ආත්ම ගානන් පල දෙන පවක් කර ගනී.. තිබහට ආ ගවයන්ට වස දමා ජලය බොන්න දෙයි.. තොගයක් මිය යයි..

July 31, 2018 at 6:48 pm | lanka C news
ආත්ම ගානන් පල දෙන පවක් කර ගනී.. තිබහට ආ ගවයන්ට වස දමා ජලය බොන්න දෙයි.. තොගයක් මිය යයි..

වව්නියාව, සෙට්ටිකුලම තට්ටාන්කුලම ප්‍රදේශයේදී ජලය පානය කිරීමට පැමිණි ගවයින්ට වස මිශ්‍රකොට ජලය ලබාදීමෙන් ගවයින් හතරදෙනෙකු මිය ගොස් ඇති බවට සෙට්ටිකුලම් පොලීසිය කියා සිටියේය.

සෙට්ටිකුලම පොලිසිය පැවසූවේ ගවයින් හතරදෙනෙකු සෙට්ටිකුලම තට්ටාන්කුලම ප්‍රදේශයේදී මරණයට පත්ව සිටි බවත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් ගවයින් ඇතුල්වූ බවට සැකකෙරෙන ඉඩමක කාන්තාවකගෙන් ඇතුලු පිරිසකගෙන් ප්‍රශ්න කිරීම සිදු කරන බවටයි.

නමුත් ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පැවසූවේ අදාළ සැක සහිත කාන්තාවකගේ වගා ඉඩම වෙත පැමිණි ගවයින් රංචුවක් වෙත එලෙස විෂ මිශ්‍රකර ජලය ලබාදි ඇති බවටයි.

වස මිශ්‍ර ජලය පානය කිරීම හේතුවෙන් ගවයින් සිව් දෙනෙකු මිය ගොස් ඇති අතර ගව රංචුවේ අනෙක් ගවයින් වෛද්‍ය ප්‍රතිකාර හමුවේ බෙරා ගැනිමට හැකි වි ඇති.

අදාල සිදුවීම් සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරන සෙට්ටිකුලම පොලිසිය පැවසූවේ මියගිය ගවයින්ගේ සිරුරු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගවයින්ගේ ඝාතනයට සම්බන්ධ නිශ්චිත තොරතුරු අනාවරණය කර ගැනීමට නියමිත බවයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

203 views