ආණ්ඩුව හිතා මතා කොරෝනා ගෙනැත් ජනතාව මරණ මංචකයට දැම්මා…

June 8, 2021 at 11:20 am | lanka C news
ආණ්ඩුව හිතා මතා කොරෝනා ගෙනැත් ජනතාව මරණ මංචකයට දැම්මා…

වත්මන් ආණ්ඩුව දැන දැනම රට තුළට කොරෝනා වෛරසය ගෙනැවිත් ජනතාව මරණ මංචකයට ඇද දමා ඇතැයි ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභාපති සහ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.

වසංගතය මර්ධනයට ලෝක සෞඛ්‍ය සංවිධානය දුන් නිර්දේශ මායිම් නොකරමින් ආණ්ඩුව අද වන විට දිනකට මරණ හතළිස් අටක් වන තැනකට රට ඇද දමා අපරාධ වරදක් කර ඇතැයි ද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ බොරැල්ලේ දී පැවති මාධ්‍ය හමුවකදීය.

අද වන විට මෙරට වසංගත ව්‍යාප්තිය බරපතළ වෙමින් ඇති බවත් නිවෙස් තුළ ද මරණ වාර්තා වෙමින් ඇති බවද කී ඔහු මෙම තත්ත්වය කළමනාකරණයට ආණ්ඩුව ගන්නා උත්සාහය අසාර්ථක බව දිගින් දිගටම පෙනී යන බවද පැවසීය.

රට ඇතුළට කොරෝනා පැමිණීම සියට සීයක්ම පාලනය කළ නොහැකි වුවත් ශ්‍රී ලංකාව දූපත් රාජ්‍යයක් නිසා මෙම තත්ත්වය හොඳින් පාලනය කළ හැකිව තිබූ බවත් ඔහු පෙන්වා දෙයි.

වසංගතය මෙම තත්වයට පත් වූයේ ආණ්ඩුවේ වැරදි දේශපාලන තීන්දු නිසා බවද ඔහු එහිදී තවදුරටත් චෝදනා කළේය.

14,755 views

30 Comments to “ආණ්ඩුව හිතා මතා කොරෝනා ගෙනැත් ජනතාව මරණ මංචකයට දැම්මා…”

  1. Jana says:

    I read all these comments. I fully agree with most of them. Please tell me how we as general public stop this tipe of bias propaganda.
    Can we go to courts? Or will this government formulate a plan to answer these adverse propaganda. This is frustrating, either we should get to geather to form a some sort of a platform for us to come out with our opinions.
    Because these news lines can’t do anything

  2. sdsds says:

    රනිල්ට කඩේ ගිහින් පාර්ලිමේන්තුව විසුරුවන්න සතියකට කලින් මන්ත්‍රී කමක් ගත්තේ සේවය කරන්න නෙමේනේ, පර්මිට් එක විකුනගන්නනේ. එහෙම හොර වැඩ කරපු එකෙක් තමයි මේ දැන් කහින්නේ.

    • Anju says:

      Fully Agree. This man ratnapriya is an opportunist. There should b some mechanism in place to stop people like him ( & most sajibalawega 3% losers) from spreading False propaganda.

  3. Vasantha says:

    This is the man who got a car permit being an MP for just a month.
    Has he got any shame ?

  4. Saradiel says:

    පුරුවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු සමන් පූර්ණ කාලීනව වෘත්තීය සමිති කටයුතු වල යෙදෙමින් රාජ්‍ය සේවයේ වැටුප් ලබා ගැනීම සහ අනෙකුත් වරප්‍රසාද ලබා ගැනීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

    ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ තිබෙන කරාපිටිය ශීක්ෂණ රෝහලේ හෙද නිලධාරිවරයෙකු ලෙස 2003 වසරේ රාජ්‍ය සේවයට එක් වී ඇති බව මූලික විමර්ශන වලදී හෙළි වී ඇත.

  5. Saradiel says:

    රත්නප්‍රිය යනු කම්කරු පන්තියේ ස්ථිරසාර සතුරෙකි. පසුගිය දශක දෙක තුල ඔහුගේ දක්ෂිනාංශික දේශපාලන ගමන් මඟ පෙන්නුම් කරයි.

  6. සෙරෙප්පු සුප් says:

    ඔන්න බබෝ බිල්ලො එනව කියල පුංචි ළමයි බය කරල බත් කටක් කවා ගන්න ඕනෙ නම් මුගෙ මූණ ඩවුන් ලෝඩ් කරල තියා ගන්න​.

  7. ගයාන් says:

    UK, Japan, Cuba, etc. කියන්නෙත් දූපත් තමයි බං…

  8. Rabok says:

    Ratay karumeta ipadunu dollar walata kahina pahara ballek

Main News