ආණ්ඩුව පිපිරිලා.. අපිවත් හිතුවෙ නෑ මෙතරම් ඉක්මනට පුපුරයි කියලා.. මේ ආණ්ඩුව දේශපාලන අච්චාරුවක්..
September 17, 2020 at 3:50 pm | lanka C news
20 සංශෝධනය මූලික කරගෙන ආණ්ඩුව ඇතුළත පැවති ප්රතිවිරෝධතාවන් මේ වන විට පුපුරා ගොස් ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.
ආණ්ඩුව තුල පැවති විරෝධතා කිනම් හෝ වෙලාවක පුපුරා යාමට නියමිත තිබුණද මෙතරම් ඉක්මනට පුපුරා යයි කියා තමන් ද විශ්වාස නොකළ බව ඒ මහතා කියා සිටියේය.
ඉදිරියේදී ඇතිවන ආර්ථික අර්බුදයන් ඔස්සේ තවදුරටත් මෙය දේශපාලන අර්බුදයක් බවට පත්වනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
වර්තමාන ආණ්ඩුව සම්පූර්ණයෙන්ම දේශපාලන අච්චාරුවක් බවත් වැඩිපුරම ඇමරිකානු හිතවාදීන් සිටින්නේ ද මෙහි බවත් ඔහු පෙන්වා දෙයි.
අධිකරණය හමුවේ පෙනී සිටීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.