ආණ්ඩු පෙරලියකට කුමන්ත‍්‍රණයක්.. 2015 ෆොටෝ කොපියක්..

October 3, 2021 at 10:22 pm | lanka C news
ආණ්ඩු පෙරලියකට කුමන්ත‍්‍රණයක්.. 2015 ෆොටෝ කොපියක්..

ඉදිරි අයවැයෙන් ජනතාවට සහන රැසක් හිමි වන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ මෙවර අයවැයේ දි කොවිඩ් වසංගතයෙන් කඩා වැටුණු විවිධ ක්ෂේත්‍රයන් යළි ගොඩනැගිම සදහා සැලසුම් ඉදිරිපත් කෙරෙනු ඇති බවයි.

මිනුවන්ගොඩ මැතිවරණ බල ප්‍ර දේශයේ “ඔබට අයවැයෙන්“ වැඩසටහන සදහා එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. රැස්වීම මිනුවන්ගොඩ ප්‍රා දේශීය සබා ශ්‍රවණාගාරයේ දි පැවැත්විණ.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදි සදහන් කළේ ආණ්ඩුවට එල්ල වි ඇති බොහෝ චෝදනා පදනම් විරහිත බවයි. විපක්ෂයේ ඇතැමුන් ආණ්ඩුවට එරෙහිව හිතාමාතාම මෙවැනි බොරු චෝදනා නගන බවත්, 2015 දි මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දමා යහපාලන ආණ්ඩුව පත් කළ ආකාරයේ ම කුමන්ත්‍රණයක් ආණ්ඩුවට එරෙහිව දියත් වෙමින් පවතින බව ද රණතුංග මහතා මෙහි දි පෙන්වා දුන්නේය.

මෙහි දි වැඩි දුරටත් අදහස් දැක්වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය

“අපේ පක්ෂයේ ඉතිහාසය වසර හතරක් වුණාට, අපි ජයග්‍රහණ, විජයග්‍රහණ, රැසක් ඉතිහාසයට එකතු කළ කණ්ඩායමක්. අපිට හොද ප්‍රතිපත්තියක් තියෙනවා. අපිට හොද දැක්මක් තියෙනවා. අපිට හොද නායකත්වයක් තිබෙනවා.ඒ නිසා අපි පක්ෂයක් ලෙස ආරම්භයේ සිට ම අභිමානයෙන් කටයුතු කළා. ජයග්‍රහණයටම කැපවුණා. කවුරුත් නොහිතන වෙලාවක, තමන්ගේ අතින්ම පක්ෂයක්, පක්ෂ ලාංඡනයක් නිර්මාණය කරගෙන අපේ මේ සියලු ජයග්‍රහණ පිටුපස සිටියේ පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමායි.

අද අපිට ජනාධිපති බලය, පාර්ලිමේන්තු බලය සහ පළාත් පාලන බලය තුනම තිබෙනවා. ආණ්ඩුව වැඩ කරන්නේ සංවිධානාත්මකව, බුද්ධිමත්ව හා සැලසුම් සහගතවයි.  ආණ්ඩුවට අප්‍රසාදයට ලක්කරන්න විපක්ෂය විවිධ කුමන්ත්‍රණ කරනවා. හේතුවිරහිතව, ප්‍රෝඩාකාරිව විපක්ෂය විසින් කරන කුමන්ත්‍රණ වලට අපේ පාක්ෂිකයන් අහුවෙන්නේ නෑ. අද ඇතැම් සමාජ මාධ්‍ය හැසිරෙන්නේ බොරුව උළුප්පන දේ ප්‍රචාරය කරන්න. මොන ප්‍රශ්න තිබුණත් ආණ්ඩුව සංවර්ධන වැඩ අතාරින්නේත් නෑ, ජනතාව ආරක්ෂා කරන වැඩේ අතාරින්නේත් නෑ. කොරෝනා වලින් ජනතාව ආරක්ෂා කරන්න ආණ්ඩුව සියලු පියවර ගෙන තිබෙනවා.

