ආණ්ඩු පෙරලියට සූදානම්.. පොහොට්ටුවට හානියක් නෑ.. බාරකාර ආණ්ඩුව ගැන මහින්ද කට අරී…

October 5, 2018 at 2:10 pm | lanka C news
ආණ්ඩු පෙරලියට සූදානම්.. පොහොට්ටුවට හානියක් නෑ.. බාරකාර ආණ්ඩුව ගැන මහින්ද කට අරී…

දැන් රටේ අවශ්‍යතාවය වී ඇත්තේ ආණ්ඩුව පෙරලීම නම් මහජනයගේ ඉල්ලීමත් එය ම නම් ඒ සදහා තමාගේ මැදිහත් වීම සිදු වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කියා සිටී.

රාජපක්ෂ මහතා මේ බව කියා ඇත්තේ අලුත් ආණ්ඩුවක් හදන බවට පැතිර යන කතා ගැන කොළබ විජේරාම නිවසට පැමිණ දේශපාලන හිතවතුන් කරන ලද විමසීම් වලට පිළිතුරු ලෙසය.

දැන් රට අන්ත ප්‍රපාතයකට වැටී ඇති බැවින් යහපාලන ආණ්ඩුව තව දුරටත් පැවතුනහොත් කුමකින් කුමක් වේ දැයි යන්න සිතා ගත නොහැකි බව සදහන් කර ඇති රාජපක්‍ෂ මහතා රටේ අනාගතය වෙනුවෙන් තමන්ට කළ හැක්කේ කමක්ද එය ඉටු කරන බවද පවසා ඇත.

පොහොට්ටුවට චන්දය දුන් ජනතාවගේ සිතුම් පැතුම් වලට ද හානි නොවන ලෙස ඉදිරි දේශපාලන තීරණ ගන්නා බව ද හිටපු ජනාධිපතිවරයා එහිදී වැඩි දුරටත් කියා ඇත.

120 views
Main News