ආනවිලුන්දාවේ එලි පෙහෙලි කලේ පැවති ඉස්සන් කොටුවක්.. අලුත් එකක් නොවෙයි..

September 2, 2020 at 3:00 pm | lanka C news
ආනවිලුන්දාවේ එලි පෙහෙලි කලේ පැවති ඉස්සන් කොටුවක්.. අලුත් එකක් නොවෙයි..

පුත්තලම ආනවිලුන්දාව රැම්සා අභය භූමියට අයිති කිසිම ස්ථානයක් අලුතෙන් එළිපෙහෙළි කිරීමක් සිදුව නැති බව රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

එහි සිදුව ඇත්තේ පැවති පොකුණක මඩ ඉවත් කර සුද්ද පවිත‍්‍ර කිරීම පමණක් යයිද ඔහු පැවසීය.

මෙම ප්‍රදේශය කුරුලු අභය භූමියක් ලෙස නීතිගත කිරීමෙන් පසු පැවති පොකුණුවලට බලපත්‍ර ලබාදීම නැවතුණු බවත් ඒ නිසා රජයට ද විශාල බදු මුදලක් අහිමි වූ බවත් ඔහු සඳහන් කළේය.

නමුත් ඇතැමුන් බලපත්‍ර නැතිව ද ඉස්සන් වගාව අත්නොහැර සිදු කරන ගිය බවත් ඉස්සන් පොකුණු මෙන්ම කුඹුරුද අක්කර සිය ගණනක් රක්ෂිත සීමාව තුළ අදත් පවතින බවත් ඔහු කියා සිටියේය.

එනිසා තවදුරටත් තාවකාලික පැලැස්තර විසඳුම් නොදී ස්ථිරසාර විසඳුමක් ලබාදීමට කටයුතු කළ යුතු බවද ඔහු පෙන්වා දෙයි.

ඇමතිවරයා මේ බව කියා සිටියේය හලාවත දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

32,792 views

26 Comments to “ආනවිලුන්දාවේ එලි පෙහෙලි කලේ පැවති ඉස්සන් කොටුවක්.. අලුත් එකක් නොවෙයි..”

  1. Alapaluwa says:

    කොහොමත් මෙයාට ඔක්සිජන් අවශ්‍ය කෙනේකු නොවේ එමනිසා මේ කඩොලාන ගැන එතරම් දැනීමක් එදා සිටම මේ මනුෂ්‍යාගේ සිතේ පැළපදියන් වූ බැවින් මේ කළ විනාසයට ගරු ජනාධිපතිතුමෙනි පාට පක්‍ෂයනොබලා අන් අයටත් දැනෙන්න මෙයාගේ මේ බලපුළුවන්කාර කමට උපරිමයෙන් දඩුවම් කරන්න කියා අපි ඉල්ලා සිටිනවා එය ඔබගේ ප්‍රතිපත්ති වලටද ඉතාමත් වටීවි.

  2. රටවැසි says:

    ජනාධිපති තුමනි කෙවිට නැතුව බැරි වෙයි වගේ . සත්තු ටික වගාවට හානි කලොත් ගොපල්ලට තමයි දොස්මුරේ .

  3. මීගමුවෙ කඩොලාන විනාශය කරපු, ඔක්සිජන් ඕන නැහැ කියපු, හෙල්මට් නැතිව මෝටර් සයිකල් පදින්න තහනම් බව දන්නේ නැහැ කියපු මේ පකිස් බුරුවා පාර්ලිමේන්තුවට යවපු පුත්තලම් බුඋරුවන්ටත් රෙවෙන්න මේකගෙ ඇමතිකම ගැලෙව්වේ නැත්නම්, ගොටාභය ජනාධිපති තුමාට ඉදිරියටත් මු නිසා ජනතා අප්‍රසාදයට පත්වෙන්න සිදුවේවි

  4. UNP GAL IBBA says:

    මේ වගේ මොලේ නැති හරක් පාර්ලිමේන්තුවට ඇරියම මේ වගේ බූරුකතා තමා කියන්නේ කුරුලු අභය භූමියක් ලෙස නීතිගත කොරාට පස්සේ මුගේ බූරුවන් ඒක නැවතත් ඉස්සෝ වගා කොරන්න යන්නේ ?????

    • Puttalam citizen says:

      උඹ කියන්නෙ අපි බූරුවො කියලද? අපේ ඡන්ද හින්දයි 2/3 හම්බුනේ.

  5. MR says:

    මේ වගේ අපතයෝ නැවත නැවතත් චන්දයෙන් පත් කරන්න තරම් මේ රටේ ජනතාව මුලා වෙලා ඉන්නේ. මොනවා කරන්නද .මේක අපේ රටේ අවාසනාව කියල බලා ගෙන ඉන්න තමා වෙලා තියෙන්නේ.

  6. Gorilla says:

    Mu ranganawa wadiyi

  7. Luxman says:

    අමාරුවෙන් හදාගත්ත ආණ්ඩුව අපකීර්තියට පත්කරන්න වගේ යන්නේ. ජනාධිපතිතුමනි මේ වගේ අයගෙ අඩුම ගාන කටවත් වහලා තැනේ තියන්න වෙයි නේද.

  8. saman says:

    ඔව්, ඔබතුමා හරියටම හරි. ඔබතුම කරන හැමදේම ජනතාව අනුමත කරලා ඉවරයි. සියලුම වනාන්තර කපා දමා රටම ස0වර්දනය කරන්න. තව අවුරුදු 4ක් විතරයි තියෙන්නේ.

  9. ගමේ වෙදා says:

    මේ වගේ අමනයන්ව පාලනය නොකලොත් එජාපයට වූ දෙය පොදු පෙරමුණට වීමට වැඩි කලක් යන එකක් නෑ

  10. කොයින් මැණිකා says:

    අනේ මේ සනත් නිෂාන්තයව අත් අඩංගුවට ගන්න කෙනෙක් නැද්ද. හෙල්මට් නැතුව බයික් පදවන්නේත් මූ නේද?

Main News