ආනයනික කාබනික පොහොරවලට වඩා රසායනික පොහොර හොදයි…- පාදෙණිය

October 29, 2021 at 12:40 pm | lanka C news
ආනයනික කාබනික පොහොරවලට වඩා රසායනික පොහොර හොදයි…- පාදෙණිය

කාබනික පොහොර ශ්‍රී ලංකාවට පිටරටින් ගෙන්වීම වැරදි වැඩක් බවත් එයට විරුද්ධ බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

කාබනික පොහොර ආනයනය කිරීම හේතුවෙන් නැති ප්‍රශ්න ඇති වන බවත් ඊට වඩා රසායනික පොහොර සුදුසු බව තමන් පවසන බවත් සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කරයි.

වස විස වලට තම සංගමය විරුද්ධ වුවත් කාබනික පොහොර මෙරටට ආනයනය කිරීමෙන් තවත් අවුල් ජාලාවක් නිර්මාණයක් නො කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා පැවසීය.

ජනාධිපතිතුමන් විසින් කාබනික පොහොර සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකායට තමන් නම් කර තිබුනද අද වනතුරු එහි එක රැස්වීමක් වත් කැඳවූයේ නැති බවත් ඒ මහතා සඳහන් කරයි.

එක්වරම කාබනික පොහොර භාවිතය යොමුවීම වැරදි බවත් එහි වරද තම සංගමය වෙත පැවරීම වැරදි බවත් ඔහු තවදුරටත් කියා සිටියේ ය.

දෙරණ නාලිකාවේ පැවැති සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

70,798 views

23 Comments to “ආනයනික කාබනික පොහොරවලට වඩා රසායනික පොහොර හොදයි…- පාදෙණිය”

  1. Love nature says:

    මහරගම අපේක්ෂා රෝහල හැරුණු විට, අලුතින් පිළිකා රෝගීන් වාර්තා වන්නේ කෘෂිකාර්මික ප්‍රදේශවලිනි. 2018 වසරේ දත්ත අනුව, කුරුණෑගල මහ රෝහලෙන් අලුත ලියාපදිංචිකර ගෙන ඇති පිළිකා රෝගීන් සංඛ්‍යාව 2206කි. බදුල්ලෙන් 2151කි. අනුරාධපුරයෙන් 1483කි. පොළොන්නරුවෙන් 699කි. අම්පාරෙන් 111කි. මොණරාගලින් 413කි. යාපනයෙන් (තෙලිප්පලෙයි) 1186කි. මඩකලපුවෙන් 876කි. වවුනියාවෙන් 223කි. නුවරඑළියෙන් 203කි. හම්බන්තොටින් 312කි. මේ අනුව බලන විට, 2018 වසරේ අලුත වාර්තාවුණු පිළිකා රෝගීන්ගෙන් (34953) තුනෙන් එකක් පමණ එන්නේ කෘෂිකාර්මික ප්‍රදේශවලිනි. එය බොහොම බිය උපදවන තොරතුරකි.

    ‘රසායනික පොහොර’ යනු, කෘෂිකාර්මික ක්ෂේත්‍රයට එක් කෙරුණු කෘතිම ශාක පෝෂක මාදිලියකි. එය ශාක වර්ධනයට, පැවැත්මට සහ ඵල දැරීමට අවශ්‍ය පෝෂක මූල ද්‍රව්‍යවලින් පොහොසත් ය. ඒවා කෘත්‍රිම රසායනික නිෂ්පාදනයන් ය. එබැවින් පොළොවට විෂ ද්‍රව්‍ය එකතු වේ.

    රසායනික පොහොර සාමාන්‍යයෙන් යූරියා (නයිට්‍රජන්), ඇමෝනියම් සල්පේට් (ඇමෝනියා ලවණ), රොක් පොස්පේට් (පොස්පරස්), ත්‍රිත්ව සුපර් පොස්පේට් (ටී. එස්. පී.), මියුරියේට් ඔෆ් පොටෑෂ් (පොටෑසියම්), සල්පේට් ඔෆ් පොටෑෂ් ආදී කෘත්‍රිම රසායනික ද්‍රව්‍යවලින් සමන්විත ය. ඒවා ‘අමිශ්‍ර පොහොර’ හෝ ‘මිශ්‍ර පොහොර’ වශයෙන් ආහාර භෝග වගාවන්ට එක් කිරීම ගොවීන්ගේ සිරිතයි. රසායනික පොහොරවලින්, ශාකවල වර්ධනයට අවශ්‍ය පෝෂක මූලද්‍රව්‍ය කෙලින් ම සැපයෙයි. ඉන් ශාක වර්ධනයවී, වැඩි ඵලදාවක් ද ලැබේ. නව වැඩි දියුණු කළ බව භෝග වගා කිරීමේ දී, කෘත්‍රිම රසායනික පොහොර සහ කෘෂි රසායන ඉහළ ප්‍රතිඵල පෙන්වයි.
    එහෙත් කෘත්‍රිම රසායනික පොහොර මිනිස් සෞඛ්‍යයට බෙහෙවින් විෂ සහිත ය.

