ආණ්ඩුව දැඩි අස්ථාවරයි.. රාජ්‍ය සේවය එකතැන නවතී.. ඉහල නිලධාරීන් තුෂ්නිම්භූතයි..

February 15, 2018 at 12:00 pm | lanka C news
ආණ්ඩුව දැඩි අස්ථාවරයි.. රාජ්‍ය සේවය එකතැන නවතී.. ඉහල නිලධාරීන් තුෂ්නිම්භූතයි..

පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවට අත්ව තිබෙන දැඩි පරාජය හේතුවෙන් රාජ්‍ය සේවාව දැඩි සේ අකර්මණ්‍ය වී ඇති බව රජයේ ඉහල පෙලේ ආරංචි මාර්ග සදහන් කරයි.

මැතිවරණ ප‍්‍රතිඵලයත් සමග ඇතිව තිබෙන දේශපාලන අස්ථාවරභාවය හේතුවෙන් ඉහල පෙලේ රාජ්‍ය නිලධාරීන්, සියළු රාජ්‍ය සේවකයන් දැඩි සේ ව්‍යාකූල තත්වයට පත්ව තිබීම නිසා මෙම තත්වය ඇතිව තිබේ.

මෙනිසා මැතිවරණයෙන් පසු කිසිදු අමාත්‍යංශයක රාජකාරියක් හරි හැටි සිදු නොවන අතර ඒවායේ එදිනෙදා සාමාන්‍ය කටයුතු පවා ඉතා මන්දගාමීව සිදුවෙමින් ඇත.

පවතින අස්ථාවරත්වය මත නිසි වැඩපිලිවෙලක් ගෙන යාමට නොහැකි වීමෙන් රජයේ ඉහල නිලධාරීන් දැඩි ලෙස ගැටළුකාරී තත්වයකට පත්ව සිටින අතර මෙමගින් ආණ්ඩුවේ කටයුතු පවා දැඩි ලෙස ඇණහිට ඇත.

පවතින ආණ්ඩුව වෙනස් වන්නේ යයි පැතිර යන ආරංචි හේතුවෙන් මෙම තත්වය තවත් උග‍්‍ර වී ඇති අතර මේ හරහා දැඩි ආර්ථික අස්ථාවරත්වයක් නිර්මාණය වෙමින් පවතින බව මුල්‍ය වෙළදපල නියෝජිතයෝ අනතුරු අගවති.

81 views

10 Comments to “ආණ්ඩුව දැඩි අස්ථාවරයි.. රාජ්‍ය සේවය එකතැන නවතී.. ඉහල නිලධාරීන් තුෂ්නිම්භූතයි..”

  1. podi saadu says:

    janatha thiinduwa peththakata daala weda karanna hadana seerama ewn hodata mathaka thiyagamu. unta aayeth api lagata enna dawasak enawani.

  2. Kuveni says:

    There is no solution in short of a general election.

    Sirisena is not a politician of principles or policy; however Ranil in that respect has his own policies, although enemical to the country, can therefore be expected to initiate some meaningful measures as a rational politician to end the political instability of the country

  3. Aurora says:

    රාජ්‍ය සේවය පමණක් නොවේ මුළු රටේම සියලුම ක්‍රියාකාරිත්වයන් අඩපනවී ඇත. සියලුදෙනාගේම පැතුම වී ඇත්තේ මල පෙරේතයෙක් මෙන් අගමැතිකමට වහවැටී සිටින රනිල් වික්‍රමසිංහ වෙනුවට ශ්‍රී ලංකා පොලවේ පයගසා සිටින වෙනත් අයකු අගමැතිවී රජයක් පිහිටුවීමයි. නමුත් රට පිලිබඳ අබමලක හෝ හැගීමක් නැති රනිල් තවමත් අගමැති තනතුරේ කුඩල්ලෙක් නැතිනම් මලපෙරේතයෙක් මෙන් එල්ලී රට තව තවත් අඳුරට යාමට සලස්වයි. UNP මන්ත්‍රීවරු මේ තත්වය තවදුරටත් පවතින්න ඉඩ දෙනවාද ?

    • Mage rata says:

      අවුරුදු 3ක් ආර්ථිකය කාබාසීනියා කල අගමැති හොරා අස් කරනු. ඡන්දය පවත්වන තෙක් සන්ධානයෙන් භාරකාර ආණ්ඩුවක් පිහිටවනු.

  4. Nim says:

    JANATHA THEENDUWATA
    PITUPANA AYATA
    LABENA PRATHI PALA
    WE DIANA SIDU WENA BAWA
    HITHUWATH HODAI

  5. රාහුල මල්ලී says:

    රට අස්ථාවර නොකර තවදුරටත් පිස්සු කෙළින්නේ නැතුව පාර්ලිමේන්තුවේ ඉන්න සියළු මන්ත්‍රීන්ගේ යෝඡනා සම්මතයෙන් පාර්ලිමේන්තුව විසුරුවාලීමට ඡනපතිට බලය දිය යුතුය.. එවිට ඡනතාව කැමති නම් රනිල් හරි මහින්ද හරි තොණ්ඩමන් හරි හකීම් හරි අනුර හරි සම්බන්ධන් හරි ඔය මොකා හරි තෝර ගන්නේ නැතෑ….. රට අස්ථාව වුනොත් අනාථ වන්නේ ඔය 225 ට වැඩිය මේ රටේ එක්කෝටි විසි ලක්ෂයක ඡනතාව.. අන්න උං ගැන හිතපල්ලා…

  6. ගමරාල says:

    කෝ මේ ඡාතියේ මුරදේවතාවුන්…උදේ දානෙට වැළඳු පිට්ටු කටේ හිරවෙලාද…?

  7. විශ්ලේෂකයා says:

    විධායකය කර ගත්තු ලොකුම මෝඩකම තමයි පාර්ලිමේන්තුව විසුරුවීමට තමන්ට තිබුනු බලය නැති කර ගැනීම…. දැන් රට අස්ථාවර වුනත් බකං නිලාගෙන තමයි ඉන්න වෙන්න‍ෙ… රටට හෙණ ගැහිල ගියත් කමක් නෑ.. මන්ත්‍රීවරු බලන්නේ තමන්නේ අවුරුදු පහ කවර් කරලා මැරෙනකං ලැබෙන පැන්ෂන් එක ආරක්ෂා කර ගන්න…

    • SWRD says:

      With a short sighted strategy, M3 and Ranil rushed through the 19th amendment to prevent the Rajapakshas from gaining power again and as a result we have now created a lame duck president who cannot take action in the interest of the country.

      Constitutional restrictions combined with a personally incapable president driven by the greed for power have pushed the country into an abyss that has never been experienced hitherto in the political history of the country.

      What a pity!

  8. dhammika says:

    Any possibility to run into petrol shortage in near future ……???

Main News