ආණ්ඩුව ගෙනයන්න බෑ.. පාර්ලිමේන්තුව විසුරුවන්න එජාපය තීරණය කරයි..
March 10, 2019 at 10:00 am | lanka C news
පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කර ඇති අයවැය ක්‍රියාත්මක කිරීමේ අර්බුදයත්, ජනාධිපතිවරයා හා ආණ්ඩුව අතර ඇති ගැටුමත් හේතවෙන් අයවැයෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරනයකට යාම එජාපය තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
ඒ අනුව පාර්ලිමේන්තුව විසුරවීම සදහා යෝජනාව එජාපය ප්රබලයෙකු විසින් අයවැයෙන් පසු ගෙන ඒමට සූදානමින් සිටින අතර එය ස්ථිර කිරීම සම්බන්ධයෙන් දෙමළ සන්ධානය හා ජවිපෙ සමග සාකච්ඡා කර ඇති බවද වාර්තා වෙයි.
එජාප ජ්‍යෙෂ්ඨයන් සාකච්චා කර ඇත්තේ අයවැයෙන් යෝජනා කර ඇති පරිදි රජයේ සේවන වැටුප් ජූලි 01 දා සිට ඉහල දැමීම, සමෘද්ධිලාභීන් වැඩි කිරීම, වැඩිහිටි විශ්‍රාමික දීමනා ලබාදීම පවතින දැඩි මූල්‍ය අර්බුදය තවත් උග්‍ර කරනු ඇති බවයි.
කෙසේ වෙතත් විපක්ෂය සැක කරන්නේ මෙම උපක්‍රමය මගින් ආණ්ඩුව අයවැය සම්මත කර ගැනීමට බලාපොරොත්තු වනවා විය හැකි බවය.
ඕවා පට්ට පල් බොරැ. රනිල් කියන්නෙ බොරැවෙන් බලයට ඇවිත් බොරැවෙන්ම බලයෙ එල්ලිලා ඉන්න එකෙක්. මැතිවරණයකට ගියොත් එජාප ය හාන්සිය් රනිල් සහ බැංකු හොරැ කූඩු කියල නොදන්නෙ හරක් පමනය්. අය-වැය සම්මත කරගන්නය් ඔය බොරැව. චන්ද නැහැ
රජය ජනාධිපතිවරණයකට හැර වෙන කිසිම ඡන්දයකට යන්නේ නැත. දැනට පැවැත්වීමට ඇති ඡන්ද වලින් රජයට වාසි වන්නේ ඉන් පමණක් වන අතර දුරින්ම තිබෙන්නේද එයයි. උතුරු නැගෙණහිර ඡන්ද වලින් රජයට වාසි නිසා වලිගය විසින් අලියා නටවන එජාප රජයකින් හෝ බලයට පැමිණීමට සූදානමින් සිටී.
ලෝකයේ වෙනත් ඕනෑම රටක මෙම අයුරින් ජනතාවගේ අප්‍රසාදය ඉදිරියේද මුදළට මංත්‍රීන් මාරු කරමින් රජයක් ගෙනයන රටක් අසා ඇත්ද?
ආන්ඩුවට 120ක් තියෙනවා.නැත්නම් සිරා මෙලහකටත් ඇරලා.
Baya vechcha tharama penenavaa. Medata liyanna ona meyaage binduwa agata vetilaa. Ane pavu.
ඇයි දැන් බහුතරය තියෙනවා කියල නේද දින 52 කේම අරලියගහ මන්දිරය බදාගෙන හිටියේ… දැන් බහුතරය වාෂ්ප වෙලාද…? මහින්දට බහුතරය නැතුව අගමැතිකමේ ඉන්න බැරි නං.. මෙයා කොහොමද තවමත් ඒක නැතුව අගමැතිකමේ ඉන්නේ..?