20 දෙවැනි ඉනිම ඇරඹෙයි.. ‘ආණ්ඩුව ජනවරමට පිටුපානවා.. ජනතා අපේක්‍ෂා බිද වැටෙනවා.. අපේ දැඩි විරෝධය..’- ජාතික සංවිධානවලින් ජනපතිට රතු ලිපියක්..

December 17, 2020 at 4:07 pm | lanka C news
20 දෙවැනි ඉනිම ඇරඹෙයි.. ‘ආණ්ඩුව ජනවරමට පිටුපානවා.. ජනතා අපේක්‍ෂා බිද වැටෙනවා.. අපේ දැඩි විරෝධය..’- ජාතික සංවිධානවලින් ජනපතිට රතු ලිපියක්..

රටට නව ව්‍යවස්ථාවක් කඩිනමින් සම්මත කරන බවට ලබාදී ඇති පොරොන්දුව එසේම තිබියදී පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම මගින් ජනවරමේ අපේක්ෂා බිඳ වැටෙන බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

එහි කැදවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා ඇතුළු සියළු මහජන නියෝජිතයන් වෙත ලිපියක් යොමු කරමින් මේ බව පෙන්වා දී ඇත.

අදාල ලිපිය මෙසේය.

අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ
සියලුම මහජන නියෝජිතයන් වෙත,

ගෞරවණීය මහජන නියෝජිතයිනි,

රටට නව ව්‍යවස්ථාවක් කඩිනමින් සම්මතකරන බවට ලබාදී ඇති පොරොන්දුව එසේම තිබියදී පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම මගින් ජනවරමේ අපේක්ෂා බිඳ වැටෙන බව පෙන්වාදීම

පසුගියදා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන අවස්ථාවේදී ජනාධිපතිතුමා සහ ආණ්ඩුවේ සෙසු පාර්ශ්ව විසින් මහජනයාට සුවිශේෂි පොරෝන්දුවක් ලබාදුනි. ඒ ඉතා කඩිනමින් රටට සුදුසු නව ව්‍යවස්ථාක් සම්පාදනය කොට සම්මත කරන බවය. ඇත්ත වශයෙන්ම එම පොරොන්දුව ජනාධිපතිතුමා විසින් ජනාධිපතිවරණයට පෙර රටට ඉදිරිපත් කළ ප්‍රත්පත්ති ප්‍රකාශනය වූ සෞභාග්‍යයේ දැක්ම ලේඛනයේ සඳහන් වූ සුවිශේෂි දේශපාලන උපාය මාර්ගික ප්‍රවේශයකි. එදා ජනාධිපතිවරණයට පෙර 20වැනි සංශෝධනයක් පිළිබඳ යෝජනාවක් හෝ පොරොන්දුවක් ඉදිරිපත් නොවුනද නව ව්‍යවස්ථක් සම්මත කිරීමේ උවමනාව සෞභාග්‍යයේ දැක්ම තුළ ඉතා ප්‍රබල ලෙස අවධාරණය කෙරිණි.

ඒ නිසා පසුගිය නොවැම්බර් 16 වැනිදා මේ රටේ ඉරණම වෙනස් කළ ජනාධිපතිවරණ ජනවරම තුළ නව ව්‍යවස්ථාවක් පිළිබඳ අපේක්ෂාව ගැඹුරින් සටහන් වී ඇත. විශේෂයෙන්ම ජනාධිපතිවරණයේදී මෙන්ම ඊට පසුවද නව ව්‍යවස්ථාවට අදාළ සමාජ සංවාදය තුළ ශ්‍රී ලංකාවේ ඉරණම වෙනස් කරන බරපතළ උපායමාර්ගික යෝජනා ඉදිරිපත් විය. ඒ තුළ “එක් රටක් එක් නීතියක්” නැමති දාර්ශණික පදනමමට යටත්ව ඉස්ලාම් ආගමික අන්තවාදය සහ දෙමළ ඊළාම් බෙදුම්වාදය තීරණතාමකව දේශපාලන වශයෙන් පරාජය කිරීම සඳහා ව්‍යවස්ථාමය ප්‍රතිපාදන අවශ්‍ය බවට ප්‍රභල යෝජනා ඉදිරිපත්වේ. එහිදී බෙදුම්වාදයට ගොදුරු නොවන ආකාරයට පළාත් හෝ දිස්ත්‍රික් මට්ටමට පරිපාලන බලතල විමධ්‍යගත කිරීම සඳහා නව බලව්‍යුහයක් අවශ්‍ය බවට විවිධ යෝජනා ඉදිරිපත් වේ. එ බලව්‍යුහයේ හැඩතල නිර්මාණය වන්නේ නව ව්‍යවස්ථාවක් තුළිනි. ඒ නිසා එම නව ව්‍යුහය ස්ථාපිත කිරීමට පෙර පැරණි ව්‍යුහය ස්ථාපිත කිරීම සඳහ මැතිවරණයක් පැවැත්වීම කිසිසේත්ම සාදාරණීකරණය කළ නොහැක.

