ආණ්ඩු-විපක්‍ෂ මන්ත‍්‍රී පිරිසක් මහ පාරේ ගුටි කෙලියක.. පොලිසිය කැදවයි.. පිරිසක් රෝහලේ.. (Video)

October 12, 2021 at 3:00 pm | lanka C news
ආණ්ඩු-විපක්‍ෂ මන්ත‍්‍රී පිරිසක් මහ පාරේ ගුටි කෙලියක.. පොලිසිය කැදවයි.. පිරිසක් රෝහලේ.. (Video)

නාවලපිටිය ජයතිලක ක්‍රිඩාංගණයේ ඉදි වන ඇවිදින මංතිරුවක් සම්බන්ධයෙන් සොයා බැලිමට (12) දින ක්‍රිඩාංගණය වෙත පැමිණි විපක්ෂයේ සහ පාලන පක්ෂයේ මන්ත්‍රිවරුන් අතර ගුටිබැට හුවමාරුවක් සිදු වි ඇත.

නාවලපිටිය ජයතිලක ක්‍රිඩාංගණයේ  රු මිලියන 20 වියදමින් ඉදිවන ඇවිදින මංතිරුවක් සම්බන්ධයෙන් සොයා බැලිමට නාවලපිටිය නගර සභාවේ හිටපු සභාපති , ජාතික සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක  සසංක සම්පත් සංජිව සහ නාවලපිටිය නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රිවරුන් දෙදෙනෙකු සහ ආධාරකරුවන් පිරිසක් ක්‍රිඩාංගණයේ පිවිසුම වෙත පැමිණෙන අවස්තාවේ ක්‍රිඩාංගණයේ ප්‍රධාන ගේට්ටුව නගර සභාව විසින් වසා දමා තිබුණි.

සසංක සම්පත් සංජිව මහතා ඇතුළු ඔහුගේ ආධාරකරුවන් පිරිස ක්‍රිඩාංගණය අසල රැදි සිටියදි එම ස්ථානයට පැමිණි නාවලපිටිය නගර සභාවේ වත්මන් සභාපති අමල් ප්‍රියංකර මහතා සහ නාගරික මන්ත්‍රිවරුන් පිරිසක් , ආධාරකරුවන් පිරිසක් අතර ඇති වු උණුසුම් තත්ත්වයකින් අනතුරුව දෙපාර්ශවය අතර ගුටිබැට හුවමාරුවක් සිදුවිය.

දෙපාර්ශවයේ ඇති වු උණුසුම් තත්ත්වය ගුටිබැට හුවමාරුව පාලනය කිරිමට නාවලපිටිය පොලිසියේ නිලධාරින් එම ස්ථානයට පැමිණිමෙන් අනතුරුවද අවස්තා කිහිපයකදි යලිත් ගුටිබැට හුවමාරුව ඇති විය.

ගැටුම සම්බන්ධයෙන් දෙපාර්ශවය විසින්ම නාවලපිටිය පොලිසියට පැමිණිලි කර ඇති අතර,ගැටුමට මැදි වු ජාතික සමගි ජන බලවේගයේ ආධාරකරුවන් තිදෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් වි ඇත.

ගැටුම සම්බන්ධයෙන් අදහස් දක්වන නාවලපිටිය නගර සභාවේ හිටපු සභාපති සසංක සම්පත් සංජිව මහතා පවසන්නේ ඇවිදින මංතිරුවක් ඉදි කිරිමට තමන් විරුද්ධ නොවන බවත්, ඒ සදහා සුදුසු ස්ථානය ජයතිලක ක්‍රිඩාංගණය නොවන බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන නාවලපිටිය නගර සභාවේ වත්මන් සභාපති අමල් ප්‍රියංකර මහතා කියා සිටින්නේ ජයතිලක ක්‍රිඩාංගණයේ ඉදි කරන ඇවිදින මංතිරුවේ ඉදි කිරිම් කටයුතු නගර කිරිමට හිටපු සභාපතිවරයා සහ විපක්ෂයේ නාගරික මන්ත්‍රිවරුන් පිරිසක් සහ ඔහුන්ගේ ආධාරකරුවන් කටයුතු කරමින් සිටින බවයි.

දෙපාර්ශවයේ ගැටුම සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය පරික්ෂණ පවත්වයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

84,715 views

10 Comments to “ආණ්ඩු-විපක්‍ෂ මන්ත‍්‍රී පිරිසක් මහ පාරේ ගුටි කෙලියක.. පොලිසිය කැදවයි.. පිරිසක් රෝහලේ.. (Video)”

  1. Baiya says:

    Rate minusunta hariata kanawath Naha me Kalakanni hathata jogging track.kslanninta hanama Gahapan.

  2. බිංකුණ්ඩා says:

    මහින්දානන්දගෙ අසූචි කන ගොන් සභාපතිය ඌත් මහින්දානන්දයා වගේම ගොන් තඩියෙක්. ඇවිදින මංතීරු හදන්නෙ රට සංවර්ධනේ කරන්නලු. රට කෙසේ වෙතත් ඌයි උගෙ ඇමති වස්සයි නම් සංවර්ධනේ වෙයි.

  3. පැන්ඩෝරා පේපර්ස් says:

    මුනුත් හරියට මුන්ගේ මහ එවුන් වගේ තමයි සංවර්ධනේ කියලා හිතාගෙන ඉන්නේ මංතීරූ හදන එක , පාරවල් කාර්පට් කරන එක මිනිස්සුන්ට කන්න බොන්න නැතුව පොල් ගස් නගිනවා ගහෙන් පැනලා මැරෙන්න , සම හරක් ගොබ්බයො කියනවා , බඩ ගැන හිතන්නැතුව රට ගැන හිතන්නලු , එහෙම කියලා රට එක එකාට විකුනනවා. කාලකන්නී හැතිකරේ.

  4. බූරුවන්ට බෙහෙත් says:

    මේ තියෙන්නෙ නම් එක්කම…මේ පක්ෂ දෙක සහ ඒවට ගෑවුන පිරිස් දේශපාලනෙන් ඉවත් කරලා දාපු දවසට ලංකාවට පොඩි හරි සැනසීමක් දැනේවි.සාකච්ඡාවක් කරල ප්‍රශ්න විසදගන්න දන්නැති ගෝත්‍රික බූරු රැලක්.

  5. Didi says:

    Aparade Policiya giye. Owunta gahagena Marenna arinna thibbe

  6. chamila says:

    What is the meaning of Development??

  7. Shehan says:

    man theeru hadapu ekek wa janapathi kale man theeru hadanna neweyida bolawu?
    janapathi ae kale idala kale mantheeru hadapu eka thamyi

  8. Thadoriya says:

    Mun danhe nha sanwardanaya kiyana a1ka. Oya hora kanna thamai yannhe. Minissu bada ginhe. Munge mantiru. Mama GR jandaya dip a1kak. Munut a1kai unutut a1kai. JVP WA GHANNA TIYANNHE.

  9. පොඩි එකා. says:

    කවුද වලිය දිනුවේ?

  10. Asd says:

    😅😅😅😅මුන්ගේ පව්ලේ එවුන්ගේ සල්ලි වලින්ද දන්නෑ ඕවා හදන්නෑ. ඒක්නේ ගහ ගන්නේ. මිනිස්සුන්ගේ සල්ලින් වලින් හදලා ඇවිත් එක දාගෙන යනෝ. මෝඩ හරක්.

Main News