ආණ්ඩුව හැදු ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් සංවිධායකයන් අද විශාල කලකිරීමකින්..- ඇමති දයාසිරි

December 17, 2020 at 3:22 am | lanka C news
ආණ්ඩුව හැදු ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් සංවිධායකයන් අද විශාල කලකිරීමකින්..- ඇමති දයාසිරි

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙම ආණ්ඩුව හැදීමට මහන්සි වූ පක්ෂයක් බව එම පක්ෂ මහ ලේකම් රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කළගුණ සලකන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

තම පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරුන්ට මීට වඩා ශක්තියක් ආණ්ඩුවෙන් ලබා දිය යුතු බවත් එය බලධාරීන්ට මතක් කර ඇති බවත් ඔහු පවසයි.

ආණ්ඩුවේ සංවර්ධන වැඩ සදහා එක් කර නොගැනීම නිසා පක්‍ෂයේ සංවිධායකයන් මන්ත‍්‍රීවරුන් දැඩි කලකිරීමෙන් සිටිනා බවත් ඒ මහතා කියා සිටී.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිගෙන් අවස්ථාවක් ඉල්ලුවත් එය නොලැබුනු බවත් බැසිල් රාජපක්ෂ මහතා සමඟ කරන ලද සාකච්ඡා කිසිදු හරයක් නැති බවත් ඔහු පැවසීය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

20,899 views

29 Comments to “ආණ්ඩුව හැදු ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් සංවිධායකයන් අද විශාල කලකිරීමකින්..- ඇමති දයාසිරි”

  1. ගමේ වෙදා says:

    මුන් පැණි අමුඩයා රජ වෙනක්ම් නේ බලාගෙන හිටිය හේත්තු වෙන්න

  2. duminda fernando says:

    යහපාලනට සහයෝගය දීලා මේ රටට කරපු විනාසෙට ජනතාව බොහෝම කලකිරිලා හිටියේ පහුගිය අවුරුදු පහම මහත්තයෝ. දැන් ඉතින් කෙඳිරි ගගා ඉන්න. u n p එකත් එක්ක එකතු වෙලා රටට කරපු විනාසෙට තමුන්නාන්සේලාට මේ පඩිසන් දෙන්නෙ.

  3. Decoy says:

    ගෝඨාට එල්ලුනේ නැත්නම් UNP,JVP දෙකට වෙච්ච දේ තමයි මුන්ගේ SLFP එකට වෙන්නේ 😀

  4. අනුර says:

    ආන්ඩු හදලා තියෙන්නේ සැප බලාගෙන, හැබැයි කිව්වෙ රට වෙනුවෙන් කියලා, මේ වගේ උන්ව සල්ලි කීයක් හරි දුන්නම ඕනෙම පැත්තකට ගන්න පුලුවන්ද

  5. On The Spot says:

    පොහොට්ටුවට හේත්තු නොවුනා නම් දයාසිරි තාමත් ඇතුගල පාමුල කැළෑ රොදක අත පාවිච්චි කරනව​.දැන් සද්ද නැතුව ඉන්න බතික් සරමකුත් දුන්නනෙ විලි වහගන්න​.

Main News