ඊට අමතරව පසුගිය වසර 03කට අධික කාලය තුළ රටපුරා පළාත් සභා නොමැතිව පළාත් මට්ටමේ පරිපාලන කටයුතු අර්බුදයකින් තොරව ක්‍රියාත්මක විය. ඊට අදාලව උතුරු නැගෙනහිර පළාත්වල ජනයාහෝ කිසිදු විරෝධයක් දක්වා නැත. ඒ ාවෙනුවට රජයේ අරමුදල් ඉතිරි වූ බවට රජයට ප්‍රසාදය ඵලකරන අවස්ථා දැකගත හැක. ඉන්දියාව විසින් ඉන්දු ෆැසිපික් කලාපීය උපාය මාර්ගික උවමනාවන්ට අනුව ශ්‍රී ලංකාව බෙදා වෙන්කිරීමේ දිර්ඝකාලීන අරමුණු සහිතව අප මත පැටවූ පළාත් සභා ක්‍රමමය නැමති විකෘති බල ව්‍යුහය රැකගත යුතුයැයි කිසිදු මහජන හඩක් පැනනැගී නැත. පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට සිහින් හඩින් හෝ මත ඵලකරන්නේ එම බලව්‍යුහය නොමැතිවීම නිසා වරප්‍රසාද අහිමිව ඇති පුද්ගලයින් විසින් බව පැහැදිලිව පෙනේ.

එවැනි තත්වයක් තුළ නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමේදී පවතින පළාත් සභා බල ව්‍යුහය තුළ කුමක් හෝ වෙනස්කම් කිරීමට සිදුවේ.ඊට අදාළ මහජන මතය පළාත් සභා සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමේ සිට ව්‍යවස්තාදායක බලය නොමැතිව විදායක බලය පමණක් විමධ්‍යගත කිරීම ආදී වශයෙන් වන පුළුල් පරාසයක පැතිරී ඇත. ඒ අනුව පළාත් සභාව වෙනසකට භාජනය විය යුතු බවට ප්‍රභල මහජන අපේක්ෂාවක් තිබෙන තත්වයක් තුළ පැරණි බල ව්‍යුහුය නැවත පිහිටුවීම සඳහ ාමැතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුවේ සැබෑ අපේක්ෂා පිළිබඳව මහජනයා තුළ අවිශ්වාසයක් ජනිත වේ. එනම් නව ව්‍යවස්ථාවක් පිළිබඳව ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන පොරොන්දුව ව්‍යාජයක් බවට මහජන මතයක් ඇතිවීමට සාධාරණ ඉඩක් ඇත. එම තත්වය ආණ්ඩුවේ ප්‍රතිරූපයට සහ අනාගත පැවැත්මට අනර්ථකාරී වන බව කිව යුතු නැත.

ඒ නිසා දැන් පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා ආණ්ඩුවට තිබෙන උවමනාව සහ නව ව්‍යවස්ථාවක් පිළිබඳ පොරොන්දුව අතර පවතින පරස්පරය නිවැරදි කළ යුතුය. එය නිවැරදි කළ හැක්කේ නව ව්‍යවස්තාව සම්මත කිරීමෙන් පසුව පළාත් බල ව්‍යුහයන්ට අදාළ මැතිවරණය පවත්වන බව සහ නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් සිදුකරන බව මහජනයාට විවෘතව ප්‍රකාශ කිරීම මගිනි. එසේ නොවන තත්වයක් තුළ ආණ්ඩුවට නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම සඳහා අවංක උවමනාවක් නොමැති බවට සහ බෙදුම්වාදීන් සහ ආගමික අන්තවාදීන් සමඟ ආණ්ඩුව දේශපාලන ඩීල් දමන බවට විවිධ පාර්ශ්ව වලින් එල්ල වන චෝදනා සනාථ වනු ඇත.

ඒ නිසා මහා සංඝරත්නය ප්‍රමුඛ මහජන විරෝධය මැද සුළු පිරිසකගේ උවමනාවන්ට අනුව පළාත්සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සහ ඒ මගින් නව ව්‍යවස්ථාවක් පිළිබඳ මහජන අපේක්ෂා බිඳ හෙලීම බලවත් දේශපාලන වරදක් බව ජනාධිපතිතුමා ප්‍රමුඛ සියලුම මහජන නියෝජිතයන්ට පෙන්වා දීමට කැමැත්තෙමු. ඒ ආකාරයට ආණ්ඩුව ජනවරමට පිටුපාමින් බෙදුම්වාදී සහ ආගමික අන්තවාදී කල්ලි කණ්ඩායම් සතුටු කිරීම සඳහා පළාත්සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට තීන්දු කරන්නේනම් ජාතික සංවිධාන ලෙස ඊට එරෙහිව අපගේ බරපතළ විරෝධය මෙසේ ප්‍රකාශ කරමු.

සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර
කැඳවුම්කරු
ජාතික සංවිධාන එකමුතුව

42,147 views

20 Comments to “20 දෙවැනි ඉනිම ඇරඹෙයි.. ‘ආණ්ඩුව ජනවරමට පිටුපානවා.. ජනතා අපේක්‍ෂා බිද වැටෙනවා.. අපේ දැඩි විරෝධය..’- ජාතික සංවිධානවලින් ජනපතිට රතු ලිපියක්..”

