ආනයන සීමා කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලැබී නෑ…- ජාතික විගණන කාර්යාලය

August 7, 2022 at 8:40 am | lanka C news
ආනයන සීමා කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලැබී නෑ…- ජාතික විගණන කාර්යාලය

විදේශ විනිමය රැක ගැනීම සදහා 2021 වසරේදී ඇතැම් භාණ්ඩ ආනයනය සිමාකලද ඉන් අපේක්ෂිත ප්‍රතිපල ලැබී නැති බව ජාතික විගණන කාර්යාලය සදහන් කරයි.

ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ එසේ ආනයන සීමා කල භාණ්ඩ බලපත්‍ර ක‍්‍රමයක් යටතේ ආනයන කිරීම මත මෙම තත්වය උදා වී ඇති බවයි.

2021 වසරේ ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධනය පිළිබඳ සිය නිරීක්ෂණ ඉදිරිපත් කරමින් ඔවුන් මේ බව සදහන් කරයි.

2018 වර්ෂයට සාපේක්ෂව 2021 වසරේදී ආනයන බලපත්‍ර ආදායම 47% කින් ඉහළ යාමෙන්මේ බව පෙන්නුම් කරන බවද වාර්තාව කියා සිටී.

5,104 views

3 Comments to “ආනයන සීමා කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලැබී නෑ…- ජාතික විගණන කාර්යාලය”

  1. Lalla says:

    අධි සුඛෝපහෝගී ඉහල මිල මොබයිල් වැනි දේ සපුරා තහනම් කර අත්‍යාවශ්‍ය වන යම් සීමාවක ස්මාට් මොබයිල් පමණක් ගේන්න ඉඩ දෙන්න. අනික ඇපල් මිදි වැනි විදේශීය අමු පලතුරු අවුරුදු දෙක තුනකට තහනම් කරන්න. ආනයනික මස් මාලුත් එසේමයි.මම දැක්ක චීනෙන් ගෙන්වන ලද දැල්ලො පැකට්. ලංකාව තුල මස් මාලු පලතුරු නිපදවන්න උදව් කරන්න. නිශ්පාදන ප්‍රවාහන සේවය කඩා වැටිල.

    • LOL says:

      අනිවාර්යෙන් එකම වැඩය කරන වඩා වැඩි මිල ඇති භාණ්ඩ ගෙන්වීම ට අධික බදු දමන්න උදා ඇපල් ෆෝන් ,කොම්පියුටර ඉතාම මිල අධිකයි එය තම සමාජ තත්ත්වය ධනවත් කම පෙන්වීමට හැර වෙනත් කිසිම ප්‍රයෝජනයක් නෑ.බෙන්ස් ,අවුඩි , බී එම් ඩබ්ලියු වාහන ඉත්ම මිල අධිකයි එසේම පිටරට චොකොලට් ,ටොෆි,චීන ප්‍රමිතියක් නැති ටොෆි හා අනෙකුත් කෑම වරග නැවත වන්න

  2. JR says:

    ඒක වෙන්න බෑ… විගණනය කරන අයවත් විගණනය කලයුතුයි…. කිසිම වැඩකට නැති ප්ලාස්ටික් සෙල්ලංබඩු, බාල විදුලි උපකරණ… වගෙ චීන ප්ලාස්ටික් නිෂ්පාදන විතරක් ගෙන්වීම නතර කලත් ඇති රටේ ඩොලර් ඉතුරු වෙන්න. එවායින් ලැබෙන කොමිස් කන අය විගණනය කලාට වැඩක් නෑ… ඔක්කොම අස්කරල හිටං අලුත් අය දාල විගණනය කරලා බලනන බඩුම තමයි… ජරාව කාල හොරට විගණනය කරන්ක ඕන ගොනෙකුට පුලුවනි..