  2. sunimal says:

    අතීතයේ දී ශාක වර්ධනයට අවශ්‍ය වන පෝෂක මූලද්‍රව්‍ය පිළිබද විවිධ මත තිබිණි. එහෙත් මුල්වරට ශාක වර්ධනයට අවශ්‍ය වන පෝෂක මූලද්‍රව්‍ය ශාකය ලබන්නේ පසේ අඩංගු විවිධ ලවණ සංයෝගවලින් බවටත් එම නිසා එලෙස ශාක මගින් ලබාගන්නා පෝෂක මූලද්‍රව්‍ය නැවත පසට ලබා දිය යුතු බවටත් මතය ඉතා ප්‍රබල ලෙස ඉදිරිපත් කරන ලද්දේ ජර්මන් ජාතික විද්‍යාඥයෙකු වන Justus von Liebig විසිනි. එමෙන් ම ඔහු විසින් විවිධ ක්‍රම මගින් පසට මෙලෙස ශාකවලට අවශ්‍ය වන පෝෂක මූලද්‍රව්‍ය ලබා දීමේ ක්‍රම අත්හදා බලන ලදී. මේ හේතූන් නිසා නූතන පොහොර කර්මාන්තයන්හි පියා ලෙස Justus von Liebig සැලකෙයි.

  3. Love nature says:

    මධ්‍යම කඳුකරයේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් දෛනිකව යොදා ගන්නා රසායනික පොහොර ඉහළයාම යනු සියලු රටවැසියන් අවදානමකට ලක් කිරීමය. රසායනික පොහොරවල ඇති අහිතකර රසායනික ජලයට මුසු වී ඇළ වේලි ඔස්සේ ගලා බසින්නේ රජරට ගොවිබිම් වලටය. අද වන විට මහවැලි ගඟට ආසනික්, කැඩ්මියම්, ලෙඩ් නැමති ලෝහ ද මුසු වී ඇති බවට අනාවරණය කරගෙන ඇත. මෙම ජලය වැඩි වශයෙන් භාවිත කරන්නේ රජරට වී වගාවලටය. රජරට වී නිෂ්පාදනය රට පුරා බෙදාහරින විට එය පරිභෝජනය කරන්නේ මේ රටේම ජනතාව බව නොදන්නේ කවරහුද?. මෙහි ව්‍යවසනය තේරුම් ගෙන ඇත්තේ කීයෙන් කී දෙනාද? මේ ප්‍රශ්නවලට උත්තර සොයන්නේ නොමැතිව ගොවි ජනතාවට අවැසි පරිදි ක්‍රියාත්මක වන්නේ නම් නූපන් දරුවන් මෙලොව එළිය දකින්නේ ද රෝගීන් බවට පත් වෙමිනි.

  4. බන්ඩා says:

    ආණ්ඩුව පොහොර වැඩේ අනාගෙන. දැන් එක එකාගෙ ඇඟේ ගානවා.

  5. PD says:

    People don’t understand the relationship between chemicals/heavy metals and health problems.

    Removing chemical fertilizers is the greatest gift the President has given the people.

    What BS from the GMOA – you cannot compare the damage done by a few harmless organisms in organic fertilizer to the huge damage caused by chemical fertilizers.

  6. FIFA says:

    WHo gonna trust this man. This is double game this man is playing. Whole country heard what he said behind mic. One to president and when president take action man simply slipping. Disgusting these bunch

  7. කැපුවත් පොහොට්ටුවට says:

    2025 පොහොට්ටුවෙ ජයග්‍රහනය වලක්වන්න කාටවත් බෑ.

    • සවි අරික්කාල says:

      ආයිත් අහලා…! උඹ හරි…. මචං …..උඹ තාමත් පදිංචිය අංගොඩ පිස්සන් කොටුවේ ද ?

  8. LalithM says:

    මේ නිවට දොස්තර වෛද්‍ය වෘත්තිය ගණිකා සේවයේ යොදවන පිසාචයෙක්.

    • wimalasena H.D. says:

      oya nivata paadeniya paadadayava gahala elavapallako. kerole inna genige kihille mayil dekalada koheda muge
      naaki polla kelinwelaa den ema geni kiwwa kiya kiyaa eyaage kihilla dihaama mekaa balanavaa lalithM.

  9. Devapriya says:

    සිංහයෙක් බල්ලෙක් වුනාට බල්ලා ආයේ සිංහයෙක් වෙන්නේ නෑ

Main News