විපක්ෂයට කඩේ යන උදවිය පාරට බැහැලා මොන මොන පොකුරු හැදුවත් ආණ්ඩුව කොරෝනා පාලනය කරමින් සිටිනවා. කොරෝනා එන්නත්කරණය සාර්ථකවම සිදු වූ රටවල් වලින් එකක් බවට ශ්‍රී ලංකාව පත් ව තිබෙනවා. මේ වන විට සමස්ථ ජනගහණයෙන් 70%ක් පමණ පූර්ණ එන්නත්කරණයට ලක් කරලා. ආණ්ඩුව එන්නත්වලට ගෙවන ගාණ ඩොලර් කෝටි ගාණක්, මේ ගෙවන්නේ මේ රට සංවර්ධනය කරන්න තිබෙන සල්ලි.  අපි හැමවිටම ජනතාවට ප්‍රමුඛතාව දෙනවා. ඒ නිසයි කොවිඩ් පාලනය කිරීම සදහා ආණ්ඩුව ප්‍රමුඛතාවය දෙන්නේ. මහජන මන්ත්‍රීවරුන්ගේ කීර්තීනාමය කෙලෙසලා තිබ්බ වෙලාවක මන්ත්‍රීවරයාට ගරුත්වයක් ලැබෙන විදිහට වැඩ කරන්න හයිය දෙන වැඩසටහනකුයි මේ. එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලක්ෂ 1000 බැගින්, පළාත් සභා මන්ත්‍රීවරයෙකුට ලක්ෂ 200 බැගින්,  පළාත් පාලන මන්ත්‍රීවරයෙකුට ලක්ෂ 40 බැගින් , එක ඡන්ද කොට්ඨාසයකට ලක්ෂ 30 බැගින් මේ යටතේ සංවර්ධනයට මුදල් ලැබෙනවා.

නොවැම්බර් මාසයේ මුල දී රටට ඉදිරිපත් කරන අපේ ආණ්ඩුවේ අයවැයෙන් ජනතාවට සහන රැසක් ලබාදෙනවා. අපි මෙහි දි ප්‍රමුඛතාවය දෙන්නේ කොවිඩ් වලින් කඩන් වැටුණු ක්ෂේත්‍ර යළි නගා සිටුවිම සදහායි. ආණ්ඩුවට අද බොහෝදෙනා චෝදනා කරනවා. මේ චෝදනා කරන්නේ ආණ්ඩුව ජනතාව අතර අප්‍රසාදයට පත් කිරීම සදහායි. ඒවායේ කිසිම පදනමක් නෑ. 2015 දි මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දැමුවේත් මෙවැනි ම කුමන්ත්‍රණයක් හරහායි. අද ගෝඨාභය, මහින්ද ආණ්ඩුව පෙරළා දැමීම සදහා ජනතාව තුල බොරු වපුරමින් විපක්ෂය එම කුමන්ත්‍රණයේ ම යළි යෙදී සිටිනවා. විපක්ෂයේ කුමන්ත්‍රණවලටත්, චෝදනා වලටත් මුහුණ දෙන්න අපි ලෑස්තියි. කවුරු මොන චෝදනා කළත් ආණ්ඩුව ඉදිරියට තැබු පය ආපසු ගන්නේ නෑ. අප කෙරෙහි විශ්වාසය තැබු ජනතාව වෙනුවෙන් අපි අපේ යුතුකම ඉටු කරනවා. ජනතාවට ලබාදුන් පොරොන්දු අබමල් රේණුවකින් හෝ කඩන්න අපි සුදානම් නෑ. “

මෙම රැස්වීමේ දි වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන, මිනුවන්ගොඩ ප්‍රා දේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල යන මහත්වරු කථා කළහ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, ජගත් කුමාර මධුරවිතානගේ යන මහත්වරුන් ද සහභාගී වුහ.

