ආණ්ඩුව MCC යෝජනා එකින් එක ක‍්‍රියාත්මක කරනවා.. අක්කර 20,000ක් සමග කන්තලේ වැවත් ඉන්දියාවට… අග්නිදිග ආසියාවේ ලොකුම ස්කාගාරය ලංකාවට…

February 16, 2022 at 11:20 am | lanka C news
ආණ්ඩුව MCC යෝජනා එකින් එක ක‍්‍රියාත්මක කරනවා.. අක්කර 20,000ක් සමග කන්තලේ වැවත් ඉන්දියාවට… අග්නිදිග ආසියාවේ ලොකුම ස්කාගාරය ලංකාවට…

2002 වසරේදී රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කිරීමට උත්සාහ කළ ‘යළි පුබුදමු ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය වර්තමාන රජය විසින් නැවත ආරම්භ කරමින් ඇතැයි ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

අක්කර 20000 ක භූමි ප්‍රමාණයකින් යුත් කන්තලේ සීනි කර්මාන්ත ශාලාව වසර තිහකට ඉන්දියානු සමාගමකට බදු දීමට ආණ්ඩුව සූදානමින් සිටින බවද එම සංවිධානය කියා සිටී.

එම්.සී.සී. යෝජනාවලියේ සදහන් ව්‍යාපෘති එකින් එක ජනතාව නොමග යවමින් ආණ්ඩුව විසින් හොර රහසේ ක්‍රියාත්මක කිරීමට සැරසෙන බවට සැකයක් මතුව ඇති බවද සංවිධානයේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පැවැසීය.

2015 වසරේදී අත්සන් කරන ලද ගිවිසුමකට වඩා අවාසිදායක වන ගිවිසුමකට කැබිනට් මණ්ඩලය නැවත අත්සන් කිරීමට අනුමැතිය දී ඇතැයිද එම සංවිධානයේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැවසීය.

අග්නිදිග ආසියාවේ විශාලතම මධ්‍යසාර කර්මාන්තශාලාව මෙරට ස්ථාපිත කිරීමේ අරමුණ ඇතිව මෙම කර්මාන්ත ශාලාව ඉන්දීය සමාගමට බදු දීමට ආණ්ඩුව පියවර ගෙන ඇති බවද ඔහු චෝදනා කළේය.

මෙම එකගතාවය මත කන්තලේ ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතුවලට ජලය ලබා දුන් කන්තලේ ජලාශයේ ජලය ද ඉන්දියානු සමාගමට ලබාදීමට ආණ්ඩුව එකඟ වී ඇති බවද ඔහු තවදුරටත් පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මෙම අදහස් පල කරන ලදී.

18,783 views

12 Comments to “ආණ්ඩුව MCC යෝජනා එකින් එක ක‍්‍රියාත්මක කරනවා.. අක්කර 20,000ක් සමග කන්තලේ වැවත් ඉන්දියාවට… අග්නිදිග ආසියාවේ ලොකුම ස්කාගාරය ලංකාවට…”

  1. LalithM says:

    ඉතින් හපුටු ලොම්බෝ තමනුත් මේ ආණ්ඩුව බලයට ගේන්න කෂඩ විදියට කඩේ ගිය සෙවලයෙක් නේද. ඕක නන්දසේන උත්තමයට කියල නවතපං. වයසේ හැටියට ගැලපෙන දෙයකට හිත යොදාගෙන නිවන අවබෝධ කරගන්න

Main News