ආනන්දයේ උසස් පෙළ විශිෂ්ටයින් ඇගැයේ…

June 15, 2017 at 2:02 am | lanka C news
ආනන්දයේ උසස් පෙළ විශිෂ්ටයින් ඇගැයේ…

අපොස උසස් පෙළ විභාගයේදී විශිෂ්ට කුසලතා දැක්වූ කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුන් ඇගැයීමේ උත්සවයක් එම විද්‍යාලයීය ශාලාවේදී ආදි සිසුවෙකු වන ප්‍රාථමික කර්මාන්ත ඇමති දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින.

‘ඒ’ සාමර්ථ තුනක් ලබා ගත් සිසුන් 175 දෙනෙකු ඇගැයීමට ලක් වූ ‘නැණ හරසර 2017’ සංවිධානය කළේ වසර 1970-75 ආදි ආනන්දීයයන් කණ්ඩායම යි.

එම අවස්ථාව අමතමින් ඇමතිවරයා කියා සිටියේ, ආනන්ද විද්‍යාලය යනු සෑම ක්ෂේත්‍රයකින්ම විද්වතුන් බිහි කරන දිවයිනේ ජනප්‍රියතම හා ප්‍රමුඛතම අධ්‍යාපනය ආයතනයක් බවයි.

නායකත්වයේ අභියෝගයට මුහුණ දීමේ හැකියාව හා රටේ අනාගතය සමෘද්ධිමත් කිරීමට දායකත්වය දීම සඳහා ආනන්ද විද්‍යාලයෙන් ඉමහත් පිටිවහලක් ලැබෙන බව හෙතෙම පැවසීය.

ව්‍යාපාරික ක්ෂේත්‍රයට පිවිස සාර්ථකත්වය අත්කර ගැනීමෙන් පසුව දේශපාලනයට ද පිවිසි තමාගේ ජීවිත කථාව ගෙනහැර දැක්වූ ගමගේ මහතා, අධ්‍යාපනය හැදැරීමෙන් අනතුරුව රජයේ රැකියා මත බලාපොරොත්තු නොතබා, තමන්ගේ හැකියාවෙන් ඉදිරියට යන මෙන් සිසුන්ගෙන් ඉල්ලා සිටියේය.

– ජෝර්ජ් ද සිල්වා

40 views
Main News