ආනයන තහනම මැද සැප වාහන 400ක් කොළඹ වරායේ ගොඩබායි..

October 27, 2021 at 9:20 am | lanka C news
ආනයන තහනම මැද සැප වාහන 400ක් කොළඹ වරායේ ගොඩබායි..

වාහන ආනයනය තහනම් කර තිබියදී ආනයනය කරන ලද වාහන 400කට ආසන්න ප්‍රමාණයක් කොළඹ වරායේ ගොඩබා තිබේ.

එම වාහන ප්‍රමාණය රාජසන්තක කරනවා ද නැද්ද යන්න පිළිබඳව ශ්‍රී ලංකා රේගුව විසින් මුදල් අමාත්‍යාංශයෙන් විමසමින් ලිපියක් යොමු කර තිබේ.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ රජය විසින් වාහන ආනයනය තහනම් කිරීමෙන් පසු මෙම වාහන ඇනවුම් කර ඇති නිසා වාහන ආනයනය දැනට ක්‍රියාත්මක නීතියට විරුද්ධ බව රේගු දෙපාර්තමේන්තුව එම ලිපියෙන් දැනුම් දී ඇත.

මෙම වාහන තර අධි සුඛෝපභෝගී වාහන තුන්සීයකට අධික ප්‍රමාණයක් ඇති බවද සඳහන්ය.

එම වාහනවලින් වැඩි ප්‍රමාණය බලපත්‍ර ක්‍රමය යටතේ ජපානය හා බ්‍රිතාන්‍යයෙන් ගෙන්වන ලද ඒවා වෙයි.

127,201 views

24 Comments to “ආනයන තහනම මැද සැප වාහන 400ක් කොළඹ වරායේ ගොඩබායි..”

  1. Jagath says:

    දේශප්‍රේමය තමා ඉතින්. 😄

  2. Appuhamy says:

    ජයවේවා !…….

  3. PD says:

    SEND THEM BACK. One Law. One Nation right?

    ENFORCE the law.

  4. Saman says:

    රට මුහුනපා ඇති අන්ත අසරණ අවස්තාවේ. මේ තරම් විදේශ විනිමයක් කාබාසිනා කරමින් සුඛෝපබෝගී වාහන ගෙන්වීමේ පිටුපස සිටින්නේ කවුද කියා මුලු රටම දන්නවා. රට විනාශකිරීමටම රටේ අවාසනාවට උපන් මේ කාලකන්ණින්ගේ හත්මුතු පරම්පරාවම හැදිගෑවිලා යන්ඩ කියල තමා මුලු රටේම ජනතාව ඉල්ලන්නේ .බලපල්ලා ඉතාම නුදුරේදීම රටම අපේක්ශාවෙන් සිටින ඒ සුබ ආරංචිය ලැබෙනවා.

    • පෝ සතා says:

      අනේ පලයං බං යන්න , ඉරිසියා කාරයා .

      • SANDUN DHAMMIKA says:

        මේ රටේ ඉර්ර්ශා කාරයෝ නැති එකනේ ප්‍රශේනේ වෙලා තියින්නේ දැන්.
        එහාම් ඉර්ර්ශා කාරයෝ ඉන්නවනම් කොච්චර දෙයක්ද ?

    • KalaniNaya says:

      එහෙම වෙනවනං කොච්චර එකක්ද…. එහෙම වෙන්නැති හින්දනේ මේ රට දාල යන්ඩ වෙන්නේ

  5. sunil mala says:

    කොහොමද ටිකිරි මොලේ, සුපිරි වාහන ටික රාජසන්තක කරනවා, ඊට පස්සේ ඇමතිලට මන්ත්‍රීලට බෙදනවා

    • බොරු ෂෝ says:

      හා හා ඉතින් එයාලට ම ගෙන්නපු බඩු තමයි. ෂෝයි එකට පත්තර වල මොනවා හරි දායි.

  6. Podi Eka says:

    කන්ඩ වගා කරන්ඩ පෝර ගේන්ඩ සල්ලි නැති, පෙට්‍රොල් ගෙන්නන්ඩ, සමෘධි ලාභීන්ට මාසික දීමනාව දිගන්ඩ,ගුරුවරුන්ට පඩි ගෙවන්ඩ, අතවශ්‍ය බෙහෙත් ගෙන්නන්ඩ සල්ලි නැති රටේ, permit වලට සුපිරි වාහන ගේන්ඩ සල්ලි තිබිලා.

  7. Sandun Dhammika says:

    මිනිසුන්ගේ ගොන්කම තමයි ඉතින්, රාජ්‍ය පාලකයාව තද කරලා යට කරලා තමන්ට දේ කර ගන්න බැරි මෝඩකම. ඉස්සර මිනිස්සු අජාසත්ත රජතුමාගෙනුත් ඔයට වැඩිය වැඩ ගත්ත. මිනිස්සුන්ගෙන් වී ඇටයක දෙයක් අරගෙන මිනිස්සුන්ට ඕනේ ඔක්කොම ප්‍රජා දේවල්, කොටින්ම කිවොත් පෙම් කෙලින්න ඕනේ කරන ඉසුරුමුණි උයන පවා හදල දුන්න , දැන් මිනිස්සු පෙම් කෙල්ලන ඕනේ උනාම එක කරන්නෙත් කෝච්චියේ, මුහුදු වෙරළක එහම නැත්තම් ප්‍රසිද්ද තැනක.

    රාජ්‍ය පාලකයාගෙන් වැඩ ගන්නවද , උට කබුරනවද ? තීරණය ඔබේ අතේ.
    හරක් හිටියට කමක් නැහැ, උමබෑ comment එපා. මටත් ඉතින් ලැජ්ජාවක් නැහැ නේ. දන්නවනේ මන් ගැන.

  8. nim says:

    these 400 vehicles imported without LCs while LC band is there. pl disclose the names of importers

  9. Saliya says:

    බොරු දාන්න එපා ඕයි. ඕව තහනම් කරේ නැව මුහුදෙ තියෙනකොට. ගැසට් ගහන්නෙ මහ රෑ. ඕව තහනම් කරල තියෙනකොට දාපු වාහන නෙවෙයි.

  10. saman says:

    එහෙම අවුලක් නෑ, අපි හැමදාම කඩේ යමු, දෙපැත්තට බෙදිලා බැනගමු.

Main News