ආනයන තහනම මැද සැප වාහන 400ක් කොළඹ වරායේ ගොඩබායි..

October 27, 2021 at 9:20 am | lanka C news
ආනයන තහනම මැද සැප වාහන 400ක් කොළඹ වරායේ ගොඩබායි..

වාහන ආනයනය තහනම් කර තිබියදී ආනයනය කරන ලද වාහන 400කට ආසන්න ප්‍රමාණයක් කොළඹ වරායේ ගොඩබා තිබේ.

එම වාහන ප්‍රමාණය රාජසන්තක කරනවා ද නැද්ද යන්න පිළිබඳව ශ්‍රී ලංකා රේගුව විසින් මුදල් අමාත්‍යාංශයෙන් විමසමින් ලිපියක් යොමු කර තිබේ.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ රජය විසින් වාහන ආනයනය තහනම් කිරීමෙන් පසු මෙම වාහන ඇනවුම් කර ඇති නිසා වාහන ආනයනය දැනට ක්‍රියාත්මක නීතියට විරුද්ධ බව රේගු දෙපාර්තමේන්තුව එම ලිපියෙන් දැනුම් දී ඇත.

මෙම වාහන තර අධි සුඛෝපභෝගී වාහන තුන්සීයකට අධික ප්‍රමාණයක් ඇති බවද සඳහන්ය.

එම වාහනවලින් වැඩි ප්‍රමාණය බලපත්‍ර ක්‍රමය යටතේ ජපානය හා බ්‍රිතාන්‍යයෙන් ගෙන්වන ලද ඒවා වෙයි.

126,038 views

24 Comments to “ආනයන තහනම මැද සැප වාහන 400ක් කොළඹ වරායේ ගොඩබායි..”

  1. Gamarala says:

    නායකයාගේ දුබල ගති නිසා මේ දේවල් සිදුවන්නේ අපි යන්නේ කොයි පාරේ හිටන් ගිය පාරේ

    • saman says:

      වැඩි හරියක් ගෙන්නල තියෙන්නේ නායකයගේ ගෝලයෝ

  2. 69 MIN BAIYOO says:

    දේශප්‍රේමය තමා ඉතින්. 😄😄😄😄😄

    කන්ඩ වගා කරන්ඩ පෝර ගේන්ඩ සල්ලි නැති, පෙට්‍රොල් ගෙන්නන්ඩ, සමෘධි ලාභීන්ට මාසික දීමනාව දිගන්ඩ,ගුරුවරුන්ට පඩි ගෙවන්ඩ, අතවශ්‍ය බෙහෙත් ගෙන්නන්ඩ සල්ලි නැති රටේ, permit වලට සුපිරි වාහන ගේන්ඩ සල්ලි තිබිලා.

  3. iceberg slim says:

    හෆ්ෆා නියම වෙලාවට බඩු ලැන්ඩ් කරේ … දැන් ඉතින් රටවැසියා ට ඔව්වා තම්බගෙන කන්ඩ ඇහැකි ..,

  4. Sunil Perera says:

    රාජපක්ෂ පරම්පරාවේ හොරකම්, දුෂණ ජාති ජාතිත් නවත්තන්නේ නෑ. කාලකන්නි හතිකරයක්. ඒ වගේම අපේ අමන මිනිස්සු උන්ට
    බැලමෙහෙවරකම් කරන එකත් දිගටම කරනකල් මුන්ට පාඩමක් උගන්වන්නත් බෑ…

  5. David Milli-banda says:

    Psssst !!!!!!!!!!!!!!!!! Sagara Kariyawasm ge.
    Dan Deshapaluwo weda patan ganna yanawa. Corona iwarai.

  6. sudhumalli,nanayakkara says:

    keri suruttu ballanta Luxary cars!!!umbala hithuwada umbala oil scheik la kiyala… palayalla umbala Gong karaththawala!!! suruttu paiia..

  7. බමිබූව ඔන්න ඕක එක ලියුමකින් නිදහස් කරන්න says:

    දාහට අඩූයි. සීනි වගේ දීල දාන්න පස්සෙ බිලක් දාලා සූදූ ලූණූ ගිල්ල වගේ ගිලල දාමූ

Main News