ආණ්ඩුව රැකගන්න නම් රාජිත වහා ධුරයෙන් නෙරපනු..- ශ්‍රීලනිප ඇමතිලා ජනපතිට, අගමැතිට රතු එලි දල්වති..
May 6, 2017 at 3:50 pm | lanka C news
තව දුරටත් හවුල් ආණ්ඩුව පවත්වාගෙන යාමට නම් රාජිත සේනාරත්න ඇමතිවරයා ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් වහා ඉවත් කල යුතු යයි ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට පැමිණිලි කිරීමට ශ්‍රීලනිප ඇමතිවරුන් පිරිසක් සැරසෙති.
ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති ජෝන් සෙනෙවිරත්නට ඇමති රාජිත සේනාරත්න විසින් නීච තුච්චා ලෙස බැණ වැදීම නිසා මෙසේ කටයුතු කිරීමට එම ඇමතිවරුන් තීරණය කර ඇත.
ඇමති රාජිතගේ ප්‍රකාශ නිසා ගත වූ කාලය මුළුල්ලේම ආණ්ඩුව අප්‍රසාදයට පත්ව ඇති බවද එම ඇමති පරිසේ අදහසයි.