ආනවිලුන්දාවේ එලි පෙහෙලි කලේ පැවති ඉස්සන් කොටුවක්.. අලුත් එකක් නොවෙයි..

September 2, 2020 at 3:00 pm | lanka C news
ආනවිලුන්දාවේ එලි පෙහෙලි කලේ පැවති ඉස්සන් කොටුවක්.. අලුත් එකක් නොවෙයි..

පුත්තලම ආනවිලුන්දාව රැම්සා අභය භූමියට අයිති කිසිම ස්ථානයක් අලුතෙන් එළිපෙහෙළි කිරීමක් සිදුව නැති බව රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

එහි සිදුව ඇත්තේ පැවති පොකුණක මඩ ඉවත් කර සුද්ද පවිත‍්‍ර කිරීම පමණක් යයිද ඔහු පැවසීය.

මෙම ප්‍රදේශය කුරුලු අභය භූමියක් ලෙස නීතිගත කිරීමෙන් පසු පැවති පොකුණුවලට බලපත්‍ර ලබාදීම නැවතුණු බවත් ඒ නිසා රජයට ද විශාල බදු මුදලක් අහිමි වූ බවත් ඔහු සඳහන් කළේය.

නමුත් ඇතැමුන් බලපත්‍ර නැතිව ද ඉස්සන් වගාව අත්නොහැර සිදු කරන ගිය බවත් ඉස්සන් පොකුණු මෙන්ම කුඹුරුද අක්කර සිය ගණනක් රක්ෂිත සීමාව තුළ අදත් පවතින බවත් ඔහු කියා සිටියේය.

එනිසා තවදුරටත් තාවකාලික පැලැස්තර විසඳුම් නොදී ස්ථිරසාර විසඳුමක් ලබාදීමට කටයුතු කළ යුතු බවද ඔහු පෙන්වා දෙයි.

ඇමතිවරයා මේ බව කියා සිටියේය හලාවත දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

32,792 views

26 Comments to “ආනවිලුන්දාවේ එලි පෙහෙලි කලේ පැවති ඉස්සන් කොටුවක්.. අලුත් එකක් නොවෙයි..”

  1. S.P.Rajasekaram says:

    එක රටක්, එක නීතියක්????????

  2. Sun says:

    The minister if following the former minister Baduddeen and misusing the authority for personal business. We are watching your progress as we. know lot of stories.

  3. B. Anthony says:

    ඔව් මචං ! දැන් බලය ලැබිලා තියෙන එකේ මොනවා හරි කරලා නීතිය නවලා ඕනෙ දේ කර ගන්න එපැයි. ඔක්සිජන් කන්නද? කියලා අහපු පුත්තලම් බූරැවෝ ඉන්න රටක මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැනෙ. ඔක්සිජන් ඕනෙ නෑ. කාබන්ඩයොක්සයිඩ් ආශ්වාස කරළා ඊක්මනින් මේ ලෝකෙට සේවයක් කරපන්.

Main News