ආණ්ඩුව විපක්ෂ මන්ත්‍රීන්ගේ දුරකතන ඇමතුම් හොරෙන් අසනවාද.. බදියුදීන් සජිත්ට ඇමතු බව දන්නේ කෙසේද…
October 17, 2020 at 6:48 pm | lanka C news
ආණ්ඩුව විසින් විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ දුරකථන සංවාද වලට හොර රහසේ නීති විරෝධී ව සවන් දෙන්නේ දැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රි මනුෂ නානායක්කාර මහතා ප්‍රශ්න කරයි.
එසේ සිදු කරන්නේ නම් එය මෙරට ප්රජාතන්ත්රවාදය හා පුද්ගල නිදහසට බරපතල තත්වයක් එහි ද ඔහු කියා සිටී.
රිෂාද් බදුර්දීන් හිටපු ඇමැතිවරයා සොයමින් විපක්ෂ නායකවරයාගේ නිල නිවසට පොලිසිය ඇතුළුවූයේ දුරකථන ඇමතුමක් ලබා දුන් නිසා යයි කීවත් පොලීසියට කිසිම අවස්ථාවක දුරකථන වාර්තාවක් ලබාගත නොහැකි බවත් වාර්ථා ලබා ගත යුත්තේ අධිකරණ නියෝගයක් මත පමණක් බවත් ඔහු සඳහන් කරයි.
විසිවන සංශෝධනය පෙර මෙවන් තත්ත්වයක් ඇති වී තිබේ නම් ඊට පසුව කොතරම් ඒකාධිපති තත්ත්වයකට රට ගෙන යනු ඇතැයි ඔහු ප්‍රශ්න කරයි.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
දිනෙන් දින සිය අසාර්ථකත්වය ඔප්පු කරමින් සිටින ආණ්ඩුව, රටේ ප්රමුඛතාවයන් කෙරෙහි සංවේදී වනවා වෙනුවට විකට රසාංග ඉදිරිපත් කරමින් සිටී.
මේ මොහොතේ දහසකුත් එකක් ප්‍රශ්න රට පුරා ඇති අතර එදා වේල පිරිමසා ගැනීම පවා ජනතාවට බලවත් ගැටලුවක් බවට පත්ව තිබේ. කොරෝනා දෙවෙනි රැල්ල රට පුරා විසිරී ඇති අතර ජන ජීවිත බිදවැටී ඇත.බොහොමයක් වෙළද සැල්,රාජ්‍ය ආයතන,බැංකු සහ වෙනත් ආයතන රැසක්ම වසා දමා තිබේ. දිනෙන් දින හමුවන කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය ඉහල යන අතර සෞඛ්‍ය අංශවල අඩුපාඩු සහ ගැටලු බොහෝය.පළමු කොරෝනා රැල්ලෙන් කබලට වැටුණු ජීවිත දෙවෙනි රැල්ලෙන් ලිපට වැටී ඇත.
මේ සියල්ල මැද ආණ්ඩුව සිය නවතම නාඩගම රගදක්වා ඇත්තේ රිෂාඩ් බදූර්දීන් මහතා අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුම ලෙසට ය. විශේෂ පොලිස් කණ්ඩායම් හයක් යොදවා දෙදිනකට වැඩි කාලයක් ගතකර ඇති නමුත් තවමත් බදූර්දීන් මහතාව අත්අඩංගුවට ගැනීමට හැකිවී නැත. ඔහු අත් අඩංගුවට ගන්නා ලෙස වරෙන්තුවක්ද නැත.
දැන් එය ආණ්ඩුවේ විකට රසාංගයක් බවට පත්ව ඇති අතර රහස් පොලිසිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නිවසට පැමිණ කට උත්තර ලබා ගැනීම දක්වා එම රසාංගය දිගු වී තිබේ. රහස් පොලිසිය විපක්ෂ නායකයාගෙන් විමසා ඇත්තේ අදාල දිනයේ රිෂාඩ් බදූර්දීන් මහතා සහ විපක්ෂ නායකයා අතර දුරකතන ඇමතුමක් ඇතිවූයේ ඇයිද කියාය.