– ප්‍රදීප් අනුර කුමාර

85,481 views

15 Comments to “ආණ්ඩු පෙරලියකට කුමන්ත‍්‍රණයක්.. 2015 ෆොටෝ කොපියක්..”

  1. ගෞම් ඊයාරාජ් says:

    කොහෙන්ද බන් උබලගේ ලබු වලට හිනාවෙන්න ඔනේ ,පාර්ලීමේන්තුවේ තුනෙන් දෙකකට ආසන්න බලයක් , පාර්ලීමේන්තුව තමන්ට කැමති වෙලාවට විසුරුවන්න පුලුවන් 20 න් සම්ප්‍රයුක්ත විධායක බලයක් තියාගෙන ආසන 52 ක් විතර තියන විපක්ශයට ඇයි ඕයි ඔච්චර බය ? මන් හිතන්නේ විපක්ශය කිසීම අහවල් එකේ අමාරුවක් නෑ බොලාගේ නායකතුමා කලා වගෙ රට අරාජික කරන්න පාර්ලීමේන්තුවේ බලය අල්ලන්න ගිහිල්ලා .හැබැයි බොලාට ප්‍රශ්ණේ තියෙන්නේ ඕක නෙමෙයි ,බොලාගේ හොරකං ජඩකං මාට්ටු වෙනකොට , වැඩබැරිකං ඔලමොට්ටල කං රටට හෙලිවෙනකොට , මිනිස්සුන්ට පට්ට පීඩනයක් දීලා උබලා සැප ගන්නකොට ජනතාව කුලප්පු වීම තමයි උබලට දැන් තියෙන අවුල. කොහොමත් ඉතින් බොලාට යන්න වෙන්නේ පුපෙන් , චන්දයක් තියහල්ලකො පුලුවන් නං… එකටත් කියහක් මේ වසංගතය අස්සේ බෑ කියලා , 😂😂😂

    • ක්‍රිමිනල් says:

      බැරි වෙලාවත් චන්දේ තියනවා කිවොත් උඹලව තමයි පොලවෙි පස් කන්නේ මතකනේ බුරැසජියා ජෝක්ස් එකක් දාල උබෙි හාමුලා වන ලපයා/ පචයා පරල උන හැටි? උබෙි ගොම මොලේට නොතේරැනාට උන් දන්නවා ඇප නෑ කියලා උන්ට

      • පැන්ඩෝරා පේපර්ස් says:

        ලබ්බක් කියොනවනේ ඉතින් , කොහොමත් දැන් ඊයේ රෑ රිලීස් වුනු පැන්ඩොරා පේපර්ස් එක්ක , බායි බායි කියහං මේ රටේ අන්තර්ජාලය පරීශීලනය කරන්න පුලුවන් මධ්‍යම පාන්තිකයගේ චන්ද ටිකට , නිරුපමා රාජපක්ෂ තමයි හොදටම කලේ. 😂😂😂

  2. sathya says:

    gon eeyaraj, thopila me raten witharak novei lokenma athuga damiya yuthu vesiga puthala tikak. Thopi kawadda mokakada me ratata karal thiyenne, hama deyakma kada kappal karana ekai arenna kale pahunu avurudu 35 ta. Thota sajiya davsata keeyak denawada kiyahanka comment danawata.

  3. Kalu Albot says:

    Dan Aanduwak thiyanawaada? paalakayaa kawuda? Belu belu atha Janaadhipathilaa, Assistant Janaadhiathilaa, Niyojya Janaadhipathilaa inna bawayi enenne! Ratama Awul Jaalayak keruwe moo wage gon thamayi! Wiruddha pakshaye mona kumanthranayak wath naha. Ubmalaawa epa wune keruwaawa hindaamayi. Mamanam aaye kawamadaawath umbalaata chandayk denne naha!

  4. 3% ට බය බයියා. says:

    බයියන් ට කිරි බත් උයාගෙන කන්න පුලුවන් නිවුස් එකක් .මොළ හතා ආපු දවසේ ඉදන් භාණ්ඩ මිල අඩු වි ජනතාව තුන් වේල හොදට කාලා බීලා ණය නැතුව ජීවත් වෙනවා .දැන් නම් මාර ෂැපායි ……….

    • 3% නැති ජෙප්පා says:

      ගවපාලනේට වඩා චුටිටක් සැපා…යි හා..ද?

  5. Nuwan says:

    කෝ දැන් සද්ද? කොරොන් අඩු වෙනකොට විපක්සේ හුලන් බහිනව. පලාත් සභා ඡන්දෙනුත් පොහොට්ටුවට 3/2 ශුවර්.

