ආණ්ඩුව පෙරලන්න රාජපක්ෂ පවුලෙන් කුමන්ත්‍රණයක්.. විජේදාස රාජපක්ෂත් රාජපක්ෂ ගොඬේමයි..- ජනපති කියලා
June 16, 2017 at 12:00 pm | lanka C news
ආණ්ඩුව පෙරලා දැමීම සදහා රාජපක්ෂ පවුලෙන් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් ආන්ඩුව තුලද ඊට උපකාර කරන පුද්ගලයින් සිටින බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසු බව නව සම සමාජ පක්ෂ නායක වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි.
ඇමති විජේදාස රාජපක්ෂත් රාජපක්ෂලාගේ ගොඩටම වැටෙන බවද ජනාධිපති පැවසූ බව ඔහු කියා සිටියේ කොළඹදී පවැති මාධ්‍ය හමුවක් අමතමිනි.