ආදර රණ්ඩුව නිමයි.. එජාප-ශ‍්‍රීලනිප පොදු සන්ධානයකට සාකච්චා පැවැත්වෙයි.. ජනාධිපතිවරණයට යලිත් පොදු අපේක්‍ෂකයෙක්..

July 24, 2018 at 10:00 am | lanka C news
ආදර රණ්ඩුව නිමයි.. එජාප-ශ‍්‍රීලනිප පොදු සන්ධානයකට සාකච්චා පැවැත්වෙයි.. ජනාධිපතිවරණයට යලිත් පොදු අපේක්‍ෂකයෙක්..

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් පිහිටුවීම සදහා එක්සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව සාකච්චා කරමින් සිටී.

ඇමති මනෝ ගනේෂන් මහතා සදහන් කරන්නේ දැනටමත් එම සාකච්චා ආරම්භ කර ඇති බවයි.

මෙම නව සන්ධානය සදහා මෑතකදී ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රීලනිප 16 දෙනාගෙන්ද කිහිප දෙනෙකු එක් වන බවද ඔහු කියා සිටී.

මීලග ජනාධිපතිවරණය සදහා නව සන්ධානය විසින් අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද ඇමතිවරයා කියා සිටී.

කෙසේ වෙතත් ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේදී ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්‍ෂ වෙනම තරග කරන බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

36 views

3 Comments to “ආදර රණ්ඩුව නිමයි.. එජාප-ශ‍්‍රීලනිප පොදු සන්ධානයකට සාකච්චා පැවැත්වෙයි.. ජනාධිපතිවරණයට යලිත් පොදු අපේක්‍ෂකයෙක්..”

  1. සිංහල කොන්ග්‍රස් says:

    ගන‌ේෂන්ල ම‌ොනව කිව්වත් බ‌ොරැ කාර ජහපාලන හැත්ත තව දුරටත් ජනතාව අන්දවනවා බ‌ොරැ.

  2. No Hope says:

    තොපිට ජය වෙයි රටට කෙල වෙයි

  3. BARCARDI says:

    This is the only option that UNP and SLFP have. JVP also will join in this.

Main News