ආදායම් නෑ.. ශ්‍රී ලන්කන් සේවකයින් 400ක් වැටුප් රහිත නිවාඩු යවයි..

May 3, 2020 at 3:26 am | lanka C news
ආදායම් නෑ.. ශ්‍රී ලන්කන් සේවකයින් 400ක් වැටුප් රහිත නිවාඩු යවයි..

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කොන්ත්‍රාත් පදනම මත සිටින සේවකයින් 400 දෙනකු පමණ මාස 03ක කාලයක් සඳහා වැටුප් රහිත නිවාඩු යවා තිබේ.

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ගුවන් ගමන් සිදු නොවන බැවින් මෙම තීන්දුව ගෙන ඇති බව වාර්තා වෙයි.

තත්වය තවදුරටත් පැවතියහොත් රැකියාවන් අහිමි වීමේ අවධානමක්ද පවතින බව සදහන්ය.

තම නිවෙස් වලින් හෝ එළියට යාමේ හැකියාවක් නොමැතිව තිබියදී මෙලෙස රැකියාවෙන් ඉවත් කිරීම හේතුවෙන් බොහෝ සේවකයින් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින්නේ යයිද වාර්තා වේ.

216 views

8 Comments to “ආදායම් නෑ.. ශ්‍රී ලන්කන් සේවකයින් 400ක් වැටුප් රහිත නිවාඩු යවයි..”

  1. බන්ඩා says:

    අද හැම එයාර් ලයින් එකමපමනක් නෙවෙය් එයාර් බස් සහ බොයින් සමාගමුත් ඩවුන් පඩි කපලා. BBC අහන්න.

  2. Asoka says:

    5000 ganillaa. Bandula Gunawardena has mentioned the family with 5 can live with 2500 for a month

  3. Kevin says:

    Airline ඔක්කොම වැටෙනවා.. ඔහොම නොවුනොත් තමයි පුදුමේ. ඇමරිකාව වගේ රටවල Airline වල stock අරන් තියෙන ලොකු වියාපාරිකයෝ දිගට හරහට ඒවා අතාරිනවා.

  4. CJ says:

    Did CEO and higher ups also get atleast a PAY CUT? (if not no pay)

    If not is is not goo corporate governance or giving an good example from the top

  5. Critic says:

    අයි අර නිශාන්ත වික්‍රමසිංහ මහත්තයට එන්න කියලා ඕක බාර දුන්න නම් දෙකක නැහැ එක දවසින් වැටිච්ච ප්ලේන් ඔක්කොම කෙලින් කරලා ගන්නවා. අන්න නියම චාමන් ල.

  6. Kelawela says:

    Sir. Richard Charles Branson, the owner of Virgin Atlantic in UK and Virgin Australia in Australia air lines and many more businesses has also sent his staff on 2 months unpaid leave.

  7. Anura Kumara says:

    British Airways is cutting 30% of it’s staff and going to stop Gatwick operation.

Main News