  6. hewwel says:

    මහින්ද ගේ ආණ්ඩු ආ දවසේ ඉඳල පුද්ගලික අංශයේ සාමාන්‍ය සේවකයාගේ ජීවන මට්ටම පහල ගියා , මෑන් පවර් කම්පැනි දාගෙන නාමල් , සියඹලා පිටිය වැනි පුද්ගලයින් පවා කම්කරු ශ්‍රමයෙන් සැප වින්දා . දේශපාලන ස්ථාවරත්වය පවත්වා ගැනීමට අකාර්යක්ෂම රාජ්‍ය අංශයකට කප්පම් ගෙවීම් හා සමාන වැටුප් වර්ධක ලබා දුන්නා . කම්කරුවාගේ EPF වලට ඉතා පහත් පොලී ලබා දෙමින් , අරමුදල අවභාවිතයේ යෙදෙව්වා . කුප්‍රකට කබ්‍රාල් , බැසිල් රාජපක්ෂ වැනි අය නැවත බලයේ පිහිටෙව්වා . රෑ 12 ට ගහන තකතීරු ගිවිසුම් මගින් මහින්ද රාජපක්ෂ රට විදේශිකයින්ට විකුණලා මඩිය තර කරගන්නා හැටි පිළිකුල් සහගතය් . මේ රජය එලව දැමිය යුත්තේ කුමන්ත්‍රණ මගින් නොවේ ජනතා නැගිටීම් තුලින් එලිපිටය් . ඔබේ ජනවරම අහෝසිය් වහාම චන්දයකට යන්න .

    • hewwel says:

      ආ… අමතක උනා කොරෝනා කියලා ලෙඩක් තිබුනෙත් නෑ එතකොට කලින් හිටපු ගවපාලුවෝ බාර දෙකොට රට සුඛීත මුදිත කරලා බාරදුන්නේ

      • ගෞම් ඊයාරාජ් says:

        ඔව් ඇයි ? ඩොලර් බිලියන 8 ක ස්ථිර (අරහෙන් මෙහෙන් අරන් පාර්ක් නොකරපු ) විදේශ සංචිත ප්‍රමාණයකුත් ,පැහැදිලි රාජ්‍ය ආධායමකුත් , මිනිස්සුන්ට දරාගන්න පුලුවන් බඩු මිලකුත් තියලාගියේ , ගත්ත ණය වලින් සියයට 75 ක් රජපවුලේ සුදු අලි හදන්න ගත්ත ණය වාරීක ගෙවන් ගමන් , දැන් ලී ක්වාන් යී ලා ,මහතීර් මොහොමඩ්ලා ,පුටින්ලා ඇවිල්ලා කරලා තියෙන්නේ ලස්සනට හැමදේම වසංගතේ ගගා ඉන්නැතුව බලපිය කලාපේය අනෙකුත් රටවල ප්‍රගතිය , අපි නොදෙවෙනි වෙන්නේ ඇෆ්ගනිස්තානයට විතරයි ,එකත් යාන්තමින්. න්දෙකින් තොපි වගේ මැටි හරක්.

      • Hewwel says:

        මම කිව්වේ මහින්ද ගෙ කොරෝනා රජය ගැන ම නෙමේ මුල සිටම.

  7. LalithM says:

    ඉතුරුම් පොලී අවම කර අඩු පොලියට යාලුවන්ට ණය දුන්නට ඒවා ආයෝජනය කර ව්‍යාපාර කටයුතුවල යෙදෙන්න බෑ බංකොලොත් ආර්ථිකය සහ රාජ්‍ය දූෂණ නිලධාරී දූෂණ නිසා.අවසාන ප්‍රතිඵලය ණය ආපසු අයකිරීමට බැරිවී බැංකු කඩාවැටීම. කබරාල් මාමා සහ මොල හතා සාමාන්‍ය ජනතාව නැතිකරල ඉවරයි.

  8. ගාමිනී හන්තාන says:

    I agree with Gaum Eeyarajs comments. He represent the educated middle class in the current society. I dont know whether he is paid or not as you say. But the issues you raise are real and upto the point. Keep it up.

  9. Aurora says:

    බැසිල් ඔච්චර වැඩකරයනම්, ආණ්ඩුව සුපිරියටම කරලා තියනවනම්, 2022 තියන්න ඕන පළාත්පාලන ආයතන චන්දෙ නියමිත දිනවලටම තියපල්ලා. පුකෙන් යන්න වෙන්නේ.