ආණ්ඩු පක්‍ෂය බෙදේ.. KDU පනත කල් දමන බව චමල් දැනුම් දේ..

August 4, 2021 at 11:20 am | lanka C news
ආණ්ඩු පක්‍ෂය බෙදේ.. KDU පනත කල් දමන බව චමල් දැනුම් දේ..

කොතලාවල විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත අනිද්දා දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවැසීය.

අද පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.

මෙම පනත සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ට මෙන්ම ජනතාවටද තවදුරටත් අදහස් ප්‍රකාශ කිරීමට අවශ්‍ය යැයි විශ්වාස කරන බවත් නිසා එදින කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව ඔහු සඳහන් කළේය.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ අදාළ පනත් කෙටුම්පතට සංශෝධන එක් කිරීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසූ බවයි.

මේ අතර ඒ සම්බන්ධ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවති සාකච්ඡාව දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබිණි.

ආණ්ඩුවේම පාර්ශවයන් කිහිපයක් එම පනත් කෙටුම්පත විරෝධය පළකර ඇති අතර ඊට සංශෝධන එක් කළ යුතු බවද සඳහන් කර තිබේ.

36,569 views

7 Comments to “ආණ්ඩු පක්‍ෂය බෙදේ.. KDU පනත කල් දමන බව චමල් දැනුම් දේ..”

  1. අනිත්‍ය නිසා දුක says:

    ඕනෑම දෙයක් අනිත්‍ය වුනොත් දුක ඇති වෙනවා. KDU පනත් අනිත්‍ය වුනත් දුක ඇති වෙනවා.

    එහෙවු එකේ, මේ පනත අනිත්‍ය කරන්න මිනිස්සු මෙච්චර මහන්සි වෙන්නෙ මොකටද?

  2. Citizen says:

    The government is doing the right thing here. Take note of what’s the people say and do the corrections to set the stage for a future generation to face the challenges

  3. කොරෝනා පනත ගේමු says:

    ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පරාද වූ කොරෝනා පනතෙන් කොතලාවල වැඩ ටික කර ගන්න පුලුවන්…

  4. 20න් කැබිනෙට්ටුව කෝ.. says:

    20 ගෙනා නීති විශාරදයන් ඇමති මණ්ඩලයට අදාල අන්තර්කාලින විධිවිධානයක් 20 වන සංශෝධනයට ඇතුළත් නොකළේ 2/3 ආණ්ඩුව නීති උගුලක හිර කරන්නද? 2021 මාර්තු 26 කොතලාවල පනත ගෙනාවේ වලංගු ඇමතිවරයෙක්ද?

  5. Plato says:

    කොතලාවල කියන්නේ රටේම සහ කලාපයේම ජෝකරයෙක් වූ චරිතයක්.
    බැංඩුන් සම්මේලනයේදී චින විරෝධි,සෝවියට් විරෝධී මෝඩ කතා කියවන්නට ගොස් ජවහල්ලාල් නේරුගේ අප්‍රසාදයට පත්වූ කෙනෙක්.ලංකාවට එංගලන්ත රැජිණ පැමිණි වෙලාවේ හරක් පැටියකු බාබර්කියු දමා සුචීච කීකරු බලුපැටියකු වී අධිරාජණියගේ සිත්දිනා ගන්නට ගොස් “ගෙරි මස් කතත් බෙල්ලේ එල්ලාගෙන කන්න එපා” යන කියමන සමාජ ගත කල කෙනෙකි.
    මෙවන් විකෘතියක් ආදර්ශකොට ගන්නා හැම දෙයකින්ම පැන නගින්නේ අංගවිකල තවත් විකෘතියක් පමණි.

    • Plato says:

      1955 දී නොබැඳි ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ගැනීමේ මූලික සාකච්ඡාවක් ඉන්දුනීසියාවේ බැංඩුන් නුවර පැවැත්වෙනවා. මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන්නේ එවකට අමාත්‍යවරයෙකු වූ සර් ජෝන් කොතලාවල මහතා. සර් ජෝන් කොතලාවල මහතා ප්‍රසිද්ධ වෙලා තිබ්බේ දැඩි කොමියුනිස්ට් විරෝධියෙක් විදිහට. මේ සම්මේලනය සඳහා චීනය සහභාගි වීම ගැන කොතලාවල මහත්තයා හිටියේ ටිකක් නොසතුටින්. මේ නිසා තමන්ගේ දේශන අවස්ථාවේදී කොතලාවල මහතා කොමියුනිස්ට් වාදය දැඩි ලෙස විවේචනය කරනවා. සමුළුව මෙහෙයවමින් සිටි ඉන්දීය අගමැති ජවහර්ලාල් නේරු මහතා, චීන අගමැති චූ එන්ලායි මහතාට අපහසුතාවයට පත්වෙන්න සිද්ධ වෙන නිසා කණගාටුවට පත් වෙනවා. කොතලාවල මහතාගේ කතාව අවසානයේ ජවහර්ලාල් නේරු මහතා අහනවා ඇයි ඔබ තුමා මේ කතාව කරන්න කලින් මට දැනුම් නොදුන්නේ කියලා. කොතලාවල මහතා කේන්තියෙන් උත්තර දෙන්නේ “ඔබේ කතාව කරන්න කලින් මට ඔබ කතාව පෙන්නනවද?” කියලා. මේ හේතුව නිසා ඇමෙරිකා එක්සත් ජනපදයට හිතවත් පිරිස් කොතලාවල මහතා බැංඩුන් වීරයා ලෙස සලකද්දි අපේ රටේ වාමාංශික පක්ෂ කොතලාවල මහතාව බැංඩුන් බූරුවා ලෙස හඳුන්වනවා.
      (ඇමෙරිකාවට එංගලන්තයට මෙන්ම ලංකාවේ මිලිටරිය තුලද කොතලාවල වීරයෙකි.ඔහු (බැංඩුන් වීරයා) නමින් නව අධ්‍යාපන පනතක්ද සම්මත වීමට නියමිතය.)

      • කපිල සුරංජිත් says:

        කොතලාවල රාජපක්ශල වගේ දේශපාලනයෙන් හම්බ කලේ නෑ තිබ්බ ඒවත් දුන්නා. නියම අවංක මිනිහෙක්

Main News