ආණ්ඩුව සාර්ථක ගමනක් යමින් සිටියදී විදෙස් කුමන්ත්‍රණකාරීන් එම ගමන අාපසු හැරවීමේ උත්සාහයක..

April 14, 2021 at 4:40 pm | lanka C news
ආණ්ඩුව සාර්ථක ගමනක් යමින් සිටියදී විදෙස් කුමන්ත්‍රණකාරීන් එම ගමන අාපසු හැරවීමේ උත්සාහයක..

ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමති විමල් වීරවංශ මහතා විසින් නිකුත් කර ඇති අලුත් අවුරුදු සුබ පැතුම මෙහි දැක්වෙයි.

ජාතියේ අභිලාෂයන් ඉටු කරලීමට අර්ථාන්විතව සහ සවිමත්ව පෙළගැසෙමු!

සිංහල – බෞද්ධ සහ දෙමළ – හින්දු ජන කොටස් පමණක් නොව මුළුමහත් ලාංකේය ජාතියම ඒකාත්මික කෙරෙන තවත් ජාතික අලුත් අවුරුද්දක් අදට (14) යෙදී තිබේ. ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතය හේතුවෙන් ගෙවී ගිය වසරේ ජාතියක් ලෙස අපට අපගේ ශිෂ්ටාචාරගත උරුමයන් සිහිපත් කර දෙන ඒ මහා සංස්කෘතික උළෙලේ අසිරිය විඳ ගත නොහැකි විය.

2019 වසරේ ලැබුවාවූ ජාතික අලුත් අවුරුද්ද ගෙන ආ ප්‍රබෝධය උදුරා ගනු ලැබූයේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය විසිනි. ලොවටම ආදර්ශයක් වෙමින් කොරෝනා වසංගතය ශ්‍රී ලංකාව තුළ සාර්ථකව පාලනය කිරීමට හැකිවීම හේතුවෙන් වසර කිහිපයකට පසුව අපට ජාතියක් ලෙස අවුරුදු උළෙලක අසිරිය විඳ ගැනීමේ භාග්‍යය උදා වී තිබේ.

අප ඉදිරියේ මේ වසරේ රටක් ලෙස ඇත්තේ අභියෝග රැසකි. එක් පසෙකින් ජාතියට ඉස්ලාම් අන්තවාදය විසින් එල්ල කොට ඇති අභියෝගයට මුහුණ දීමට සිදුව තිබේ. අප රජයක් ලෙස කටයුතු කරමින් සිටින්නේ ජාතියට කවර ආකාරයකවත් මර බියක්, ත්‍රස්තවාදයක් ඇති නොවන ලෙස අවශ්‍ය පියවර ගනිමිනි.

දේශයේ දූ පුතුන් රැකියා වියුක්තියෙන් මුදවා ගනිමින් උපාධිධාරීන් පමණක් නොව අවම අධ්‍යාපන සුදුසුකම් සහිත වූවන් ද ඇතුළු ලක්ෂ එකහමාරක පමණ පිරිස රාජ්‍ය සේවයට බඳවා ගනු ලබන්නේ ද මේ වසරේ ය. ඒ තුළින් රාජ්‍ය අංශයේ මැදිහත්වීමෙන් කඩිනම් ග්‍රාමීය සංවර්ධනයක් අපේක්ෂා කළ හැකිය.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් වැනි රටට සතුරු ගිවිසුම් අවලංගු කරමින් ද ජිනීවා මානව හිමිකම් උගුලට පය නොතබමින් ද යන අපේ රජය මේ රටේ ස්වෛරීත්වය තහවුරු කර දෙමින් සිටියි. නමුත් මෙවැනි සාර්ථක ගමනක් යමින් සිටින විට දෙස් විදෙස් කුමන්ත්‍රණකාරී බලවේග එම ගමන අනෙක් පසට හැරවීමේ උත්සාහයක නිරතව සිටියි.

‘රටේ සම්පත් විකිණීම, රාජ්‍ය නායකයාගේ නාස්තිය’ ආදී චෝදනා නොමැති ආණ්ඩුවක් බිහිව ඇති මොහොතක බංකොලොත් බලවේග, ආනයනික පොල්තෙල්වල පිළිකාකාරක සංයෝග ඇති බව ආණ්ඩුව විසින් මැදිහත්වී හඳුනාගත් පසුව හැසිරෙන්නේ මෙම උත්සව සමයේ ‘කැවුම් – කොකිස්’ බැඳීම පිළිබඳ ඉමහත් භීතිකාවක් මවමිනි. මේ බංකොලොත්, රටට එරෙහි බලවේගවලට ආණ්ඩුවට එරෙහිව අවි අමෝරා ගැනීමට ප්‍රබල මාතෘකා නොමැති පැයක ඔවුන් දුබල මාතෘකා අල්ලාගෙන විකාරරූපී රංගනයන්හි යෙදෙන බව ද මේ මොහොතේ රටට හිතැති සියලුදෙනාට සිහිපත් කළ යුතුව ඇත.

