ආණ්ඩුව පෙරලෙන තත්වයක් තියෙන්නේ..- රවි කරුණානායක

March 5, 2018 at 12:02 am | lanka C news
ආණ්ඩුව පෙරලෙන තත්වයක් තියෙන්නේ..- රවි කරුණානායක

ජනතා ද්‍රෝහී ආර්ථික වැඩපිලිවෙලවල් යෝජනා කරමින් ආණ්ඩුව කෙරෙහි ජනතා අප‍්‍රසාදය ඇති කරන ලද්දේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් බව හිටපු මුදල් ඇමති රවි කරුණානායක මහතා පවසයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මෙරට කාර්යභාරය අවසන් බැවින් ඔවුන් මෙරටින් පිටව යා යුතු යයිද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

මහ බැංකුවේ පණ්ඩිතයන්ගේ ක‍්‍රියාකාරකම් නිසා ආණ්ඩුව පෙරලෙන තත්වයක් ඇති වී තිබෙන බවද ඔහු කියා සිටී.

96 views

15 Comments to “ආණ්ඩුව පෙරලෙන තත්වයක් තියෙන්නේ..- රවි කරුණානායක”

  1. lamawansa says:

    ithihasagatha horek. keewathawak jantha mudal horakam kalada? million 80 suludeyak kiwwe maya pal hora hire damanu

  2. Karu Jayasuriya says:

    මු වෙනම පොතක් දා ගෙන එන්නේ උගේ දේවල් අමතක කරන්න. දැන් මේ දේවල් කතාකරනවා මිසක් මෙයාගේ හොරකම් අමතකe.

  3. මනෝජ් සේරමි says:

    රවි කරැණානායක දැරෑ අමාත්‍යාංශය දෙකම අවුල්කළා පමණක් නොවෙයි ඔහුගේ ක්‍රියා පිළිවෙල හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය පිරිහීමට ලක්උනා. 2002-2004 වෙළඳ ඇමතිකාලේ සතොස විකිණීම වැනි අදූරදර්ශී ක්‍රියාමාර්ග එක්සත් ජාතික පක්ෂය පරාජයට ප්‍රබල ලෙස බලපෑවා.කැබිනටි මණ්ඩල රැස්වීමෙිදී චන්ද්‍රිකාගෙ හෑන්ඩිබෑග් ගැන හොයන්න ගිහින් නැති ප්‍රශ්න ඇතිකළා.
    යුද්ධය සාර්ථකව කරගෙන යන අතරේ “අලිමංකඩ යනවා කියල පාංමකඩ යනවා” යැයි වැනි ගොංතකතිරැ මෝඩ ප්‍රකාශ කරමින් UNP යට බලවත් හානියක් කළා.

    මුදල් ඇමතිකම අරගෙන UNP ය වලපල්ලටම ඇදල දැමිමා. බැදුමිකර වංචාකරැවන්ගෙන් නොයෙකුත් ප්‍රතිලාභ ලබාගත් බවට චෝදනා එල්ලවුනා. ජනාධිපති කොමිසම ඉදිරියේ නිරැත්තර උනා. මීට පෙර සිටි කිසිම මුදල් ඇමතිවරයෙක් නොකල පරිදි රැපියල් බිලියන 75 රජයට මුදල් අවශ්‍ය බවට දිනරහිත ලිපියක් මහබැංකු අධිපතිට ලිවීමෙන්ම වගකීම් විරහිතබව සහ අයහපත් චෙිතනාව තහවුරැ උනා.
    ලොතරැයි වල මිළ රැපියල් 30 දක්වා වැඩිකළා. රජයට බදු ආදායම අහිමිකරමින් රේගුව ලවා වාහන නිදහස් කළා. වරායේ ගුදම් තමා සමිබන්ධ සමාගමිවලට ලබාගත්තා. විදේශ අමාත්‍ය යටතට ලොතරැයි මණ්ඩල ගැසටිකර ගැනීම විහිළුවක් බවට පත්උනා. රජයක් ලැබුනා කියා ලැබුන තානාන්තරවලින් සෑහීමකට පත්උනේ නැහැ. තව තව වෙනත් අමාත්‍යාංශවලටද ඇගිලි ගසා සහෝදර ඇමතිවරැන් අමනාප කරගත්තා.
    මීට පෙර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කීර්තිමත් මුදල් අමාත්‍යවරැන් ලෙස කටයුතු කළ JR.ජයවර්ධන, යූ.බී.වන්නිනායක, රොනී ද මැල් වැනි අය මහ බැංකු නිළධාරීන් සමග ඉතාමත් සහයෝගයෙන් සුහදව කටයුතු කළත්,මොහු මහ බැංකුවෙි සේවයේ නියුතු පශ්චාත් උපාධි, ආචාර්ය උපාධි ඇති පළපුරැදු දක්ෂ නිළධාරීන් නොසලකා හැර ඔවුන්ට පරිභව කළා. තමා මහා ආර්ථික විද්‍යාඥයෙක් යැයි හිතින් මවාගෙන කටයුතු කළා.
    එජාපයේ වඩාත්ම ජනප්‍රිය, තරැණ නායකයා වන සජිත් පේමදාසටත් අභියෝග කරමින් ජාතික ඇදුම අදිමින් බොරැ උඩගුකමක් මවා ගත්තා. බිරිඳ සහ බිරිඳගේ නෑයින් රවි රටෙි මීලග ජනාධිපති බව තැන, තැන කියමින් ගියා.
    රවි කෙතරමි වෙහෙසවී වැඩ කළත්, ඔහුට පිරිසිදු චෙිතනාවක් සහ දැක්මක් තිබුනේ නැහැ.සිය අමාත්‍යාංශය හරහා යමි යමි වරප්‍රසාද දී එජාප පසුපෙල මන්ත්‍රීවරැන් කිහිප දෙනෙකු අල්ලා ගත්තත් පසුව ඔවුන්ටද යථාර්ථය වැටහුනා.
    මෙම සියල්ලේ අවසාන ප්‍රතිඵලය වන්නේ තමන්ට උපකාර කළ සියළු එජාප පාක්ෂිකයන් අමාරැවෙි දමා තමනුත් අමාරැවෙි වැටී, පක්ෂයත් විනාශවීමයි.

Main News