  1. Jehan says:

    We agreed 100%theres no need of Provincial councils. There souls be laws banking Shariya in Sri Lanka and all other Islamic features we don’t need Islamic banks and Islamic marriage laws etc. There should be one law to all

  2. ප්‍රවේණි දාසලගේ ඩොටේ බබයියා says:

    පළාත් සභා ඒපා. මෙහෙම හොඳා. අපිට ඕන ඒකාධිපති පාලකයෙක්. අපි ආසයි මහරාජාට වහල් කම් කරලා වලව්වේ ඉඳුල් කාලා හැමදාම ළිං පතුලේ වහල්ලු වගේ ඉන්න. අපේ රජා රජගේ පවුල ඥාතීන් ඉහළින් ම වැජබෙනවනම් ඔය කොමිස් පාගා හොරකම් යටිමඩි මැරකම් අතුරුදන් කිරීම් පරිසර විනාශ අපිට සුළු දේ වල්.

  3. gamaya says:

    පළාත් සභා පිහිටවුයේ සුළු ජාතීන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට ය. දැන් සුළු ජාතීන්ද පළාත් සභා වලින් ඔවුන්ට ද කිසිඳු ප්‍රයෝජනයක් නොමැති බව අවභෝධ කරගන සිටි. එනිසා ඔවුන් කිසිවෙකුත් පළාත්සභා චන්දය තියන්න කියා කෑ ගසනෙනේ නැත. නමුත් රට ජාතිය ගැන ඉතාමත් බරපතල ලෙස කතාකර බලය ලබාගත් ආණ්ඩුවේ හිඟන අමතිලාසෙට් එක පළාත් සභානැතුව මොකුත් කරන්න බැරි බව කියයි. කෙසේ හෝ මාර්තුවල චන්දය තියන බව පවසයි. නැවත පළාත්සභා චන්දය තිබ්බොත් එය ඉන්දියාව පිටින් දමා මවුබිම ගැන කතා කිරීම වැඩක් නැත. එහි සම්පුර්ණ වගකීම ගොටභය ප්‍රමුක රජය බාරගතයුතුය.

  4. අපරාදෙ සල්ලි says:

    This time many people will boycott the provincial council election . අපරාde සල්ලි .

  5. සමන් says:

    රජය මේ ජන වරම නිකන් විහිලුවකට ලක්කරල සුපුරුදු දේශපාලනය කරනව. පත් කරපු මිනිස්සුන්ගෙ හඩට ඇහුම්කන්දෙන්නෙ නැහැ තේරිලා පත්උනාම. ඔය වැඩකට නැති මුදල් කන පළාත්සභා අපිට ඕන නැහැ. මේතරන් කල් දේශපාලුවො නැතුව යසඅගේට නිලධාරීන් පාලනය කලා. අනික නිලධාරීන් වරදක් කලොත් නීතිය හරි තියනව. බොරු වැඩ නවත්තල රටේ අනාගතේ ගැන හිතල ව්‍යවස්ථාව ඉක්මනට ගේන්න. ඒක මේ පාර කලේ නැත්නම් ආයි අවස්ථාවක් එන්නෙ නෑ කොහොමවත්.

  6. පොහොට්ටුවා says:

    කුමන හෝ මැතිවරණයක් තියන්න. ජනතාව ඉන්නේ පොහොට්ටුවේ උද්දච්ඡකමට හරි යන්න සළකන්න. මුන් මොන ඡන්දයක්වත් තියන්නෙ නහැ. මේ වෙනකොට ආණ්ඩුව කුජීත වී හමාරයි.

    • Mangala says:

      එක දිගට චන්ද තියපු රනිල්ගෙ බත් බැලයෙක්ද

  7. kkuruwita says:

    පලාත් සබා එපෝ !!! අද රටේ ජනතාවගේ මූලික අවශ්‍යතාවය මෙයද ? හොර සහ පැරදුනු සහ පලාත් සබාවේ ඉඳල හොඳට හොරා කාපු එවුන් ඇරෙන්න වෙන කිසි කෙනෙක් පලාත් සබා ඉල්ලන්නේ නැහැ. මහින්ද, බැසිල් මේ වෙලාවේ මේ වැඩේ නොකරන්න. ගෝටා ඉන්නේ හරි තැන බව ජනතාව දන්නවා.

  8. saman says:

    එහෙම පිටුපෑමක් නෑ, මොකා ආවත් ඔච්චරයි. මේක කවදාවත් වෙනස් වෙන්නේ නෑමයි.

  9. Jagath says:

    අපි දේශප්‍රේමී ලක්ෂ 69.අපිට ඕනේ රාජපක්ෂ වරු විතරයි. වෙන උන්ගෙන් අපිට වැඩක් නෑ

  10. Jagath says:

    අපි දේශප්‍රේමී ලක්ෂ 69.අපිට ඕනේ රාජපක්ෂ වරු විතරයි. වෙන උන්ගෙන් අපිට වැඩක් නෑ

Main News