ආණ්ඩුව තියෙයිද.. වැටෙයිද.. අගමැති සමග තීරණාත්මක සාක්චචාව අදයි..

February 1, 2019 at 3:26 am | lanka C news
ආණ්ඩුව තියෙයිද.. වැටෙයිද.. අගමැති සමග තීරණාත්මක සාක්චචාව අදයි..

වතු  කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු නොවු නිසා දමිල ප්‍රගතිශිලි සන්ධානය (01) අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසංහ මහතා සමග තිරණාත්මක සාකච්ඡාවක් පවත්වන බව කදුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යය  පලනි දිගම්බරම් මහතා පැවසිය.

අමාත්‍යයවරයා ඒ බැව් කියා සිටියේ තම දේශාපලන ඉදි ගමන පිලිබදව අමාත්‍යවරයා සභාපති ධුරය දරන කම්කරු ජාතික පෙරමුණේ සහ ලංකා ජාතික කම්කරු සංගමයේ සමාජිකයන් දැනුවත් කිරිම සදහා (31) නොර්වුඩ් ක්‍රිඩාගණයේ රැස්විම් ශාලාවේ  පැවති රැස්විමේදිය.

මෙහිදි වැඩි ධරටත් අදහස් දැක්වු අමාත්‍යය පලනි දිගම්බරම් මහතා කියා සිටියේ වතු කම්කරුවන්ට වැටුප් වැඩි කරන බව පවසමින් වතුකරයේ දේශපාඥයින් වතු කම්කරුවන්ව මුලා කල බවයි.

වතු කම්කරුවන්ට මෙතෙක් ගෙවු  රු 40 ක දිරි ගැන්විමේ දිමනාව මෙවර නොලැබි ඇති බවයි.

මෙතෙක් පැවති මැතිවරණවලින් වතුකරයේ ජනතාව එක්සත් ජාතික පක්ෂයට සහ ජනාධිපති මැතිවරණයේදි මෛත්‍රිපාල සිරිසේන මහතාට වැඩි ජන්ද ප්‍රතිශයක් ලබා දුන් බවයි.

එම ජනතාව වෙනුවෙන් වතු කම්කරුවන්ට මෙවර වැටුප් වැඩි කිරිමේදි අහිමි වු රු 140  දිරිගැන්විමේ දිමනාව අග්‍රාමාත්‍යවරයා කම්කරු ඇමතිවරයාත්, වැවිලි කර්මාන්ත අමාත්‍යවරයාත්, මැදිහත් වි වතු සමාගම් වෙතින් ලබා දිමට කටයුතු නොකල හොත් දමිල ප්‍රගිතශිලි සන්ධානය ඉදිරියේදි දේශපාලන වශයෙන් දැඩි තිරණයකට එළඹෙන බවද අමාත්‍යයවරයා මෙම රැස්විමේදි වැඩි දුරටත් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

20,972 Viewers

4 Comments to “ආණ්ඩුව තියෙයිද.. වැටෙයිද.. අගමැති සමග තීරණාත්මක සාක්චචාව අදයි..”

  1. Nagasinha says:

    රට කන අගමැටි

  2. Kadiya says:

    බල්ලාගේ ඇඟේ ඉන්න බලු මැක්කෝ වැනි දිගම්බරම්, මනෝගනේෂන්, මුස්ලිම් කොන්ග්‍රස්, රිෂාඩ් බදුර්දීන් වැනි උන් රනිල්ව ලෙහෙසියෙන් පරාදකරන්නේ නැහැ. ඉන්දියාවත් රනිල් රැකගන්න ඒවිද? ප්‍රශ්ණ ගොඩයි. නමුත් මේ වෙලාවේ ආණ්ඩුවට ඔවැනි point එකක් දාල විරුද්ධ වුනොත් ඊළඟ චන්දෙන් වතුකම්කරුවන් බහුතරයකගේ චන්ද ගන්න දිගම්බරම්, මනෝගනේෂන් වැනි අයට පුළුවන්. බලමු තමුන්ට පෙර රනිල්ද කියල.

  3. Yakooo danwa pala wala palllata.

  4. david milibanda says:

    Oya yakku owwuwa daala yanne nehe…………….. may kudello.

Main News