ආණ්ඩුව හදන්නේ මුස්ලිම් නීතිය, කාති උසාවි, මද‍්‍රාසා පාසල් අහෝසි කරන්න.. ඒවා නැතිව ලංකාවට ඉදිරියට යන්න බෑ..

July 30, 2020 at 3:00 pm | lanka C news
ආණ්ඩුව හදන්නේ මුස්ලිම් නීතිය, කාති උසාවි, මද‍්‍රාසා පාසල් අහෝසි කරන්න.. ඒවා නැතිව ලංකාවට ඉදිරියට යන්න බෑ..

වත්මන් ආණ්ඩු උත්සහ කරන්නේ මුස්ලිම් නීතිය, කාති උසාවි අහෝසි කරන්න බව සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු අපේක්ෂක ඉමිතියාස් බාකීර් මාකර් මහතා සඳහන් කරයි.

මද‍්‍රසා පාසල් අහෝසි කිරීමේ සූදානමකද ආණ්ඩුව සිටින බවද ඔහු පැවසීය.

ඒවා අහෝසි කර ලංකාව ඉදිරියට යන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය.

නිදහස් ලංකාවේ පළමු වතාවට මුස්ලිම් ඇමතිවරයෙක් නොමැති ඇමති මණ්ඩලයක් දැන් ක්‍රියාත්මක වන බවද මේ ආකාරයට රට ඉදිරියට යා නොහැකි බව ද ඔහු සඳහන් කරයි.

ඒ මහතා මෙම අදහස් පල කලේ සමගි ජනබලවේගයේ ජන හමුවක් අමතමිනි.

12,457 views
Main News