ආනයනික කිරිපිටි වල ප්‍රමිතිය පරික්ෂාවට කිසිම ආයතනයක් නෑ.. වැටලීම් නිලධාරීන් අමාරුවේ…
February 17, 2019 at 8:40 am | lanka C news
සමස්ත ලංකා පාරිභෝගික අධිකාරි විමර්ශන නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
කිරි පිටි වල අන්තර්ගතය පරික්ෂාකිරීමට පාරිභෝගික අධිකාරියට බෑ….
පසු ගිය දිනවල මහත් ආන්දෝලනයකට තුඩු දුන් ආනයනික කිරිපිටි වල අඩංගුයයි කියන සත්ව තෙල් හෝ ආගන්තුක දෑ සම්බන්ධව ප්‍රකාශ සම්බන්ධ අප සංගමය ඉතා අවධානයෙන් සිටින බවත්,එ සම්බන්ධව වගකිවයුතු රාජ්‍ය ආයතනවල පරික්ෂණයන් සම්බන්ධ අවධියෙන් සිටින බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු.
කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල ආනයනික කිරිපිටි වල අඩංගු යයි සැක කරන ඌරු තෙල් පිළිබඳ පැමිණිල්ල වැඩිදුරටත් පරික්ෂා කර වාර්තා කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට යොමු කරන ලෙස ලෙස ගරු සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පාර්ලිමේන්තුවේ ගරු කතානායකතුමාගෙන් ඉල්ලා සිටින ලදි.
එහෙත් අප සංගමය ඉතා වගකීමෙන් යුතුව ප්‍රකාශ කර සිටින්නේ මේ පිළිබඳ පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය දැනුම හෝ තාක්ෂණික ශක්තිය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත නොමැති බවයි.පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලැබෙන පැමිණිලි පිළිබඳව සාම්පල් නියැදි ලබා ගැනීම ඉතා වගකීමෙන් යුතුව අධිකාරිය විසින් සිදු කලද ,අවශ්‍ය පරීක්ෂණ සදහා එම සාම්පල් වෙනත් රාජ්‍ය ආයතන වෙත යොමු කර පරික්ෂණ වාර්තා ලබා ගැනීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ක්‍රම වෙදය වේ.රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ITI ආයතන, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමත ආයතන වැනි එකක වෙත යොමු කර ලැබෙන වාර්තා පදනම් කරගෙන අවශ්‍ය නීතිමය පියවර ගැනීම සිදු කිරීම අධිකාරියේ ක්‍රමය වේ.
එහෙත් මේ වන විට එවැනි ආයතන මගින් මෙම කිරි පිටි සම්බන්ධ පරික්ෂණයක් සිදු කල නොහැකි බව දන්වා සිටීම සමස්ත පාරිභෝගික ජනතාවටම විශාල අසාධාරණයක් සිදු වී ඇත.පුද්ගලික පරික්ෂණ ආයතන වල ස්වාධීනත්වය පිළිබඳ ගැටලු සහගත වන අතර ,එවන් වාර්තා පදනම් කරගනිමින් නීතිමය පියවර ගැනීමද අභීයෝගයට ලක් කිරීමට බහු ජාතික සමාගම් වලට හැකියාව ඇත.
එබැවින් මෙම තත්ත්වය මනා අවබෝධයක් ඇතිව විසදා ගතයුතු අතර ,සමස්ත පාරිභෝගික ජනතාවගේම ආහාර පාන වල සුරක්ෂිතව පිළිබඳ රජය දැඩිව අවධාරණය යොමු කකලයුතුව ඇත.මෙම ආනයනික කිරිපිටි වල සත්‍ය තත්වය රටට හෙලිදරව් කර ජනතාව ආරක්ෂා කිරීම රජයේ වගකිම බව පෙන්වා දෙන අප සංගමය, මේ පිළිබඳ සංගමයක් ලෙස ලබා දිය හැක පූර්ණ සහයෝගය ඉදිරියටත් ලබා දීමට තීරණය කර ඇත ඇති බව දන්වා සිටීමට කැමැත්තෙමු.
ලංකා දික්කුඹුර
ලේකම්
සමස්ත ලංකා පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන්ගේ සංගමය
ජනතාව පිටි කල කිරි බීම නැවැත්විය යුතුය්. ගම් වල කිරි ගොවියාට ආධාර කර කිරි එකතු කිරීමේ මධ්‍යස්තාන වලින් බීමට දියර කිරි විකිනීමේ පහසුකම් සැලසිය යුතුය්. දෙමළ ව්‍යාපාරිකයෙක් අපේ ගමේ කිරි එකතු කර සාර්තක ලෙස ඒවා වැල්ලවත්තේ විකුනනවා. පාරිභොකිකයාටත් හොඳය් ගොවියාටත් හොඳය්.
