ආණ්ඩුව වෙනස් කිරීමේ සූදානමක් ඇතැයි රනිල් පිල මාධ්‍ය කැදවා කියයි.. ජනපතිට-සජිත්ට අනතුරු අගවයි.. ව්‍යවස්තාව රකින අරලිය සටන යලි කැදවයි..
August 21, 2019 at 10:12 pm | lanka C news
නැවතත් කුමන්ත්රණකාරී ලෙස ව්‍යවස්ථා විරෝධී ආකාරයෙන් ආණ්ඩුවක් පිහිටුවීමේ උත්සාහයක් ඇති බව දැනගන්නට ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසයි.
ඒ ආකාරයේ ව්‍යවස්ථා විරෝධී වැඩ නැවතත් සිදුකරන්නට නොයන ලෙස ජනාධිපතිවරයාටද අනතුරු අඟවන බව ද ඔහු කියා සිටියේය.
එවන් ආණ්ඩු සෑදීමේ සාකච්චා රෑට රෑට සිදුවන බවද ආරංචි බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම මේ බව කියා සිටි බවත් ඔහු සඳහන් කළේය.
ඕනෑම පුද්ගලයෙකු කුමන්ත්රණයකින් බලයට ඒමට හෝ ඔහුගේ ජනප්‍රියත්වය වැඩි කිරීමට උත්සාහ ගන්නේ නම් එය ඔහුගේ අවසානය බව දැන ගත යුතු බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.
අරලියගහ මන්දිරයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.