ආණ්ඩුව නාඋල විශාලතම පොදු ක‍්‍රිඩාංගනය විකිනීමට සූදානම්..

September 6, 2018 at 4:40 pm | lanka C news
ආණ්ඩුව නාඋල විශාලතම පොදු ක‍්‍රිඩාංගනය විකිනීමට සූදානම්..

යහපාලන රජය විසින් නාඋල මහජන ක‍්‍රිඩාංගනය ක‍්‍රිඩා සංගමයකට විකිනීමේ සූදානමක් පවතින බවට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරයි.

නාඋල ප‍්‍රාදේශිය සභා මාසික රැුස්වීම අතරතුර එක්සත් ජාතික පක්ෂ ප‍්‍රාදේශිය සභා මන්ත‍්‍රිනි අචලා රාජකරුණා මහත්මිය නාඋල ක‍්‍රිඩාංගනය ක‍්‍රිකට් ක‍්‍රිඩා නැංවීම සදහා ක‍්‍රිඩා සමාජයකට ලබාදීමට සිදුකල ඉල්ලීමට විරෝධය පලකරමින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රිවරුන් වන ජී.ඩබ්ලිව්.ජී.මුතුබණ්ඩා, එච්.එම්.ප‍්‍රියන්ත හා සභාපති සනත් දසනායක මහත්වරු ඊට විරෝධය පලකලහ.

‘‘මට පොඩි සැකයක් තියෙනවා රට කෑලි කෑලි වලට කඩලා විකුණ වෙලාවේ නාඋල ක‍්‍රිඩාංගනය කොන්ත‍්‍රාත් පදනම යටතේ විකුනන්න සූදානමක් තියෙනවා කියලා ඇත්තටම මට සැකයක් තියෙනවා.’’ යැයි ජී.ඩබ්ලිව්.ජී.මුතුබණ්ඩා මහතා නාඋල ප‍්‍රාදේශිය සභාවේ දී කියා සිටියේය.

නාඋල ප‍්‍රාදේශිය සභා සභාපති සනත් දසනායක මහතා කියා සිටියේ නාඋල පොදු ක‍්‍රිඩාංගනය නාඋල ප‍්‍රදේශයේ වත්කමක් මෙන්ම අයිතියක් බවයි.

එම අයිතිය ජාතික වශයෙන් ගත් කල නාඋල ජනතාවට අහිමිවීමේ අවධානමක් පවතින බව ද හෙතෙම කියා සිටියේය.

තමන් දන්නා පරිදි ක‍්‍රිඩා අමාත්‍යංශය හා ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් ආයතනය ප‍්‍රධාන නගර ආශ‍්‍රිත ක‍්‍රිඩාංගන වාර්ෂික බදු ක‍්‍රමයට පවරා ගනිම්න් සිටින බව ද සභාපති වරයා කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රිනි අචලා රාජකරුණා මහත්මිය ගෙනා යෝජනාවට අනුව ක‍්‍රිඩාංගනය ලබාදීමේ දී සභාවට පැවරෙන කොන්දේසි හේතුවෙන් ඒවා ඉවත් කර කමිටුවක් හරහා යෝජනා කරන ලෙස ද සභාපති වරයා දන්වා සිටි අතර අවසානයේ ඡුන්ද විමසීමක් ද පැවැත් විය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කල මන්ත‍්‍රිවරුන් 09 දෙනා යෝජනාවට විරුද්ධව ඡුන්දය ප‍්‍රකාශ කළේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කල මන්ත‍්‍රිවරුන් යෝජනාවේ කොන්දේසි හේතුවෙන් විරෝධය පලකරමින් ජන්දය ප‍්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කල මන්ත‍්‍රිවරියන් තිදෙනෙක් හා එක් මන්ත‍්‍රිවරයෙක් ඡුන්දය දීමෙන් වැලකී සිටිමින් යෝජනාව නැවත අධ්‍යනය කර ඉදිරිපත් කරන බවට ප‍්‍රකාශ කිරීම විශේෂත්වයක් විය.

සභාපති සනත් දසනායක හා සෙසු මන්ත‍්‍රිවරුන් නාඋල ක‍්‍රිඩාංගනය සම්බන්ධයෙන් එල්ලකරන චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කරන බව ප‍්‍රාදේශිය සභා මාසික රැුස්වීමේ දී එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රිනි අචලා රාජකරුණා මහත්මිය ස`දහන් කළාය.

‘‘ මාතලේ දිස්ත‍්‍රික් ක‍්‍රිකට් සංගමයේ ගරු සභාපති සුජීව ගොඩලියද්ද මහත්මයා මට හත් අට වතාවක් කීවා මේ යෝජනාව සභාවට දාන්න කියලා කිව්වා.

රාජ්‍ය දේපල විකුණනවා කියන කතාව මම තරයේ ප‍්‍රතික්ෂේප කරනවා. මම ඔය යෝජනව ගෙනාවේ මම ක‍්‍රිකට් ක‍්‍රිඩාව ගැන යමක් දන්න නිසා. නැතුව මේ අයතා සිතුවිල්ලක් මුල්කරගෙන මම මේ යොජනාව ගෙනාවේ නැහැ. මේ ක‍්‍රිඩා සමාජේ අවුරුද්දකට මාස හයක් ඉල්ලන්නේ සභාවට ගානක් ගෙවලා.මම මේ ගරු සභාවට කියනවා දිස්ත‍්‍රික් ක‍්‍රිකට් සංගමය කියන මුදලට ඕක නොදුන්නොත් මගේ පුද්ගලික වියදමින් හරි මම මේක ගන්නවා. ’’ යැයි ද ඇය කියා සිටියේය.

– ඉන්දික අරුණ කුමාර

90 views
Main News