ආණ්ඩුව ගෙනැවිත් ආණ්ඩුවම පැරදු සිමා නිර්ණ පනත වෙනුවෙන් කතානායක කමිටුවක් පත් කරයි..

August 25, 2018 at 12:00 pm | lanka C news
ආණ්ඩුව ගෙනැවිත් ආණ්ඩුවම පැරදු සිමා නිර්ණ පනත වෙනුවෙන් කතානායක කමිටුවක් පත් කරයි..

කථානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

ප්‍රවෘත්ති  නිවේදනය

පලාත්  සභා මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව 2018.08.24 දින විවාදයට ගනු ලැබූ අතර, ඒ සඳහා සභාවේ අනුමැතිය නොලද හෙයින් ව්‍යවස්ථානුකූලව කථානායකවරයා විසින් පනතේ 4(12) වගන්තිය අනුව පියවර ගනු ලැබිය යුතුය.  මේ කරුණ ගැන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදීද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.

කථානායකවරයාගේ මතය වූයේ කිසිම හේතුවකින් පළාත් සභා මැතිවරණය කල් නොදැමිය යුතු බවයි. පක්ෂ නායකයින්ට අමතරව කථානායකවරයා විසින් මැතිවරණ කොමිසම් සභාපති හා සීමා නිර්ණ කොමිසම් සභාපතිවරුන් සමගද ඉක්මන් මැතිවරණයක් සඳහා දීර්ඝ ලෙස අදහස් හුවමාරු  කර ගන්නා ලදී.

කථානායකවරයා විසින් අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  නම් කරන කමිටුව අදාල නිර්දේශ ඔක්තෝබර් මැද වන විට ලබා දෙන්නේ නම්, 2019 ජනවාරි මස පළාත් සභා මැතිවරණ පැවැත්වීම සඳහා පූර්ණ සහාය ලබා දෙන බවට අදාල පාර්ශව එකඟ  වී ඇත.

ඒ අනුව පක්ෂ නියෝජිතයින්ගේද එකඟත්වයෙන් පංච පුද්ගල කමිටුව කථානායකවරයා විසින් ඉදිරි දින කීපය තුළ නම් කරනු ඇත. අග්‍රාමාත්‍යවරයාට අමතරව පත් කරනු ලබන අනෙක් සාමාජිකයන් දේශපාලඥයන් නොවන අදාල ‍ ක්ෂේත්‍රය ගැන දැනුමක් ඇති බුද්ධිමතුන් වනු ඇත.

නියමිත කාලයේදී ඉක්මන් මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පූර්ණ සහයෝගය ලැබෙනු ඇති බවටද කථානායකවරයා මෙහි දී අවධාරණය කලේය..

– කථානායක මාධ්‍ය  අංශය

16 views

5 Comments to “ආණ්ඩුව ගෙනැවිත් ආණ්ඩුවම පැරදු සිමා නිර්ණ පනත වෙනුවෙන් කතානායක කමිටුවක් පත් කරයි..”

  1. Saradiel says:

    රනිල් සිරිසේනගේ ඇස් බැන්දුම් වලට රැවටෙන්න එපා

  2. Ananda says:

    දැන් තියෙන්නෙ ඔය පත්කරන අය ගැන කියවා කියවා ඉන්න එකයි…මරු රටක්නෙ දැන් තියෙන්නෙ…

  3. රාහුල කොලුවා says:

    තමන්ම ගෙනා පනත තමන් විසින්ම පාර්ලිමේන්තුවේ පරාඡය කරපු ලෝකයේ පිස්සුම කෙලින ආණ්ඩුව තියෙන්නේ අපේ රටේ… දැන් ඔය සීමා නිර්ණය කමිටුව ඔය වාර්තාව හදන්න වැය කලේ මහඡන මුදල්…එම වාර්තාව පරාඡයේ කලේ මහඡන නියෝඡිතයෝ.. මහඡන මුදල් අවභාවිතය කිරීම ගැන දැන් නඩු පවරන්න තියෙන්නේ කාටද..?

  4. Alfi says:

    Meka aruma puduma ratak panatha genwa peyaganak tharrka koranwa awasanye panatha genapu minihath panathata wirudda wenwa. Kage mudalda me nasthi koranne ? Janathawa hari heti kanna netiwa gewana badu mudal noweida ?

  5. Gon Wassa says:

    Anith kamitu wagema me hadanneth janathaawata ang thiyenawada balalannai, janathaawa gonnunta andawannai!

Main News