ආණ්ඩු පක්‍ෂයේ මත ගැටුමක්.. ජනාධිපති වහා පක්‍ෂ නායක හමුවක් කැදවයි..

April 3, 2021 at 10:40 am | lanka C news
ආණ්ඩු පක්‍ෂයේ මත ගැටුමක්.. ජනාධිපති වහා පක්‍ෂ නායක හමුවක් කැදවයි..

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නව පනත් කෙටුම්පත් පිළිබඳව ආණ්ඩු පක්ෂය තුළ ඇතිව තිබෙන අර්බුදය විසඳා ගැනීමට ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැඳවා තිබේ.

එම මැතිවරණය කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ක්‍රමයට පැවැත්වීමට කැබිනට් මණ්ඩලයේ දී ගිය සතියේදි එකඟතාවයක් ඇතිකර ගත් ගෙන තිබුණද මැතිවරණ කොට්ඨාසයකට එකම පක්ෂයේ අපේක්ෂකයන් තිදෙනකු ඉදිරිපත් කිරීමට නව පනත් කෙටුම්පතේ කර ඇති යෝජනාවට ඇමතිවරුන් වැඩි පිරිසක් විරෝධය පළ කර ඇත.

දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, බන්දුල ගුණවර්ධන යන ඇමැතිවරුන් එකී යෝජනාවට විරෝධය පල කර ඇති ඇමතිවරුන් අතර වෙති.

ඒ අනුව එම කාරණාව සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමක් කැඳවා අවසන් තීරණයකට එන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දී තිබේ.

කෙසේ වෙතත් පළාත්සභා මැතිවරණය කොට්ඨාශ අනුපාත මිශ්‍ර ක්‍රමයට තේ පැවැත්වීම ස්ථිර බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

58,668 views

13 Comments to “ආණ්ඩු පක්‍ෂයේ මත ගැටුමක්.. ජනාධිපති වහා පක්‍ෂ නායක හමුවක් කැදවයි..”

  1. lakmal says:

    අයිෂේ ..නන්දසේන ලොක්කා ..ඔහේගේ අයිය යි උගේ බූරු පුත්තු ටිකයි , අර අමන මරි මෝල් ගොන් තකතීරු ඇමතිලා ටිකයි කෙලින පිස්සු දැන්ම නැවැත්තුවේ නැත්නම් බැසිල් බූරු වාහෙට කලින් තමුන්ට රට පනින්න වෙන්නේ..ඔන්න කලින්ම කීව

  2. රටට අවැසිදේ පනක් සිදුකිරිමට වගබලාගතයුතයි..! says:

    ”ගොටාභයට” චන්දය ලබාදි ඡනාධිපති බවට පත්කළද.., බළය සහ දරටද රැක ගැනිම සදහා., මොළය දෙන ක්‍රමයක් ඡාතිමාමක පිරිස් ඵකතුව සොයාගතයුතුයි..!
    ‘මහින්දරාඡපකෂ’ විසින් ඡනාධිපතිතුමා බියගන්වා අකරමන්‍ය කොට ඇති අතර..,
    ‘බැසිල්’ගේ අනාගත බලාපොරොත්තු විසින් ඡනාධිපති තුමාගේ දැක්ම ‘උඩුයටිකුරැ’ කර සම්පුර්ණයෙන්ම වැරදි දිසාවකට යොමුකරතිබෙනු දක්නට ලැබේ..!
    ඡාතික බලවේග බලාපොරොත්තු තබනලද බොහොදේට පටහැනි දේ රටතුල සිදුවෙමින් පවතින අතර , ඡනාධිපති තුමා තමාගේම හදවත සහ බුද්ධිය අවදිකර., බැසිල් බලයට ගෙනඵ්මේ ව්‍යාප්‍රතිය වහාම නවතාදමා..! ඡාතිකබලවෙග සදහා දදුන් පොරොන්දු පිළිබඳව පසුවිපරමක් වහාම සිදුකලයුතුයි..!
    ඵය ඵසේ නෙවන්නෙන්නම්
    කළකිරිමට පත්ව ඇති බහුතරය විසින් , දැඩි තින්දු තිරණ නොපමාව ගනු නියතයි..!
    ”බලය ඇතිවිට මොලය නැත යන වදන රාඡපකෂ පවුල තුළින් මානාව ඉස්මතුව පෙනෙන අතර., නොපමාව රටට අවැසිදේ පනක් සිදුකිරිමට වගබලාගතයුතයි..!

  3. ලොලිපොප් මොංගල් says:

    ගෝඨාභය මහත්තයෝ පලාත් සභා ජන්ද තියල, පලාත් සභා තවදුරටත් පවත්වාගෙන ගිහිල්ල ලබන පාර ජන්දෙට නං එන්න එපා. 69ලක්ෂයක් ජන්දේ දුන්නේ පලාත් සභා අහෝසි කරන්න, රට හදන්න, රට මේ ඉන්න නරාවලෙන් ගොඩ ගන්න මිසක් පිස්සු කෙලින්න නෙවෙයි.

Main News