ආණ්ඩුව නොනැවතී සල්ලි අච්චු ගහයි.. මුල් මාස තුනට බිලියන 217ක් අලුත් නෝට්ටු.. මෙහෙම ගියොත් රට බංකොලොත්..

March 21, 2017 at 10:18 pm | lanka C news
ආණ්ඩුව නොනැවතී සල්ලි අච්චු ගහයි.. මුල් මාස තුනට බිලියන 217ක් අලුත් නෝට්ටු.. මෙහෙම ගියොත් රට බංකොලොත්..

රටේ ආර්ථික අර්බුදය ඉතා උච්ච අවස්ථාවකට පැමිණමින් ඇති බවත් රජයේ වැටුප් සහ අනෙකුත් වියදම් සඳහා අවශ්‍ය මුදල් භාණ්ඩාගාර බිල්පත් අලෙවියෙන් සොයාගැනීමට නොහැකි තත්ත්වයකට මේ වනවිට පත්ව ඇති බවත් මහ බැංකුවේ අලූත්ම වාර්තාව විශ්ලේෂණයෙන් පැහැදිලිව පෙනේ.

රජයේ ආදායම් වලට වඩා වියදම් බොහෝ සෙයින් ඉහළ ගොස් ඇති අවධියක තව දුරටත් භාණ්ඩාගාර බිල්පත් අලෙවියේදි දේශීය වෙළෙඳපොළ තුල පොලී අනුපාතය ඉහළ යෑම නිසා එම තත්ත්වය කෘත්‍රිම ලෙස පාලනය කිරිම සඳහා රටකට ඔරොත්තු නොදෙන ආකාරයේ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට රජය පෙළඹී ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස 2017 වසරේ දී ජනවාරි 01 වෙනිදා සිට මාර්තු 17 වෙනිදා දක්වා පමණක් රුපියල් බිලියන 217 එනම් මිලියන 216709ක් අලුතින් සල්ලි මුද්‍රණය කොට ඇත.

මහා බැංකුවේ වාර්තාව අනුව ( එම වාර්තාවේ 8 වෙනි පිටුවේ) CBSL Treasury Bill Holdings -Face 17.03.2017 ට (Rs.mn) 216,709 සඳහන් කොට ඇත.

මෙය හම්බන්තොට වරාය චීන සමාගමට විකුණා ලබාගැනිමට බලාපොරොත්තු වූ ඩොලර් බිලියන 1 දශම 2 මෙන් දෙගුණයකට ආසන්න ය.

මෙතරම් විශාල මුදලක් සල්ලි අලුතින් මුද්‍රණය කිරීම තුලින් තව මාස 6 ක් යනවිට උද්ධමනය සීඝ්‍රයෙන් ඉහළ යන අතර රුපියල ඩොලරයට සාපේක්ෂව දරුණු කඩා වැටිමකට ලක්විම අනිවාර්ය ය.

විදේශිකයන් භාණ්ඩාගාර බැදුම්කර තුල කර ඇති සියලු ආයෝජන ඉවත්විමේ අවධානම තවත් ඉහළ යනු ඇත. එමෙන්ම ඉදිරියේදී සියලුම ආනයනය භාණ්ඩ පෙට්‍රල් ඇතුලුව ඉහළ යෑම අනිවාර්ය බව ආර්ථික විශේෂඥයන්ගේ මතය යි.

16 views

10 Comments to “ආණ්ඩුව නොනැවතී සල්ලි අච්චු ගහයි.. මුල් මාස තුනට බිලියන 217ක් අලුත් නෝට්ටු.. මෙහෙම ගියොත් රට බංකොලොත්..”

  1. ගිරවා says:

    අනේ අපොයි අපේ රටට සිදුවුන විපත්තිය
    පබයෙක් රජ වූදා ……….
    බැදුම් කරේ හොරු රටේ මුදල් හොරා කාලා
    අපේ මිනිසුන්ගෙ මුදල් සූරා ගෙන
    කාසි පනං සොයන්න මැති ඇමතිලා පිය මැන්නා
    යහපලානේ ගත් ණය වලට රටේ ආර්ථිකේ පිරිහෙළා
    උකස්‌ කරපු රට දැන් බාගෙට සින්න වෙලා
    උතුරේ කොටින්ට පන පොවමින්
    තිබුණ එකම ජාතික සම්පත් විදේශිකයන්ට පුදමින්
    යමපාලනේට ඉන්න උනා හිඟමන් යදිමින්

    • Sira says:

      MaRa Hora Kaapu tika eta deka Mirikala Hari ganna kale den.

    • Amda says:

      ඉතින් බන් අපි ගෙදරම අච්චු ගහගන්නම් කෝ…..
      කලර් ලේසර් එකක් තියෙනවා……ඇති නේ.

      අච්චු ගහන සල්ලි ඉතුරුයි ආන්ඩුවට.

      කවුරුහරි මේක පත්තරේ දාන්නකො …..ලොකු තැනට පේන්න.

  2. Banana Republic says:

    2015 වසරේ දි රාජ්‍ය ආයතන විසින් සේවක අර්ථසාධක අරමුදලට ගෙවිය යුතු රුපියල් බිලියන 15 ක් මේ වනවිට ගෙවා නොමැති බවත් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ප්‍රකාශ කල බව ඩේලි FT පුවත්පත වාර්තා කරයි.

  3. sirimal says:

    Finance Minister claims he is a qualified Accountant. He is hiding facts. He uses FCMA, without specifying, whether it is Sri Lanka or the UK. In fact, he is a member of Certified Management Accountant of Sri Lanka. I am not downgrading CMA Sri Lanka, but this rogue call himself FCMA, meaning Fellow Chartered Management Accountant, UK, the prestigious international qualification.

    He was a failure at the Delmege Forsyth. He is a disaster in financial management. He is only an obedient servant of his leader, Ranil, who is running an agenda against Sri Lanka. Ravi must be given a POL KATU MAL MALAYA

  4. Guide says:

    Dan sapadaaaaaaaaa ???????

  5. බකලදාස says:

    ආර්තික ඔස්තාර්ලගෙ වැඩ කිඩ සහ ලොක්කගෙ චෙස් බයියන්ට තේරෙන්නෙ නෑ!

  6. Yasantha says:

    මෙහි ඇති ලොකුම විහිලුව මේ කම්බ හොරාට ආසියාවේ හොඳම මුදල් ඇමති කියා සම්මාන දීමයි! සම්මානය දෙන්නේ ලන්ඩන් නුවරදී! හුදීජනයා වන අපි අඬන්නද හිනාවෙන්නද? කරුණාකරලා මූට සම්මාන දෙන එවුන් අපට ඒකත් කියලා දෙනවද?

  7. singha says:

    රුපියල කඩා වැටෙනවා කියන එක ගැන 08පාස් මිනිහෙක් කොහොම තේරුම් ගනීද? එක්කෝ මුක්කු
     ගහන්න ,නැතිනම් බැදලා තියන්න කියයි.මුක්කුව තමයි
     මුදල් අච්චු ගැහීම,බැදුම්කරේ තමයි රැපියල බැදලා තැබීම
     ඒ ආකාරයට තමයි අද මිනිහාව ගොනාට අන්දවලා තියෙන්නේ. මෙවන් නිවටයන්ට මෝඩයෝ 
    රැවටෙනවා,නමුත් උගතුන් කොහොමද මේ මිනිහාට කතිරය
     ගැසීමට තම පෑණ  මෙහෙයෙවීම මොනතරම් නූගත් කමක්ද?

  8. ගමේ කොල්ලෙක් says:

    වෙනස කෝමද….., දැන් සැපද……

Main News