ආදානෝත්සවයට ගිය 16 කණ්ඩායමේ ප්රබලයා ගණන් නොගනී.. ඇහෙන ගානට කොචොක් දමයි..
May 30, 2018 at 8:40 am | lanka C news
ප්රසිද්ධ භික්ෂූන් වහන්සේ නමක් අපවත් වීමෙන් මොරවක ප්රදේශයේ පැවති ආදනෝත්සවයක් සදහා සහභාගී වූ 16 කණ්ඩාමේ ප්රබලයෙක් එහි සිටි ජනතාව විසින් මායිම් නොකිරීම නිසා සිත් තැවුලට පත්ව ඇතැයි වාර්තා වෙයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද එම අවස්ථාවට සහභාගී වී ඇති අතර ඔහුට පුරුදු පරිදි ඉමහත් ප්රතිචාරයක් එහි සිටි ගිහි පැවිදි සියල්ලන්ගෙන් හිමිව තිබේ.
16 කණ්ඩායමේ ප්රබලයාද ආදාහනෝත්සවයට උවමනා කරන පිරිකර අතුළු භාණ්ඩ තොගයක්ද ලබා දී ඇතත් ප්රදේශීය දේශපාලඥයන් පවා ඔහුව නොතකා සිටීම හේතුවන් ඔහු කෝපයට පත්ව ඇතැයිද සදහන්ය.
වැරදි වෙලාවට වැරදි තින්දු ගන්නා අයට වන්නේ බාන වෙලාව වැරදුනු පාන් ගෙඩිය මෙන් පිච්චී විසි කරන්නට යයි ඒ ආසන්නයේම සිටි කලින් සන්ධානයේ හා දැන් පොහොට්ටුවේ මන්ත්රීවරයෙකු ඇසෙන නෑසෙන මට්ටමින් කියා ඇත.
anura apriyadharshana yapa
May be the Luky Abey. They can’t fool any longer