ආණ්ඩුව විශ්ව විද්‍යාල අර්ථසාධක අරමුදලත්, මහපොළත් කොල්ල කාලා ජවිපෙ නිහඩයි…

July 2, 2018 at 6:48 pm | lanka C news

මේ වන විට ආණ්ඩුව හා ආණ්ඩුවේ ගජ මිතුරන් විශ්ව විද්‍යාල අර්ථසාධක අරමුදලත් මහපොළ ශිෂ්‍ය ආධාර මුදලුත් කොල්ල කා ඇතත් ජවිපෙ නිහඩ බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් මෛත්‍රී ගුණරත්න මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කලේ අද උදෑසන (2018.07.02) දින  පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා……

අද වෙනකොට විශ්ව විද්‍යාල අරමුදල හොරකම් කරලා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අරමුදල කොල්ල කාලා. මේ දෙකේ වටිනාකම රුපියල් මිලියන 146ක් නමුත් විශ්ව විද්‍යාලයේ ආරක්ෂකයා ලෙස සමාජයේ පෙනී ඉන්න බව පෙන්වමින් ඉන්න ජනතා විමුක්ති පෙරමුණ මේ වන තුරු මේ ගැන වචනයක් කතා කරන්නේ නැහැ. විශේෂයෙන්ම විශ්ව විද්‍යාලයේ ප්‍රශ්න ගැන කතා කරන දොස්තර නලින්ද ජයතිස්ස අද මේ ගැන නිශ්ශබ්දයි.

අපිට ප්‍රශ්නයක් තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ විශ්ව විද්‍යාල කැන්ටිමේ හොද්දේ ලුණු වැඩි උනත් උද්ගෝෂණ කරනවා, පාරට බහිනවා, විශ්ව විද්‍යාලයේ ළමයි පෙළපාලි යවනවා නමුත් මේ ප්‍රශ්නයේදී ඔවුන් මේ ගැන කතා කරන්නේ නැහැ.

තවදුරටත් අදහස් දැක්වු මෛත්‍රී ගුණරත්න මහතා……

අපිට පැහැදිලි සැකයක් තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ සිද්ධ වෙච්ච බැදුම්කර වංචාව ආරක්ෂා කරන්න සහය දෙනවද කියලා. ජනතා විමුක්ති පෙරමුණ විශ්ව විද්‍යාලයේ සුළු දෙයක් වුනත් පෝස්ටර් ගහනවා, පෙළපාලි යනවා නමුත් මේ සිද්ධිය ඔවුන් නොදැනුනාසේ ඉන්නවා. ඇයි මේ සිදුවීමේදී ජවිපෙ ලිප්ටන් වට රවුමට ඇවිත් ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණය නොකරන්නේ. අපි අහනවා ජනතා විමුක්ති පෙරමුණෙන් මේවා රටේ සල්ලි නොවේද? මහපොළ කියන්නේ ආණ්ඩුව ඉගෙන ගන්නා දරුවන්ට දෙන ශිෂ්‍ය ආධාර මුදල් නොවේද? කියලා. මේ සල්ලි ආණ්ඩුව හා ආණ්ඩුවේ ගජ මිතුරන් හොරකම් කරද්දී ජවිපෙ විශ්ව විද්‍යාලයේ මුර දේවතාවන් සේ පෙනී ඉදිමින් ඇයි නිහඩව ඉන්නේ කියලා. රටේ ජනතාවට අද ප්‍රශ්නයක් තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ මේ කාරණා වලට රටේ ජනතාවට පිළිතුරු දිය යුතුයි කියලා අපි කියනවා. දොස්තර නලින්ද ජයතිස්සට අපි කියනවා කරුණා කරලා රටේ ජනතාවට මේ සම්බන්ධයෙන් උත්තරයක් දෙන්න කියලා යනුවෙන්ද සදහන් කලේය.

– කීර්ති දුණුවිල

59 views

7 Comments to “ආණ්ඩුව විශ්ව විද්‍යාල අර්ථසාධක අරමුදලත්, මහපොළත් කොල්ල කාලා ජවිපෙ නිහඩයි…”

  1. ගන්ජ බන්ඩා says:

    ජ‌ෙප්ප‌ො කියන්න‌ෙ ‘යහපාලන‌ේ’ බලයට අව දවස‌ෙ ඉඳල රතු අලි පැටව්.
    න‌ේද? එකන‌ෙ චන්ද නැතුව උන් උන්ම ජනාධිපති ත‌ෝරන්න ට්‍රය් ඒක.

  2. ලපය . බුරන්නෙ, බුරන්න කියල කිවිවම විතරයිනෙ…..එ්ක දන්නෙ නැද්ද තාම….?

  3. click says:

    “අපිට පැහැදිලි සැකයක් තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ සිද්ධ වෙච්ච බැදුම්කර වංචාව ආරක්ෂා කරන්න සහය දෙනවද කියලා”.

    There’s no doubt about it!

    The main reason for their use of all of the resources at their disposal to sling mud at Mahinda is to hide Central bank bond scam. They must be paid lavishly for that service.

  4. David Milli-banda says:

    Lapayatath gaanak hambawela…………………..
    Koooooooooooooooooooooooooo may Lal Kantha sahodarayaaaaaaa .. eyath ndhi OR
    eyatath $$ lapaya kawala.

  5. Open mind says:

    දැන් අන්තරේ කා අතේද ? ඇයි හැංගිලා.

Main News