ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රීන් රැසක් ජනාධිපති කැදවූ රැස්වීම වර්ජනය කරති…

July 6, 2022 at 1:20 pm | lanka C news
ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රීන් රැසක් ජනාධිපති කැදවූ රැස්වීම වර්ජනය කරති…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ රාත‍්‍රියේ කොටුව ජනාධිපති මන්දිරයට කැඳවා තිබූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ගෙන් විශාල පිරිසක් සහභාගී වී නැත.

ඇතැම් පිරිස් රැස්වීමට සහභාගි නොවන බව කලින්ම දැනුම් දී තිබුණ ද ඇතැමුන් එවැනි දැනුම් දීමක් පවා සිදුකර නැතැයිද වාර්තා වේ.

මෙම රැස්වීම සඳහා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා, පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතාද සහභාගී වී ඇත.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා ලිපියක් යවමින් ජනාධිපතිවරයාට දැනුම්දී ඇත්තේ කිසිදු පලක් නැති කතා මණ්ඩපයකට පමණක් සීමා වූ ආණ්ඩු පක්ෂ රැස්වීමට තමා සහභාගී නොවන බවයි.

66,099 views

4 Comments to “ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රීන් රැසක් ජනාධිපති කැදවූ රැස්වීම වර්ජනය කරති…”

  1. ජයා says:

    උන් ද්‍රෙම්නා වෙන මොනවා කරන්නද?

  2. Banda says:

    කොහොම උනත් ජනතාව දන්නව ඔය වර්ජනය කරන මන්ත්‍රීල සෙට් එක මහින්දගෙ සග නාමල්ගේ අසූචි බුදින උන් කියල ඔය එකෙකුටවත් නැවත් චන්දෙකින් පාර්ලිමේන්තු එන්ඩ බෑ . නමුත් ජනතාව ඉන්නෙ ජනාධිපති සමග .තොපි නාකි මයිනත් එක්ක ඕන මගුලක් කර ගනිව් .

  3. On the spot says:

    ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රීවරු යනු අති බහුතරයක් පොහොට්ටුවෝය​.ඔව්හු ඒ මොහොතේ ගෝඨා බලයට පත් කලේද මහින්ද හා බැසිල් ප්‍රමුඛ රාජපක්‍ෂවරුන්ගේ නොමද ආශිර්වාදයෙනි.එහි යටි අරමුණ ඒ මොහොතේ සිටි සුදුසුම රාජපක්‍ෂවරයා වූ ගෝඨාභය යොදවා බලය ලබාගෙන ඔහුගේ දෑත් බැඳ ඔවුනට අවැසි සුපුරුදු සෙල්ලම් දිගටම පවත්වා ගෙන යෑමය​.ඒ වෙනුවෙන්ද මහින්ද ඇතුළු සෙසු රාජපක්‍ෂවරුන්ගේ නොමද සහය ලැබෙන බව හොඳාකාරවම ඔවුන් දැන සිටියෝය​.පසුගිය වසර දෙක හමාරක පමණ ගෝඨා පාලනයේදී ඔහුට රිසි සේ රාජ්‍ය පාලනය ගෙන යෑමට ඉඩ නොදුන් ආකාරයෙන් මේ බව සනාථ වේ.මෛත්‍රීපාල සිරිසේනට යහපාලනයේදී සිදු වූවේද මෙවන්ම අකරතැබ්බයකි.මෙවර ආණ්ඩු පක්‍ෂ රැස්වීම කඩාකප්පල් කිරීම පිටුපස කපුටු පියාපත් නොමැත්තේය යන්න බැහැර කල නොහැකිය​.මෙනයින් බලන කල මේ ගිජු ළිහිණින් මෙහෙයවන්නේ කපුටෙකු විසින් බව සනාථ වේ.

  4. Gamarala says:

    ටිකක් හරි මොලේ තියෙන බව පේනවා

Main News