ආදරවන්තයින්ගේ දිනය දා දෘශ්‍යාබාධ සහ අබාධිත පුද්ගලයින් දහසක් ශ්‍රි පාද කරුණා කිරිමේ පුණ්‍යය කර්මයක් සිදු කරයි….

February 16, 2020 at 2:02 am | lanka C news
ආදරවන්තයින්ගේ දිනය දා දෘශ්‍යාබාධ සහ අබාධිත පුද්ගලයින් දහසක් ශ්‍රි පාද කරුණා කිරිමේ පුණ්‍යය කර්මයක් සිදු කරයි….

ආදරවන්තයින්ගේ දිනයේදි (14) දෘශ්‍ය ආබාධිත සහ ආබාධිත පුද්ගලයින් දහසක් ශ්‍රි පාදය වන්දනා කිරිමේ වැඩසටහනක් (14) දින සිදු කරනු ලැබුහ.

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට පැමිණි දෘශ්‍ය ආබාධිති සහ අබාධිත පුද්ගලයින් දහසක් පාදුක්ක වටරැක කිරිගල්පොත්ත රජමහා විහාරස්ථානයේ සිට ශ්‍රි පාදස්ථානය දක්වා ගමන් කිරිම පසුගිය (13) දින ආරම්භ කරන ලදි.

නල්ලත්නිය වෙත පැමිණි දෘශ්‍ය අබාධිතයන් සහ අබාධිතයන් තවත් තරුණ පිරිසකගේ සහයෝගය ඇතිව ශ්‍රි පාද උඩ මළුව වෙත කැදවාගෙන ගොස් ශ්‍රි පාද පද්මය වැද පුදා ගැනිමෙන් අනතුරුව යලිත් පහලට කැදවාගෙන එනු ලැබුහ.

මහ සංඝ රත්නයේ ආශිර්වාද මැද දෘශ්‍ය අබාධිතයන් සහ අබාධිතයන් ශ්‍රි පාදය කරුණා කරවිමේ වැඩසටහන පාදුක්ක ප්‍රදේශයේ තරුණ සංවිධානයක් විසින් සංවිධානය කර තිබුණි.

දෘශ්‍ය අබාධිතයන් සහ අබාධිතයන් පුද්ගලයින් ශ්‍රි පාදස්ථානය කරුණා කරන අවස්තාවේ එම මාර්ගයේ ගමන් ගත් සෙසු ශ්‍රි පාද වන්දනාකරුවන්ගේද සහයෝගය ලැබි තිබුණි.

– හැටන් රංජිත් රාජපක්ෂ

3,464 Viewers
Main News