මෙය කොතරම් විහිළු සහගත තත්ත්වයක් ද කිවහොත් විපක්ෂ නායකයාට සිය පාර්ශවයේ මන්ත්‍රීවරයෙකුගෙන් ඇමතුමක් ලැබීම පවා ආණ්ඩුවට ප්රශ්නය කි.සිය මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කිරීම,ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම විපක්ෂ නායකයා සතු කාර්යභාරයක් මෙන්ම වගකීමක්ද වේ.සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකයා ලෙස සිය වගකීම අකුරටම ඉටු කළේය.නීතිගරුකබව මෙන්ම නීතියට අනුව කටයුතු කිරීමද පිළිබඳව දැඩි සේ විශ්වාස කරන විපක්ෂ නායකයා කිසිදු විටෙක අනීතික කටයුතු වලට ඉඩකඩ ලබා දී නැත. එහෙත් ආණ්ඩුව සිය දුෂ්ඨ අරමුණු පෙරදැරිව මේ සිදුවීම දේශපාලන අරමුණකට ගෙන පිළිකුල් සහගත වැඩපිළිවෙළක් දියත්කර ඇති බව පෙනේ. අනෙක් අතට ආණ්ඩුව රිෂාඩ් බදූර්දීන් මහතා ව අත් අඩංගුවට ගන්නට විශේෂ පොලිස් කණ්ඩායම් 6ක් යොදවා ඇතිබවට පාරම් බායි.එතැන් සිට දෙදිනක් ගතවී ඇතත් එය සිදු නොවීමෙන් ගම්‍ය වන්නේ ආණ්ඩුව සහමුලුන්ම තිර පිටපතකට කටයුතු කරන බවය.ආණ්ඩුව කළයුත්තේ රටේ පවත්නා බරපතල ව්‍යසනය කෙරෙහි අවධානය යොමු කොට වහාම අවශ්‍ය ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගැනීමය.
ඒ වෙනුවට ආණ්ඩුව විසිවෙනි සංශෝධනය සහ වෙනත් සිල්ලර කාරණා මත යැපෙමින් එදාවේල දේශපාලනයක් කරමින් සිටින බව අවධාරණය කළ යුතුය.නීතියට හිස නැමීමත්,ඊට ගරු කිරීමත් පිළිබඳව සමගි ජනබලවේගයට ආණ්ඩුව ටියුෂන් දියයුතු නැති අතර වහාම ආණ්ඩුව රටේ ප්‍රමුඛතා හදුනාගැනීමේ ක්‍රියාවලියට අවතීර්ණ වියයුතු බව සිහිපත් කරමු.
– විපක්ෂ නායක මාධ්‍ය අංශය
මනුෂ නන්නත්තාර කතා කියන විට
පුලුවනිද සැඟවූ රිෂාඩ්ව අල්ලා ගන්ට
නිදහසෙ පාස්කු මැර නීති සැඟ වුන්ට
බරපතල වරදකි මනුෂ කලේ රට්ටන්ට
ජීවිත අහිමිව අසරණ වුනු කිතුනු අපේ
මව්වරු .අදත් කඳුලිනි වැලපි දුකි කිපේ
රිෂාඩ් හංඟා සිටින අයටද අරාබි සැපේ
ලැබෙනවා පෙන්වයි මනුෂ වචන. ඔපේ
අනාතයෝ….
කුරුට්ටන්,ජවිපාවුන් හා ප්ලැකුනිලයන් යනු එක මවගේ දරුවෝය.ගව ඝාතනය තහනම් කිරීමෙන් ඔව්හු අමන්දානන්දයට පත්ව ඇත.ඒ සිය වර්ගයාගේ ඉල්ලීමක් පලමු වතාවට සාර්ථක වූ බැවිනි.දැන් සියලු ගවයන් නිදහසේ තපුල්ලනු පෙනේ.
MANUSHALA vage VAVULLU innakota onema pakshekin “THORATHURU” denaganna puluvan…..smagi jana bala vege inna pakshamaru manthreela tath puluvan oya de karanna…. hoyala balapalla…
A loser with nothing else to say against the govt. is barking…… 🙂 Don’t let these jokers affect the country.
Foolish idiot. All the calls are recorded (number, time etc) in telecom providers databases.
මේ යන විදිහට රට සන්වර්ධනය කරලා පෙන්න අපු සෙට් එක වෙන වැඩක් කරන්නේ. එකෙකුටවත් දෙන් ඒක මතකවත් නෑ. රට දියුනු කරන වැඩෙ පස්සෙ කරයි,
පුහුල් හොරා කරෙන් දැනේ බඩූඋද්දීන් ඉන්නේ කොහෙද ඉන්නේ කියලා දන්නවනේද?????
අනාතනාත අමනුෂ්‍ය නන්නත්තාරනායක එලොව මෙලොව දෙලොවම පොල්පෙනිලා වගේ???????