ආදාහනාගාර මදිවුනොත් පාන් පෝරණුවල මිනී පුච්චන්න..- මුරුත්තෙට්ටුවේ හිමි

August 8, 2021 at 10:40 am | lanka C news
ආදාහනාගාර මදිවුනොත් පාන් පෝරණුවල මිනී පුච්චන්න..- මුරුත්තෙට්ටුවේ හිමි

මෙරට කොවිඩ් වසංගතය දැන් ජනතා පොකුරක් බවට පත්වී තිබේ. මේ සිදුවන ආකාරයට රෝගීන් මියයාම දිගටම සිදුවුවහොත් ඔවුන්ගේ මෘත ශරීර පිළිස්සීම සඳහා කොළඹ කනත්ත මදි වී රටේ පවතින පාන් පෝරණු භාවිත කිරීමට සිදුවිය හැකි බව රාජ්‍ය ෙස්වා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ පැවසූහ.

කොවිඩ් වසංගතය මර්දනය ගැන ආණ්ඩුව හා වෙනත් බලධරයන් විසින් සිදු කරන මාධ්‍ය සංදර්ශන වහා නැවැත්විය යුතු බවද නිසි වේලාවට රට නොවසා දැන් රට වසා දැමීම ගැන කතා කිරීම නිශ්ඵල ක්‍රියාවක් බවද උන්වහන්සේ වැඩිදුරටත් කීහ.

එම නිසා දැනට රටේ කෙරෙන සංවර්ධන කටයුතු පවා වහා නතර කොට කොවිඩ් මර්දනය සඳහා රටත් ජනතාවත් සූදානම් විය යුතු යැයිද මුරුත්තෙට්ටුවේ හිමියෝ අවධාරණය කළහ. මේ අවස්ථාවේ ගුරු විදුහල්පතිවරුන් කරන උද්ඝෝෂණය එක ආණ්ඩුවක් විසින් බාරගත යුතු ප්‍රශ්නයක් නොව පැවති සෑම රජයක්ම එහි වගකීම බාරගත යුතුව ඇතැයිද උන්වහන්සේ සඳහන් කළහ.

කෙසේ වෙතත් මේ අවස්ථාව උද්ඝෝෂණය කළ හැකි අවස්ථාවක් නොවේ. දේශපාලන පක්ෂ තර කර ගැනීම සඳහා කෙරෙන උද්ඝෝෂණද නතර කර කොවිඩ් නිසා බියට පත්වී සිටින ජනතාව සුවපත් කිරීම සැමගේ ප්‍රමුඛ වගකීම විය යුතු බව මුරැත්තෙට්ටුවේ නාහිමියෝ පැවසූහ.

සංජීවිකා සමරතුංග
දේශය

74,876 views

43 Comments to “ආදාහනාගාර මදිවුනොත් පාන් පෝරණුවල මිනී පුච්චන්න..- මුරුත්තෙට්ටුවේ හිමි”

  1. ආගමික ශබ්ද දූශණය එපා says:

    දැං අර ලෙඩෙක්ට නිදහසේ කණක් ඇහිල ඉන්න නැතිවෙන ස්පීකර් පිරිත් වල බලයක් නෑ නේද හාමුදුරුවනේ…. බොරු ප්‍රෝඩාවල් නැතිව දැංවත් නිවන් දකින්න හොඳ මාර්ගයක් හොයාගන්න සද්ද වහගෙන​.

  2. පුචිචන පාන් හීල් දානෙට ද දවල් දානෙට නර්ස් හාමූදුරුවනේ says:

    කට පියා ගෙන් හිටිය නම් වීදූරු ගෙවල්වල ඉදල ගල් නොකප. පූච්චල මොන පැත්තෙ කෑල්ලක් ද ඕනෙ.

  3. Ayotallah says:

    A prominent minister in South did not allow the airports to be closed in last year at the preliminary stages of Covid spread since his 2 children has not returned to the country. This delay caused the country to be swallowed by Covid virus and he is personally responsible. The people of the south knows who is the culprit

  4. නරකද දැන් විවාහයක් එහෙම කරගෙන පැත්තකට වෙලා කට පියන් හිටියනම්. දැන් ඉතින් අවුරුදු ගානක් තිස්සේ නර්ස් නෝනලා රවටලා එකතුකරගත්ත සල්ලි ඇති තරම් තියෙනවනේ. ලජ්ජා නැද්ද උන්නාහැ බුදුදහමටත් පටහැනිව ගිහින් අහිංසක වසංගත භීතියකින් මුළු රටම වෙලාගෙන ඉන්න වෙලේ සුරුට්ටු පත්තුකරගන්ට දගලන එක. ලබන මේ ආත්මේ නෙවේ තව ආත්ම සියයක් ගියත් නිවන් නම් යන්නේ නෑ. හැමදාම නිරයේම තමයි.

  5. Venura Dias says:

    ඒ විදියට පාන් පෝරණුවේ පුච්චලා ඒ කරවෙච්ච ටික චූන් පාන්කාරයට දුන්නා නම්
    ඒවා ගෙවල්වලට බෙදලත් දෙයි. හාමුදුරු කෙනෙක් වෙලත් කියන්නේ මැටිමෝල් කතා.
    කට පියාගෙන ඉන්නවා ඕයි.

Main News