ආණ්ඩු හොරට සම්මත කරගෙන කියා විපක්ෂය විරෝධතා…
December 30, 2021 at 5:30 pm | lanka C news
2022 වසර සඳහා පස්බාගේ කෝරළය ප්‍රාදේශීය සභාවේ අයවැය වාර්තාව සම්මත කර ගැනීම වංචනික ලෙස සිදු කළේ යැයි පවසමින් පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් (30) දින ප්‍රාදේශිය පරිශ්‍රයේදී මාසික සභා රැස්වීමෙන් අනතුරුව විරෝධතාවයක නිරත විය .
පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සභාවේ දෙසැම්බර් මස මහා සභා රැස්වීම (30) දින පැවැත්වූ අතර එයට විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් කළු පටි පැළැඳ සභාවට ඇතුළු වෙමින් විරෝධතාවයක ද නිරත විය .
සභාවාරය අතරතුර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු විය .
ඉකුත් නොවැම්බර් (25) දින පැවැති පස්බාගේ කෝරළේ අයවැය වාර්තාව සම්මත කර ගැනීම අත්තනෝමතික ලෙස වංචා සහගත ලෙස ප්‍රාදේශීය සභා පනතට පටහැනිව සිදු කළේ යැයි චෝදනා කරමින් පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ගොනුකල විරෝධතා පෙත්සමක් විමර්ශනය කල මධ්‍යම පළාත් සභාවේ මැතිවරණ කොමසාරිස් තුමා විසින් ලබාදුන් ලැබූ නිර්දේශයන්ට අනුව 2022 වර්ෂය සඳහා පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සභාවේ අයවැය වාර්තාව නැවත ඉදිරිපත් කිරීම මේ මස (17) දින සිදු කෙරිණ.
එහිදී පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සභාවේ සභාපති රෝහණ බණ්ඩාර මහතා සභාවට අයවැය යෝජනාව නැවත ඉදිරිපත් කරමින් කියා සිටියේ අයවැය යෝජනාව සඳහා සංශෝධන තිබේනම් සභාවට ඉදිරිපත් කරන ලෙසය.
එහිදි ආණ්ඩු පක්ෂය ඉදිරිපත් කල සංශෝධන හමුවේ විපක්ෂය චෝදනා කර සිටියේ ඉදිරිපත් කල සංශෝධන ඉකුත් නොවැම්බර් (25) දින ඉදිරිපත් කළ අයවැය යෝජනාවෙන් උපුටා ගත් කරුණුම නැවත සටහන් කර ඇති බවයි.
ඉන් අනතුරුව සභාවේ මන්ත්‍රීවරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වූ අතර ඉදිරිපත් කල සංශෝධන සහිතව 2022 වර්ෂය සඳහා පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සභාවේ පාලන පක්ෂය ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාව පොදුජන පෙරමුණට බලය හිමි කරමින් සභා සම්මත විය.
එම සභාවේ විපක්ෂ නායක එච් මෛත්‍රිපාල මහතා (එක්සත් ජාතික පක්ෂය) මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ නොවැම්බර් (25) දින සහ දෙසැම්බර් (17) දින 2022 වසර සඳහා අයවැය යෝජනාව ඉදිරිපත් කළ අවස්තා දෙකේදිම පාලන පක්ෂය අයථා ලෙස අයවැය යෝජනාව සම්මත කරගෙන ඇති බවයි.
මේ සම්බන්ධයෙන් තමන් ඇතුළු විපක්ෂය ගොනු කල පෙත්සම සදහා පළාත් පාලන කොමසාරිස්වරයා නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා යොමු වී ඇති බවත්, ඒ සඳහා දිර්ඝ කාලයක් ගතවන බවත් , මෙම ප්රශ්නය විසදීමට නීතිපතිතුමාට ප්‍රථම පළාත් පාලන කොමසාරිස්වරයා කඩනමින් කටයුතු කල යුතු බවයි
එසේම මින් ඉදිරියට කිසිදු ලෙසකින් විපක්ෂය හැටියට පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සභාවේ කිසිදු කටයුත්තකට සහය නොදෙන බවත් විපක්ෂ නායක එච් මෛත්‍රිපාල මහතා කියා සිටිහ.
පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සභාව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් හත් දෙනෙක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනෙක්, ජාතික ජන බලවේගය මන්ත්‍රීවරයෙක්, ජනසෙත පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු හා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් නව දෙනකුගෙන් සමන්විත වේ .
පස්බාගේ කෝරළේ 2022 වසර සඳහා 13 වන අයවැය වාර්තාවට අනුව අපේක්ෂිත මුළු ආදායම මුදල රුපියල් 206908575 ක් වන අතර අපේක්ෂිත මුළු වියදම රුපියල් 206906500 කි. ඒ අනුව 2022 වර්ෂය සඳහා ශුද්ධ අතිරික්තය රුපියල් 2075කි.
– හැටන් රංජිත් රාජපක්ෂ
මේ පක්ෂ තුනම දැන් අවලංගු කාසි ජාතික ජනබල වේගය ඉදිරියට (ජේ වී පි)