ආණ්ඩු වෙනසක් ස්ථිරයි..- මහින්ද අලුත් අවුරුද්දේ මාධ්‍ය අමතා කියයි..
April 15, 2019 at 10:57 pm | lanka C news
ඉදිරියේදී ආණ්ඩු වෙනසක් ස්ථිරවම වන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
තංගල්ල කාල්ටන් නිවසේදී මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ එය ඔළුගෙඩි මාරුවකින් සිදුවන්නක් නොව මැතිවරණයක් තැබූ සැණින් එය සිදුවන බවයි.
මේ වන විට පළාත් සභා 08ක නිල කාලය අවසන් වී ඇති නිසා ඒවායේ මැතිවරණ ඔ්නෑම වෙලාවක පැවැත්විය හැකි වුනත් පාරජය ස්ථිර බව දන්නා ආණ්ඩුව මැතිවරණ නොපවත්වන බවද ඔහු පැවසීය.