මේ රටේ අතිමහත් පොදු ජනතාව ඉතා බලවත් බලාපොරොත්තු පෙරදැරි කරගනිමින් ගොඩනඟාදුන් ගමනක් ජාතියක් ලෙස අපට ඇති බවත් එහි අඩුපාඩු නැති කොට වඩා සවිමත්ව ඉදිරියට යාමේ වගකීම රජයක් ලෙස අප සතු බවත් ජාතියට සිහිපත් කරන අතර කර්මාන්ත අමාත්‍යවරයා ලෙස මේඩ් ඉන් ශ්‍රී ලංකා සන්නාමය බලගන්වන්නේ ද ඉහත ගමන අර්ථාන්විත සහ බලසම්පන්න කිරීමට බවත් සඳහන් කරනු කැමැත්තෙමි.

සැමට සුබ ජාතික අලුත් අවුරුද්දක් වේවා!

විමල් වීරවංශ (පා.ම),
කර්මාන්ත අමාත්‍ය,
නායක,
ජාතික නිදහස් පෙරමුණ

19,066 views

29 Comments to “ආණ්ඩුව සාර්ථක ගමනක් යමින් සිටියදී විදෙස් කුමන්ත්‍රණකාරීන් එම ගමන අාපසු හැරවීමේ උත්සාහයක..”

  1. සාධාරණ මිනිසා says:

    මූට හැමදේම විදේශීය කුමන්ත්‍රණ.හොර හැඳුනුම්පත්,හොර උප්පැන්න,ඒවත් විදේශීය කුමන්ත්‍රණ ද ?

    • අසාධරන ප..යා says:

      අනේ පල ප.. යන්න ngo සල්ලි වලින් ජොකාත් අරගෙන අඳින ප..යා සල්ලි වලට පු..ත් දෙන කාලකන්නියා, තෝ වගේ ගෙරි බල්ලෙක් ngo එකෙන් කියපු එක ලියනවා ඇර වෙන මොනව කරන්නද

  2. Lalith m says:

    කවුරුත් නොවෙයි තමුන්මයි විදෙස් කුමන්ත්‍රණ කරනවා කියලා පෙනෙන්නේ. පහුගිය දවස් වල වරාය ගැන කතා කල විදිහට.

    • ලකේපලිත් says:

      උඹ වගේ මෝඩ මූසලයන්ට එහෙම හිතුනට මොලේ කලඳක් තියන එකෙක් එහෙම හිතන්නේ නෑ

  3. ගමේ මනුස්සයා says:

    මේක ඉවරවෙන කුමන්ත්‍රණයක් නෙමෙයි.කලයුතු දේ හරියට සිදු නොවන විට කිවයුතු කතා බොහෝමයක් ගෙතීමට සිදුවනු ඇත

    • ඇල්විටිගල says:

      ගමේ මනුස්යා කිව්වට ඉන්නෙ මෙහ නේද? සතියෙ ගාන කැපුනෙන නැද්ද?

  4. Felix says:

    Uge Baile Aye Patan Aran….. Tablet Eka Amathaka Wela Hari…. Liyala Dunna Eka Aye Kiyewwa…. Anadare Ge Wadene Karanne!

  5. D.Nimal says:

    No doubt are few foreign hands of West and certain countries,which do not like see Development of Nation Economy of Sri Lanka. Indeed large number South Asian are poorest countries in world? Why is that so. Ours leadership of great nation still go behind US and West line of Ideology.
    This parth and model has to shifted New era of Order doing ourselves of an Independent methodology of self -sufficient Economy in our region .

  6. D.Nimal says:

    No doubt are few foreign hands of West and certain countries,which do not like see Development of Nation Economy of Sri Lanka. Indeed large number South Asian are poorest countries in world? Why is that so. Ours leadership of great nation still go behind US and West line of Ideology.
    This path and model has to be shifted New era of Order by doing ourselves of an Independent methodology of self -sufficient Economy in our region . All conspiracies can be overcome, if People of India and their leadership start up South-South corporation in essential factors of secret behind of that Development of Indian ocean countries and ours region.

  7. D.Nimal says:

    No doubt there are few foreign hands of West and certain countries,which do not like see Development of Nation Economy of Sri Lanka. Indeed large number South Asian are poorest countries in world? Why is that so. Ours leadership of great nation still go behind US and West line of Ideology.
    This path and model has to be shifted New era of Order by doing ourselves of an Independent methodology of self -sufficient Economy in our region .
    All conspiracies can be overcome, if People of India and their leadership start up South-South corporation in essential factors of secret behind of that Development of Indian ocean countries and ours region.

Main News