීමට ඇති සූදානමයි.
    මේ පෙන්වන ගැටුම්,විරසකභාවයන්,බෙදීම් පසෙකලා ඔබ සියල්ල එක්ව ගැටුමකින් වාදයකින් බෙදීමකින් තොරව මහත් භක්තියෙන් එම ඩොලර් බිලියන 7 රකුස් කටට හලන බව අපි දනිමු.
    එම ණය ගෙවීමට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු පාර්ලිමේන්තුව එකගද නැද්ද ?
    පාක්ෂිකයනී, අධාරකරුවනී ‘ජනවාරි මාසයේ ඩොලර් බිලියන 7ක ණය ගෙවීමට ඔබ එකගද නැද්ද’ යන ප්‍රශ්නය ඔබේ පක්ෂයට,ඔබේ පක්ෂ නායක‌යාට,දේශපාලන ක්‍රියාධරයාට ඉදිරිපත් කරන්න.
    එම ප්‍රශ්නය හමුවේ ඔහුගේ ඇයගේ සැබෑ මුහුණ එලිදරව්වනු ඇත.
    එම ප්‍රශ්නය හමුවේ ඔහුගේ ඇයගේ වෙස් මුහුණු ‌බොරු සළුපිලි ගැලවී ඔහු හා ඇය නග්න වනු ඇත.

  4. Asanka Thilakarathna says:

    ඔව් උබලට පක්ෂෙ රැකගත්තොත් ඇති…..ජනතාවට කෙලවෙලා ගියාට කමක් නෑ… කාලකන්නි හැතිකරේ…තොපිට හෙනම වැදියව්

  5. සිංහල බන්ඩා says:

    මෝඩ පොහොර වැඩේ නොකලා නම් රට බංකොලොත් උනත් කාලා බීලා මැරෙන්න තිබුනා. දැන් සාගතය අනිවාර්ය යය්.

  6. කොටකෙතන ධර්මසිරි says:

    ජෝන දැන් වලපයයි, ගොඩපයයි වගේ ඉන්නෙ. මූට ඇමතිකමක් නුදුන්නට ඔරොප්පුවෙන් ඉන්නෙ. එක එක වෙලාවට එක එක කතා කියනවා. පවිත්‍රාට කැපුනට මූත් සතුටුයි. ලබනපාර බෑනව ගේන්න තමයි කල්පනාව. යකෝ දැන් අවුරැදු 32 ක්ම පාර්ලිමේන්තුවෙන්ම කෑවනේ. දැන් නාකි උනාමවත් වෙන එකෙකුට අවස්ථාවදීල ගෙදර පල.

  7. Dengu Nona says:

    Pissuda? Cheena Supiri Goo gennewaata passe Janathaawata ” Hari Sepa”! Jim dammata passe Joliye inum gahanawa api!!Man theeru haduwata passe wenadaata wadaa hondata sakman koranawa. Ara gon haamuduruwantath dan puluwani wiswavidyaala sisyayanta th puke arinna!! Api thamayi i hondatama koranne!!

Leave a Comment

Main News