ආනමඩුවේ ගුරුවරිය දණගස්සවා අධිකරණයෙන් වරදකරැ කල වයඹ මන්ත්රී පුත්තලම ශ්රිලනිප පුංචි ඡන්දය මෙහෙයවයි…
December 8, 2017 at 4:40 pm | lanka C news
එලබෙන පලාත් පාලන මැතිවරණ සඳහා පුත්තලම දිස්ත්රික්යේ වනාවිල්ලුව ප්රාදේශිය සභාව සඳහා ශ්රිලනිප මෛත්රී කණ්ඩායමේ ඇප තැන්පත් කිරිම ඊයේ පුත්තලම දිස්ත්රික් සහකාර තේරිම් භාර නිලධාරි කාර්යාලයේදි සිදු විය.
මේ සඳහා නායකත්වය සැපයුයේ මෑතකදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් ආනමඩුව ශ්රිලනිප සංවිධායක ලෙස පත් කල වයඹ හිටපු පලාත් සභා මන්ත්රී ආනන්ද සරත් කුමාර විසිනි.
මොහු පසුගිය සමයෙහි එම රජයට විශාල කලු පැල්ලමක් එක් කරමින් ආනමඩුව ප්රදේශයේ පාසලක ගුරුවරියකු ඇය රාජකාරියේහි යෙදි සිටියදි ඇයව දණ ගස්සවා දඩුවම් කිරිමක් සම්බන්ධව පුත්තලම මහාධිකරණ මගින් වරදකරු කල පුද්ගලයෙකි.
එහෙත් යහපාලන ආණ්ඩුවක් බිහිකොට රාජ්ය සේවයේ ගෞරවය ආරක්ෂාකරන බවට පොරොන්දු දෙමින් එම ක්රියාව සම්පූර්ණයෙන්ම පසුගිය ආණ්ඩුව වෙත චෝදනා කල අය එසේ මහාධිකරණ මගින් වැරැදිකරුවන් බවට තීන්දු කල පුද්ගලයින් නැවත මැතිවරණ මෙහෙය වීමට යොදා ගැනිම කොතරම් සාධාරණ ද යන්න ජනතාව මැතිවරණයේ දි තීරණය කරනු ඇත.
මේ යහපාලනයේ පළාත් සභා විනය ඇමතිතුමා නෙ?