ආණ්ඩුව බංකොලොත්.. රාජ්‍ය සේවක අතිකාල දීමනා 50%ක් කපා දමයි.. චක්‍රලේඛය මෙන්න..
August 31, 2017 at 3:12 am | lanka C news
කම්කරු අමාත්‍යාංශ ඉතිහාසයේ පළමු වතාවට එහි සේවකයන්ගේ අතිකාල දීමනා සහ සංයුක්ත දීමනා සියයට පනහකින් කපා දමා ඇත.
මේ ගනු ලැබූ ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් අමාත්‍යාංශ සේවකයන් සියළු දෙනා දැඩි නොසන්සුන්තාවයට හා කලකිරීමට පත්ව ඇතැයි වාර්තා වෙයි.
ප්‍රවාහන හිමිකම් නොමැති නිලධාරීන්ට ප්‍රවාහන පහසුකම් ලබාදීම සඳහා විශාල මුදලක් වැය කරන අමාත්‍යාංශය එක් නිලධාරියෙකුට සතියක විදේශ සංචාරයක් යාමට පමණක් රුපියල් ලක්ෂ ගණනක් වැය කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි. මීට අමතරව තව විවිධ අනවශ්‍ය වියදම් රැසක් අමාත්‍යාංශය තුළ සිදුවන බව වාර්තා වෙයි.
අතිකාල කැපීම පිළිබඳව 30 පෙරවරුවේ අමාත්‍යාංශ සේවකයන් දැනුවත් කරමින් නිකුත් කර ඇති අභ්‍යන්තර චක්‍ර ලේඛයකින් අවධාරණය කර ඇත්තේ අදාල දීමනා ගෙවීම සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැති බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නම සඳහන් කිරීමට අකමැති සේවකයකු කියා සිටියේ ඒ ශ්‍රේණියේ අමාත්‍යාංශයක් වන කම්කරු අමාත්‍යාංශය තුළ මෙවැන්නක් සිදුවූ පළමු අවස්ථාව මෙය බවයි. වැඩි දුරටත් ඔහු සිටියේ දැඩි ආර්ථික අර්බුදයක් පැවැති යුධ සමයේවත් හොරා යැයි චෝදනා කරන මහින්ද රාජපක්ෂ යුගයේවත් මෙවැනි කප්පාදුවක් සිදු නොවූ බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෙක් කම්කරු අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී මෙවැන්නක් සිදුවීම අදහාගත නොහැකි කරුණක් බව ද එම සේවකයා පැවසීය.
Kopamana bankoloth unath gon bana putu deke inna lassana. Manda buddhikayo wage wage wagk naha.Monatharam winashayakda karanne. Hata delakshayakma nuhuguna karayo inna rataka meeta wada deyak balaporoththu wenna puluwanda? ane apoi.
රාජකාරි වෙලාවෙ ළමයි පාසැල් ගෙන යන්න බැංකු යන්න.Skype ආදී වැදගත් සංවාද වල යෙදෙන්න තිබේ. වැඩ ක් කරන්න හැකි වෙලාව කපන එකට මං විරුද්ධ යි.
monawatada OT. train seasion ekath harf….. hama reddama rajaye sewakayanta….
නියම වැඩක් , මුන් එකෙක් වත් හරියට වැඩක් කරන්නේ නැ , ගහන්නේම ICE , අපි වැඩක් කරගන්න ගිහාම අපිව කොච්චර රස්තියාදු කරනවද වල හැත්ත . අපි private job වල කොච්චර මැරෙනවද . මුන් 90% ජරා පප්පල