ආනයනික සහල්වල අධික විෂ.. පිටින් දැමූ ගුල්ලන්ද මිය යයි.. කෑවොත් ජන ජීවිත අවධානමේ..

February 19, 2017 at 8:40 am | lanka C news
ආනයනික සහල්වල අධික විෂ.. පිටින් දැමූ ගුල්ලන්ද මිය යයි.. කෑවොත් ජන ජීවිත අවධානමේ..

රජය විසින් ජනතාවට අඩු මිලට ලබා දීම සදහා විදේශයන්ගෙන් ආනයනය කර ඇති සහල් උග‍්‍ර විෂ සහිත ඒවා බවට සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය චෝදනා කරයි.

එම සංවිධානයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා කොලඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේ මෙම හාල්වලට පිටින් දමන ලද ගුල්ලෙක් විනාඩි 40ක පමණ කාලයකදී මිය ගිය බවයි.

මෙම හාල්වල කලු ඇට ඇති බවත් ඒවා පදුව ඒක කරන ඇට වර්ගයක් බවත් කී ඔහු කල් තබා ගැනීම සදහා විධ අධික රසායනික එක්කර ඇති බවටද චෝදනා කලේය.

මෙම සහල් ආහාරයට ගැනීම ජනතාවගේ සෞඛ්‍යට අධික අවදානමක් යයිද ඔහු කියා සිටියේය.

0 views

One Comment to “ආනයනික සහල්වල අධික විෂ.. පිටින් දැමූ ගුල්ලන්ද මිය යයි.. කෑවොත් ජන ජීවිත අවධානමේ..”

  1. Gihan says:

    තුක් නොදකින්. තවත් වෙනස හොදයි කිය කියා උඩ දාගෙන ගිහින් දීපල්ලා. හාමු මහත්තයා අගමැති වෙන එක ඔක්කොටම වඩා වැදගත්තේ අපෙ හාල්පාරුවන්ට.

Main News