දරුවන්ට වින කරන මේ කොඩිවිනය කපමු
මව් කිරි යනු අලුත උපන් දරුවකුට ලොව ඇති වඩාත්ම වැදගත්ම ආහාරයයි. අලුත උපන් ළදරුවාට මව්කිරි දීම උපතේ සිට මාස 6ක් දක්වා ළදරුවාට මවුකිරිවලින් පමණක් පෝෂණය විය හැකි ය. දරුවාට පිටිකිරි දීම අනිටු විපාක සඳහා ඇති අවදානම වැඩි කරවයි. ශ්‍රී ලංකාවේ පවතින නිර්දේශය අනුව උපතේ පටන් ළදරුවාට මාස 6 ක් ගතවන තුරු මව්කිරි පමණක් ලබාදීම අනිවාර්යයි. ඉන් අනතුරුව, අමතර ආහාර සමග අවුරුදු 2-3 ක් පමණ මව්කිරි ලබාදීමට නිර්දේශ කර ඇත. මන්ද, කුඩා දරුවෙකුට ලබාදිය හැකි හොඳම කිරි වර්ගය මව්කිරි වීමයි.
මේ වන විට ලංකාවට ගෙනවිත් බෙදාහරින කිරි පිටි යනු සැබෑ ලෙස ම එළ ගවයන්ගෙන් හෝ මී ගවයන්ගෙන් දොවන ලද කිරි ද යන්න පිළිබඳ සැකයක් පවතින බව කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ලංකා සංවර්ධන මණ්ඩලයේ මාතරදිස්ත්රික්කයේ අකුරැස්ස ශාඛාවේ පැවති රැස්විමක දී ය.
අමාත්‍යවරයාගේ කරුණු පැහැදිලි කිරීමට අනුව කිරිපිටි ගෙන්වන්නේ යැයි ප්‍රචලිත නවසිලන්තයේ: දැනට ජීවත්වන, මේ දක්වා මිය ගිය සහ ඉපදිමට සිටින එළගවයන් සියලු දෙනාගෙන් දොවාගන්නා කිරි ගණනය කළ ද ඊට වඩා වැඩි කිරි පිටි තොගයක් ලංකාවට ආනයනය කරයි. එසේ නම් මේ කිරි පිටි යනු මොනවා ද. ඒ පිළිබඳව අදහස් දකැක්වු අමාත්‍යවරයා පවසා සිටියේ එසේ කිරිපිටි යැයි අප වෙත එවන්නේ පාම් ඔයිල් කුඩු සහ ලැක්ටෝස් කුඩු කවලම් කර නිෂ්පාදනය කළ කුඩු වර්ගයක් යැයි චෝදනාවක් පවතින බවයි.
මේ වන විට මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු පවත්වමින් සිටින බවත්, යම් හෙයකින් මෙය සත්‍යය යැයි ඔප්පු වුවහොත් කිරි පිටි සමාගම් යනු ‘‘ත්‍රස්තවාදී ව්‍යාපාර’’ ලෙස නම් කිරීමට සිදුවන බවත් අමාත්‍යවරයා හි දී පවසා ඇත.
පිටිකිරි දීම අනිටු විපාක සඳහා ඇති අවදානම වැඩි කරවයි.
ඇදුම, අසාත්මිකතාවන්, කනේ ආසාදන, ශ්වසන ආසාදන, යකඩ ඌණතා, නීරක්තිය, ආහාර දිරවීමේ අපහසුතා, නින්දේ දී ඇති වන හුස්ම ගැනීමේ ආබාධ, ළමා වියේ ඇති වන පිළිකා වර්ග, දන්තාබාධ සහ දන්ත විකෘති, පාරිසරික අපද්‍රව්‍යයන්ට නිරාවරණය වීම (දරුණු වීෂබීජ සහ හානිකර රසායන ද්‍රව්‍ය), අධි රුධිර පීඩනය සහ හෘද රෝග, දරුවාට මවුකිරි නො දෙන්නේ නම් ඇති විය හැකි අනිටු විපාක වේ.
දියවැඩියාව, අධි බර සහ ස්ථුලතාව, අස්ථි දුර්වල වීම (ඔස්ටියෝපොරෝසිස්), පියයුරු, ඩිම්බකෝෂ හා ගර්භාෂ පිළිකා, අධි රුධිර පීඩනය හා හෘදායාබාධ වැනි රෝගවලට වැඩියෙන් ගොදුරු වීමේ අවදානම මවුකිරි නො දුන් දරුවන්ට ඇති වේ.
ආනයනික කිරි පිටි වල අඩංගු කිරි මේදය වෙනුවට ෆාම් තෙල් හා ඌරු තෙල් මිශ්රයි…
කිරිපිටිවල යොදේ තිබෙන උරු තෙල් මුස්ලිම් දරුවන්ට බල පාන්නේ කෙසේද?